විශේෂාංග – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Mon, 01 Jul 2019 09:41:01 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png විශේෂාංග – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 නව පුවත්පත් කලාවක මංසලකුණු තැබූ ‘ලක්බිම’ නිහඩ වේ! https://www.lankaviews.com/lakbima-silenced/ https://www.lankaviews.com/lakbima-silenced/#respond Sat, 29 Jun 2019 18:12:32 +0000 https://www.lankaviews.com/?p=38037 ප්‍රමාද වී හෝ ඒ ඇත්ත සටහන් කළ යුතුව ඇත. මා දන්නා පත්තර කලාව ආරම්භ වන්නේ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, ජුලියස් ෆුචික් වැන්නවුන්ගෙනි. එහෙත් දයාසේන මහත්තයා කී ආකාරයට, පත්තරකාරයන්ට ලියන්නට නිදහස ඇත්තේ ‘කඹය දිගේලි කළ ගවයකුට තණකොළ උලාකෑමට ඇති වපසරිය’ වැනි සීමාවක පමණි. අපේ කාලයේදී මානවවාදී පුවත්පත් කලාව, ධනපති පාලකයන් විසින් අධික්ෂණය කරනු ලැබ වානිජවාදී […]

The post නව පුවත්පත් කලාවක මංසලකුණු තැබූ ‘ලක්බිම’ නිහඩ වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
ප්‍රමාද වී හෝ ඒ ඇත්ත සටහන් කළ යුතුව ඇත.

මා දන්නා පත්තර කලාව ආරම්භ වන්නේ දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, ජුලියස් ෆුචික් වැන්නවුන්ගෙනි. එහෙත් දයාසේන මහත්තයා කී ආකාරයට, පත්තරකාරයන්ට ලියන්නට නිදහස ඇත්තේ ‘කඹය දිගේලි කළ ගවයකුට තණකොළ උලාකෑමට ඇති වපසරිය’ වැනි සීමාවක පමණි. අපේ කාලයේදී මානවවාදී පුවත්පත් කලාව, ධනපති පාලකයන් විසින් අධික්ෂණය කරනු ලැබ වානිජවාදී පත්තර සමාගම්වල කඹය දිගේලි කරන තරමට කෙටි වේ. උඩු ගං බලා යන්නට මට පත්තර කලාවෙන් මග පෙන්වූවෝ අතරට එකතුවන තවත් නම් ඇත. ඒ මා පත්තරකාරයෙක් කළ ආදරණීය පත්තර සගයන්ය. අභියෝග මැද වැඩ කරමින් දුක් පීඩා මැද, මරණ තර්ජන මැද පත්තරවල වැඩ කළ ඒ සුන්දර ගැහැණු හා පිරිමි ආදරයෙන් සිහිපත් කරමින් ‘ලක්බිම‘ නිහඩවීමේ පුවත සටහන් කරන්නට සිදුව ඇත.

නව පුවත්පත් කලාවක් සටහන් කළ ‘ලක්බිම ඉරිදා සංග්‍රහය‘ පුවත්පත ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නට සුමති පුවත්පත් සමාගම තීරණය කර තිබේ. රේස් පත්තර ප්‍රකාශයට පත් කිරීමට ආරම්භ කළ ආයතනයක් ලෙස සුමති ආයතනය බිහි කරනු ලැබුවේ යූ.ඩබ්. සුමතිපාල විසිනි. ඔහුගේ පුතුන් වන තිලංග සුමතිපාල හා ජගත් සුමතිපාල මේ වනවිට මිය ගිය පියාගෙන් පසුව දේපළවලට හිමිකම් කියන අතර ‘සුමති පුවත්පත්‘ ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන්නේ ජගත් සුමතිපාලය.

ලක්බිම පුවත්පත ආරම්භ කරමින් දීර්ඝකාලයක් පැවති නමුත් වාණිජ අභියෝග ජයගැනීම දුෂ්කර බැවින් ලක්බිම දිනපතා පුවත්පත 2018 නොවැම්බර් මස 30 වැනිදා නවතා දමන ලදී. ලක්බිම ඉරිදා සංග්‍රහය දිගටප ප්‍රකාශයට පත් වුවද ජූනි 9 වැනිදායින් එහි ගමනද අවසන් විය.

