தமிழ்
English
Contact
Monday 12th March 2018    
සාකච්ඡා සාර්ථකයි, වර්ජන ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ - ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාකච්ඡා සාර්ථකයි, වර්ජන ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති අතර අද(01) දින පැවැත්වුණු සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් නැවතත් වැඩවර්ජන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ නොවීමට තීරණය කල බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

අද(01) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවතුනු මෙම සාකච්ඡාවේදි ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයන් සැලකිල්ලට ගෙන අදාල තීරණය ගත් බව එම එකමුතුවේ කැදවුම්කරු ඩි.ජේ. රාජකරුණා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

පසුගිය 24 වනදා හම්බන්තොට තෙල් ටැංකි සංකිර්ණය චීන සමාගමකට විකිණීමට විරෝධය ඵලකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කර මිලිටිරිමය මැදිහත්වීමක් හරහා වැඩවර්ජනය මර්දනය කිරීමට කටයුතු කල අතර පසුව ජනාධිපතිවරයාගේ එකගතාවයක් අනුව වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හැරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කරන ලදි.

කෙසේ වෙතත් අදාළ එකගතාවයන් කඩකරමින් ආණ්ඩුව කලින් සැලසුම් කර ගත් පරිදි හම්බන්තොට වරායට අදාළව චීන සමාගම සමඟ ගිවිසුමට එළඹෙන ලදි.