විශ්‍රාම වැටුපට අත නොතබනු! – නාරාහේන්පිට දැනුවත් කිරීම
Posted on 11.11.2017 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය සේවකයන්ගේ පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමට එරෙහිව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය විසින් ඊයේ (10) නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැනුවත් කිරීමක් හා විරෝධතා බැනරයකට අත්සන් එකතු කිරීම සිදු කරනු ලැබීය. සිය විශ්‍රාම වැටුප් හිමිකම නැවත දිනා ගැනීම සඳහා සංවිධානය වීමේ හා අරගල කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එහිදී අවධාරණය කෙරිණි.