ලක්බිම පුවත්පතේ විශේෂත්වය වන්නේ විශේෂාංග ලිපි සහ ශිර්ෂපාඨ පිළිබද නව මානයක් සටහන් කිරීමය. දීර්ඝකාලයක් තිස්සේ අභිබවනය කළ නොහැකි ආකාරයේ පුවත්පත් විශේෂාංග ඉදිරිපත් කරමින් එම පුවත්පතේ මාධ්‍යවේදින් තැබු පියවර අනුස්මරණීය වේ. එහිදී පුවත්පතේ සේවය කළ කිත්සිරි නිමල්ශාන්ත(අභාවයට පත්), සුන්දර නිහතමානද මැල් වැනි ප්‍රවීන මාධ්‍යවේදින් ඉටුකළ මෙහෙය සුවිශේෂී වේ.

රේස් පත්තර මුද්‍රණය කරන ආයතනයක් වුවද ඉතිරිවන කඩදාසි යොදාගෙන රැජිණ, සමුදුර වැනි විශේෂ පුවත්පත් ආරම්භ කරමින් එම ආයතනය පුවත්පත් ලෝකයට නව අත්දැකීම් එක්කරන ලදී. ලක්බිම පුවත්පත ආරම්භ කෙරුණේ ඒ වනවිට ‘රිවිරැස‘, ‘සිළුමිණ‘ ‘ලකාදීප‘ හා ‘දිවයින‘ පුවත්පත් විශේෂාංග පුවත්පත් කලාවේ සෑහෙන ඉදිරි පියවර තබා ගිය අවධියකය. තරගකාරී ලෙස ලක්බිම මධ්‍යම පන්තියේ ආකර්ෂනයට ලක් විය. එහෙත් පොදු ජනයා අතර ජනප්‍රිය වන්නට පුවත්පත් කලාව පහත හෙළනු වෙනුවට පාඨක ප්‍රමිතියක් පවත්වාගෙන යන්නට ලක්බිම කටයුතු කාළ්ය. විශේෂයෙන් ලිපි නැවත ලියමින් විශේෂාංග පුවත්පතක් ලෙස නව ආදර්ශයක් එකතු කරන්නට ආරම්භක කර්තෘ මණ්ඩලය උනන්දු වූ බව ඔවුන්ට ගෞරවය පිණිස සටහන් කළ යුතුය. එය අවසන් පුවත්පත දක්වා යම් මට්ටමකින් ආරක්ෂා විය. කෙසේ වෙතත් ලක්බිම අවාසනාවන්ත ලෙස ඇතැම් අවර ගණයේ පුවත්පත්කලා රැලිවලට නතු වෙමින් සිටි බවද නොලියා බැරිය. විශේෂයෙන් මිත්‍යාවන් පදනම් කරගෙන ජනප්‍රියත්වයට තරග කළ ඇතැම් පුවත්පත්වලට තරගයක් දෙන්නට යාමෙන් ‘සුන්දර‘ කතුවරයකු අහිමි කරගන්නට ලක්බිමට සිදු විය.

දේශපාලන වශයෙන් ලක්බිම සේවය කළේ තිලංග සුමතිපාලගේ දේශපාලනයට පමණත් යැයි කීම අඩුවකි. දේශපාලන වශයෙන් ධනපති දේශපාලනය මිස මානවවාදයක් ලක්බිමට තිබුණේ නැත. එය කුමන මානවවාදි පත්තරකාරයා සේවය කළත් පත්තර ආයතනයේ හිමිකාරත්වය පිළිබද කාරණාව හා බැදෙන අනුල්ලංඝණීය සාධකයකි. මැතිවරණ කාලවල අන් පුවත්පත් සේම ලක්බිම සිය පිල් විදහා පෙන්වූ බව අමතක කරමින් එහි ඉතිහාසය ලියන්නට නොහැකිය. එසේම පත්තරකාරයන් පන්නා දමන්නට සහ ඇතැම්විට කාර්යභාරයක් නැති නිකමුන් ලෙස සලකා එළවා දමන්නට පත්තර සමාගම කටයුතු කළ අතර ප්‍රවීණත්වය හෝ කළ සේවය නොසළකා ප්‍රකට මාධ්‍යවේදින් මේ ආකාරයට සුමති පාලනයේ කැමති දේශපාලනයේ දඩු අඩුවට ලක් වූහ.

