Posted on 01.22.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
උෟව මහඅැමතිවරයාෙග් ක්‍රියාකලාපය නිසා හිරිහැරයට පත් බදුල්ල දෙමළ මහ විදුහලේ විදුහල්පතිනියට යුක්තිය ඉටුකරන්නට කටයුතු කරන ලෙස බලකරමින් විරෝධතා මාලාවක් පැවැත්වීමට ලංකා ගුරු සංගමය අැතුළු ගුරු සංගම් සූදානම් වෙති.
පසුගියදා විදුහල්පතිනිය විසින් හෙළිකළ අන්දමට අැය මහඅැමති නිල නිවාසයට කැදවා තදින් අපහාස කරමින් බැණ වැදී අැත. ඉන්පසුව අැයට දනගසන්නට බලපෑමක් සිදුකළ බව විදුහල්පකිනියගේ පාර්ශ්වයෙන් අදහස් පළ වේ. මේ අතර තවත් මූලාශ්‍ර දක්වන්නේ මහඅැමතිවරයා තදින් ෙදා්ෂාරෝපණය කළ විට අැය බියට පත්ව වැද අැති බවයි. මෙවැනි ස්වෙච්ඡාවෙන් වැදීමක් කර අැත්නම් විදුහල්පතිනිය රාජ්‍ය සේවය හෑල්ලු කර අැති නිසා විනය පරික්ෂන කළ යුතු බවටද අැතැම් පාර්ශ්ව කරුනු දක්වා අැත. කෙසෙෙවතත් මේ සිදුවීම නිසා උෟව මහඅැමතිවරයා පළාත් අධයාපන අැමතිධුරයෙන් ඉවත් වී අැත.
විදුහල්පතිනියට සිදුව අැති අගතිය සම්බන්ධව වහාම පියවර ගන්නා ෙලස ෙපාලිසියට පැමිනිලි කළ බවද යුක්තිය ඉටුවන තෙක් අරගල කරන බවද ලංකා ගුරු සංගමයේ ෙල්කම් ජෝශප් ස්ටාලින් පවසයි.