Posted on 12.14.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
රුසියානු ආරක්ෂත අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් උතුරු කොරියානු අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙසේ පැමිණී පිරිසට ඉහතින්ද තවත් ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් උතුරු කොරියාව වෙත පැමිණි තිබේ.
මේ මොහොත වන විට උද්ගතව ඇති යුද අවදානම් තත්වය හේතුවෙන් මෙම පිරිස උතරු කොරියානු නායකත්වය සමග සාකච්ඡා කිරීමෙන් මෙම ප්‍රශ්නය විසදා ගැනීමේ අරමුණෙන් පැමිණ තිබෙන බව වාර්තාවේ. ඊයේ දිනයේදී එත්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් උතුරු කොරියාව සමග සෘජුවම සාකච්ඡා කිරීමට සූදානම් බව පැවසීමත් සමග මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග උත්සන්න කර ඇති බව පෙනේ.
ඊයේ පියොංයෑන් අගනුවරට පැමිණි රුසියානු කණ්ඩායමේ නායකත්වය දන්නේ රුසියානු ජාතික ආරක්ෂක අණ දෙන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වන වික්ටර් කල්ගනොව් විසිනි. ඔවුන් සතියක් පමණ උතුරු කොරියානු රැදී සිටිමින් අදාල බලධාරීන් මුණගැසෙනු ඇතැයි විදෙස් මාධ්‍ය හෙළි කරයි.
මෙම පිරිස උතුරු කොරියාව බලා පිටත්වීම පිළීබදව රුසියානු විදෙස් කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශ වැඩිදුර තොරතුරු ප්‍රකාශකර නැතත් කොරියානු අර්ධද්වීපයේ මේ වන විට මතුව තිබෙන අවදාම් තත්වය සියලු පාර්ශවයන් විසින් රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා මාර්ගයෙන් විසදාගතයුතු බවය.
යම් කෙනෙකු විසින් හෝ බලය පාවිච්චි කිරීමේ හෝ තවදුරටත් කරනු ලබන ප්‍රකෝපකිරීම් වහාම නතර කර දේශපාලන සංවාදයක් හරහා මෙම ගැටලුව විසිදා ගැනීමට උත්සුක විය යුතු බවයි පෙන්වාදී ඇත.
විශේෂයෙන් චීනය හා රුසියාව තම දේශසීම ආසන්නයේ න්‍යෂ්ඨික අවි ගැටුමක් කිසිලෙසකත් අපේක්ෂා නොකරයි. ඒ වෙනුවෙන් එම රටවල් දෙක විශේෂයෙන්ම සිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම ගැටලුව විසදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පෙනී යයි.