ලක්බිම නිහඩවුයේ ලක්බිම සතු දුබලතාවයක් නිසාම නොව, මුද්‍රිත මාධ්‍ය සීග්‍රෙයන් නවපරපුරෙන් ගිලිහී යාමේ තත්වයක් පවතින අතරය. සාම්ප්‍රදායික තොරතුරු සැපයුම් මාධ්‍ය විතැන් කරමින් ‘සමාජ මාධ්‍ය‘ පෙරට එමින් තිබෙන අතර සාමාන්‍ය ජනයාගේ මාධ්‍ය ලෙස පුවත්පත් තවමත් ජනයා අතරය. එහෙත් ඉහළ යන ජීවන වියදම නිසා කැපෙන වියදම් අතර එකක් ලෙස පත්තරය සැළකේ. ඒනිසා කම්පාවෙන් වුවද අනුස්මරණීය වූ ලක්බිම පත්තර කලාවට ආයුබෝවන් කියමු. රැකියා අහිමිව ගිය පත්තර කලා සගයන්ට වෙනත් ආයතනවල යහතින් සිය රාජකාරි අරඹන්නට හෝ වෙනත් ආකාරයේ ජීවනෝපාය වෙත හුරුවන්නට හෝ ශක්තිය ධෛර්ය පතමු.

පත්තරකලාවේ හේතු නිසාම පත්තරවලින් පළවා හැරීමේ සහ පත්තර වැසී යාමේ රුදුරු අත්දැකීම හොදින්ම දන්නා ‘පත්තරයක් නැති පත්තරකාරයෙක්‘ ලෙසත්
පත්තරකලාව මියයමින් පවතින එහෙත් ‘පාත්තර කලාව‘ රජකරන සමයක් බැවින්
කවදා හෝ මානවවාදී පත්තර ජනතාව අතර ජනප්‍රියවන, එවැනි මානවවාදී පත්තර ආයතන උපදින දිනක අපි හිනැහෙමු යැයි ඔවුන්ට සුබ පතමු!

The post නව පුවත්පත් කලාවක මංසලකුණු තැබූ ‘ලක්බිම’ නිහඩ වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/lakbima-silenced/feed/ 0
වෛද්‍ය සාෆිට එරෙහි මවුවරු දහසක් – නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත! https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b8%e0%b7%80%e0%b7%94%e0%b7%80%e0%b6%bb/ https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b8%e0%b7%80%e0%b7%94%e0%b7%80%e0%b6%bb/#respond Tue, 18 Jun 2019 11:09:29 +0000 https://www.lankaviews.com/?p=37629 සිංහල බෞද්ධ මව්වරුන් වඳභාවයට පත් කළ බවට චෝදනා කෙරුණු කුරුණෑගල රෝහලේ සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව නැති බව අනාවරණය වෙමින් තිබේ. කුරුණෑගල පොලිසිය විසින් අයථා ලෙස මුදල් රැස් කිරීම පිළිබද චෝදනා යටතේ කුමන්ත්‍රණකාරි ලෙස අත්අඩංගුවට ගන්නා ලද දොස්තර සාෆි කාන්මේතාවන් වද කිරීමේ සැත්කම් කළ බවට චෝදනා කරන ලද්දේ ඔහුගේ […]

The post වෛද්‍ය සාෆිට එරෙහි මවුවරු දහසක් – නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත! appeared first on Lanka Views | Views of the truth.

]]>
සිංහල බෞද්ධ මව්වරුන් වඳභාවයට පත් කළ බවට චෝදනා කෙරුණු කුරුණෑගල රෝහලේ
සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව නැති බව අනාවරණය වෙමින් තිබේ.

