Posted on 12.13.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
කොන්දේශි නොමැතිව උතුරු කොරියාව සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා සදහා සූදානම් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටීලර්සන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මේ බව ඊයේ පවසා ඇත්තේ වොෂින්ටනයේ පැවැති ප්‍රතිපත්ති පිළිබදව අධ්‍යනය හමුවකදීය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ මෙම ප්‍රවේශය සම්බන්ධයෙන් අදහස් පළකරන දේශපාලන විශ්ලේශකයෝ අදහස් පළකරමින් පවසා ඇත්තේ මීට පෙර උතුරු කොරියාව සමග සාකච්ඡා පවත්වන්නේ ‘ඔවුන් නිරායුධ වන්නේ නම් පමණක් බවයි‘. ඒ අනුව මෙම නව ප්‍රවේශයෙන් එක්සත් ජනපදයේ එම ස්ථාවරයේ යම් වෙනසක් සිදුව ඇති බව පෙනේ.
නමුත් සාකච්ඡා සදහා පුර්ව කොන්දේශි නොමැතිව ඕනෑම අවස්ථාවක උතුරු කොරියාව සමග සාකච්ඡා පැවැත්විය හැකි බවට රෙක්ස් ටිලර්සන්ගේ නව ප්‍රවේශයෙන් ඇගවුම් කරන්නේ සිය පාර්ශ්වයෙන් මතුව තිබූ සාකච්ඡා සදහා වූ පූර්ව කොන්දේශි ඉවත් කරගෙන බව පෙනීයයි. කෙසේ වෙතත් පසුගිය ආස්න්න දිනක රුසියානු විදෙස් ඇමැති සර්ජි සර්ජි ලැව්රෝව් විසින් වියට්නාමයේදී උතුරු කොරියානුවන්ගේ පණිවුඩයක් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවූ අවස්ථාවේදී ලබා දුන් බව විදෙස් මාධ්‍ය හෙළිකර තිබුනි.
මේ වනවිට අතිශය අවධානම්කාරී තත්වයක් දක්වා උණුසුම්ව ඇති කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම පසුගිය සති කිහිපය තුල වඩාත්ම උණුසුම් වූයේ එක්සත් ජනපදය, ජපානය හා දකුණු කොරියානුවන් විසින් සිය නවීනතම ගුවන් හමුදා ප්‍රහාරක යානා යොදවා කරනු ලැබූ ඒකබද්ධ ගුවන් මෙහෙයුම් නිසාවෙනි. න්‍යෂ්ඨික අවි ගැටීමේ මුව විටට පැමිණ තිබෙන කොරියානු යුද උණුසුම යම් ආකාරයක හෝ මෙම සාකච්ඡා සදහා දෙපාර්ශ්වයේ මැදිහත්වීමකින් ආරම්භ වුවහොත් මිලියන ගණනාවක ජනතාවගේ යුද්ධයක් ඇතිවීමේ බිය යම් පමණකට පහව යනු ඇත.
දේපාර්ශවයම සිය යුද සැලැසුම් හා යුද අභ්‍යාස තිවෘ කළත් යුද්ධ ආරම්භ වුවහොත් එහි භයානක කමත් ඉන් පසු සිදුවිය හැකි ආදීනව හොදින්ම දන්නා නිසා යම් හෝ මට්ටමකින් දෙපාර්ශය අතර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම පෙළඹෙනු ඇත.
අනෙක උතුරු කොරියාවේ අසල්වැසියන් ලෙස සිටින චීනය හා රුසියාව විසින් සිය දේශසීම ආසන්නයේ න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීමේ අවස්ථාව කෙසේ හෝ මගහැරයාමේ ක්‍රමවේදයක් වෙත මෙම පාර්ශවයන් යොමුකරනු ඇතැයි පෙනේ.