தமிழ்
English
Contact
Tuesday 30th January 2018    
බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය පැහැරගැනීමේ උත්සාහය ප්‍රදේශවාසින් විසින් ව්‍යාර්ථ කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය පැහැරගැනීමේ උත්සාහය ප්‍රදේශවාසින් විසින් ව්‍යාර්ථ කරයි



ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායකගේ මැර කණ්ඩායමක් විසින් බදුල්ල දෙමළ බාළිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පැහැරගෙන යාමට අද (19) උදයේ ගත් උත්සාහයක් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත ව්‍යර්ථ වී ඇත.

අර්. භවානි නමැති මේ විදුහල්පතිනියට හමුවට බලහත්කාරි ලෙස පැමිණ ප්‍රධාන ඇමතිවරයා හමුවට යාමට සූදානම්වන ලෙස එම මැර පිරිස විසින් තර්ජනාත්මකව පවසද්දී ගම්වාසින් පැමින ඇය වෙනුවෙන් පෙනී සිටි නිසා ඔවුන් එතැනින් පලා ගොස් තිබේ.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවකු ඇතුළත් කරන ලෙස ප්‍රධාන ඇමතිවරයා විදුහල්පතිනියට කළ බලපෑම් ඇය විසින් සැලකිල්ලට නොගැනීම නිසා ඌව පළාත් මහ ඇමතිවරයා පසුගිය දිනක එම විදුහල්පතිනිය තම නිල නිවසට කැඳවා බලහත්කාරී ලෙස දනගස්වා තිබුනු බව මාධ්‍ය වාර්තා පළ විය. අද උදෑසන යළිත් වරක් මහ ඇමතිවරයාගේ මැර කණ්ඩායමක් පැමිණ ඇත්තේ ඇයව බිය ගන්වා පැහැරගෙන යාමටය. පසුව එහි ළගාවූ මාධ්‍යවේදීන්ට විදුහල්පතිනිය මෙතෙක් බිය නිසා සගවා ගෙන සිටි සත්‍ය සිදුවීම් අනාවරණය කර තිබේ. තමන් වෙත දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කළ තර්ජන නිසා මහ ඇමතිවරයා ඉදිරියේ දනගසන්නට සිදුවූ බව ඇය වැළපෙමින් මාධය හමුවේ ප්‍රකාශ කළාය.

එදා ඔවුන් තමන්ට තර්ජනය කළේ සිද්දිය ගැන මහ ඇමතිට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකුත් තමන්ට එසේ බලපෑම් කළ බව ඇය හෙලි කළාය. කිව්වා. එහිදී තමන්ගේ කට උත්තරය ලියා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් බවද ඇය කියා සිටියාය.