කුරුණෑගල පොලිසිය විසින් අයථා ලෙස මුදල් රැස් කිරීම පිළිබද චෝදනා යටතේ කුමන්ත්‍රණකාරි ලෙස අත්අඩංගුවට ගන්නා ලද දොස්තර සාෆි කාන්මේතාවන් වද කිරීමේ සැත්කම් කළ බවට චෝදනා කරන ලද්දේ ඔහුගේ මුස්ලිම් අනන්‍යතාවය භාවිත කරමින් මර්දනය කිරීමේ අරමුණකිනි බව පැහැදිලි වේ. දිවයින පුවත්පතේ ශීර්ෂපාඨයකින් ඔහු සිංහල බෞද්ධ මවුවරු 4000ක් වද බවට පත්කරන්නට සැත්කම් සිදුකර ඇති බවට චෝදනා නගන ලද අතර පසුව එම සංඛ්‍යාව 8000ක් බවට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලදී. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් කුරුණෑගල, දඹුල්ල රෝහල් බලධාරින්ට හා දඹුල්ල පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර මේ වනවිට පැමිනිලි දහසක් ලැබී ඇති බවද කියැවේ. වෛද්‍යවරයාට අදාළ චෝදනා සම්බන්ධයෙන් මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත වුවද එකී වද සැත්කම් සම්බන්ධව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබි නැත.

මේ වනවිට කුරුනෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ කට උත්තර මගින් වෛද්‍යවරයාට එරෙහි පැමිණිලිකරුවන්ගේ පදනම් විරහිත චෝදනා අනාවරණය වී ඇත. වෛද්‍ය සාෆිට මෙවැනි අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඒ හරහා සමස්ත මුස්ලිම් ජනයාටත් ISIS ලේබල් ඇලවීමේ කාර්ය ඉටුකරමින් සිටි මාධ්‍ය ආයතන මෙම සත්‍ය තත්වය වසන් කිරීමට පටන්ගෙන ඇත.

සාෆි යනු ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස හැඳින්වීමෙන් මෙම මාධ්‍ය ආයතන මහත් මුග්ධ ආකාරයෙන් කටයුතු කළ අතර ඔහු සාමාන්‍ය වෛද්‍යවරයෙකි. කුරුණෑගල රෝහලේ
ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු යටතේ එවැනි වෛද්‍යවරු 4ක් පමණ සේවය කරති. ශික්ෂණ රෝහලක ජ්‍යෝෂ්ඨ වෛද්‍යවරු (Senior House Officer) නමින් හඳුන්වනු ලබන එම වෛද්‍යවරුන්ට අමතරව ‘සීමාවාසික වෛද්‍යවරු‘ (Intern House Officer) දෙදෙනෙක් මාස හයකට වතාවක් මාරුවෙන් මාරුවට පත්කරනු ලැබේ. මෙම වෛද්‍යවරු සියලු දෙනා සිසේරියන් සැත්කමකදී යම් යම් වගකීම් දරන අතර හෙදියන්, නිර්වින්දන ශිල්පීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ ප්‍රවීන අත්දැකීම් ඇති පුද්ගලයන් සිටියදී වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කමක් සිය අභිමතය පරිදි සිදුකළ නොහැකිය.

කෙසේවෙතත් පැමැණිලි ඉදිරිපත් කළ ඇතැම් කාන්තාවන් පවසා ඇත්තේ වෛද්‍ය සාෆි සිසේරියන් සැත්කම කෙළ බවය. ඇතැම් කාන්තාවන් කියා සිටින්නේ සැත්කම සිදුකර දින කිහිපයකින් රෝගාතුර වී නැවත වාට්ටුවට ඇතුලත් කළ පසුව ශල්‍යාගාරයට ගෙනගොස් තමන්ට නොදැනීම තමාගේ ගර්භාෂය ඉවත් කර ඇති බවකි. එහෙත් ගර්භාෂය ඉවත් කිරීම වැනි ශල්‍යකර්මයක් සඳහා තීරණ ගනු ලබන්නේ සහ සිදුකරනු ලබන්නේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු විසිනි.

