Posted on 12.06.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සමූහ ප්‍රධාන විධායක නිලධාරි දිලිප විජේසුන්දරගේ අකාර්යක්ෂමතාව හා දුර්වල කළමනාකාරිත්වය නිසා ආයතනය ඇද වැටී ඇති අර්බුදකාරිත්වය විසදීමට නම් එම නිලධාරියා ඉවත්කර වහාම පියවර ගත යුතු බවට බලකරමින් ‘සුරකිමු ශ්රී ලංකා ටෙලිකොම් වෘත්තිය සමිති පෙරමුණ’ විසින් අද(06) දින දහවල් ටෙලිකොම් මූලස්ථාන ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර ඇත.
ටෙලිකොම් ආයතනය බැංකු අයිරා මත නඩත්තු වෙන තත්වයක් උද්ගත කිරීමත් සේවක ගැටලු සම්බන්ධ සාධාරණ විසදුම් ලබා නොදීම හා පළිගැනීම් සිදුකිරීමත් පසුගිය දිනවල ආපදාවන්ට ගොදුරු වූ පාරිබෝගිකයන්ට සේවා ප්රීතිස්ථාපනයේදී නිසි පියවර නොගැනීමත් යන හේතු මත මෙම කෑම පැයේ විරෝධතාව පැවැත්වේ.
සුරකිමු ශ්රීැ ලංකා ටෙලිකොම් වෘත්තිය සමිති පෙරමුණ සංවිධානය කර මෙම වෘත්තිය ක්රියාමාර්ගයට ටෙලිකොම් ආයතන සේවකයන් සහ විධායකයන් නියෝජනය කරන ටෙලිකොම් ඉංජිනෙරු සේවා සංගමය, ටෙලිකොම් වෘත්තිය සමිත පෙරමුණ, ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය, ලංකා ටෙලිකොම් සේවා සංගමය, ඒකාබද්ධ ටෙලිකොම් සේවා සංගමය, ටෙලිකොම් වෘත්තිය සමිති සන්ධානය යන වෘත්තිය සමිති සහයෝගය දක්වයි.