වෛද්‍ය සාෆි සේවය කළ කාල වකවානුව තුළ වෛද්‍ය සාෆි ගේ අධීක්ෂකවරුන් ලෙස ක්‍රියාකර ඇත්තේ පහත සඳහන් ප්‍රසව හා නාරි වෛද්‍යවරු ගනනාවක් සිටින අතර එවුන් මෙම පැමිණිලි සම්බන්ධ කාලයේ වගකීම දැරූ වෛද්‍යවරු නිසා මෙවැනි පැමිණිලි විභාග කරන්නේ නම් එම වෛදයවරුන් සාක්ෂියට කැදවීම හා විමර්ශනයට ලක් කිරීම සිදුකළ යුතුව ඇත.

වෛද්‍ය සාෆිට චෝදනා ඉදිරිපත් කළ ඇතැම් මවුවරුන් පවසා ඇත්තේ ඔහු සිදුකළ සිසේරියන් සැත්කමින් පසු ඇස් පෙනීම දුර්වල වූ බවය. සිසේරියන් සැත්කම පිළිබද වගකීම් ඔහුට පමණක් පැවරිය නොහැකි වුවද එසේ ඇස් පෙනීම දුර්වල වීමේ තත්වයන්ද සැත්කම් සිදුකළ පසුව සාමානයයෙන් දක්නට ලැබෙන අවස්ථා ඇත. ගර්භනී අවදියේ ඇතිවන අධික රුධිර පීඩනය උපරිම තත්ත්වයට පත්වන විට ඇස් පෙනීම දුර්වල විය හැකිය. සැත්කමක් සිදුකරන්නට පෙර මෙවැනි තත්වයන් අධීක්ෂණය කළ යුත්තේ සහ වගකිවයුත්තේ ඒ ශල්‍යකර්මය බාර ප්‍රසව හා නාරි වෛද්‍යවර වෛද්‍යවරයාය.

ඇතැම් මවුවරු චෝදනා කර ඇත්තේ තමන්ට සැක කටයුතු ලෙස කොළපාටින් යුතු පානයක් බීමට ලබාදුන් බවය. හදිසි සීසේරියන් සැත්කම් කිරීමේ දී උදරයේ රැඳී තිබෙන ආහාර
දිරවීම සඳහා දියරයක් ලබාදීම රෝහලක සාමාන්‍ය පිළිවෙතකි. එහිදී පානය කළ ජීර්ණක ද්‍රව්‍ය සම්බන්ධ යම් දෝෂ ඇතොත් එයට වගකිවයුත්තේ රෝහල් පාලනයයි.

චෝදනා ඉදිරිපත් කිරීමේදී පසුගිය වසරේ සහ මෑතක දරුවන් ලැබූ කාන්තාවන් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ තමන්ට නිසියාකාරව ඔසප් ක්‍රියාවලිය සිදුනොවූ බවකි. එහෙත් වෛද්‍යවරු පවසන ආකාරයට කිරි දෙන මවුවරුන්ට සාමාන්‍යෙයන් මේ ආකාරයේ යම් යම් ගැටළු මතුවේ. උපත් පාලන එන්නත් ලබාගනී නම් මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවද ඔවුහු පවසති. කෙසේවෙතත් වෛද්‍ය සාෆි වෙත මෙම චෝදනා නගන මවුවරු නොදන්නා කාරණයක් නම් හාස්‍යජනක කරුණ නම් වෛදයවරයා දඹුල්ල රෝහලට ස්ථාන මාරුවක් ලැබ සිටි නිසා ඒ මවුවරු රෝහලෙන් ප්‍රතිකාර ගත් 2018-2019 කාලවකවානුවේ දී ඔහු කුරුණෑගල රෝහලේ සේවයේ නිරත නොවූ බවයි.

ඇතැම් අවස්ථාවල සිදුකරන ලද පැමිණිලිවල දිගින් දිගටම ඇත්තේ සිසේරියන් සැත්කමෙන් පසු නොකඩවා කොන්දේ කැක්කුමක් තිබෙන බවය. මෙම සැත්කම සඳහා නිර්වින්දන කාර්යය ඉක්මන් කරන්නට පිටකොන්ද ප්‍රදේශයට දෙනු ලබන එන්නතන නිසා සැග්කමට පසුව මෙවැනි වේදනාකාරී තත්වයක් ඇති වේ. එසේම සාමාන්‍යයෙන් කාන්තාවන්ට ඇතිවන ආතරයිටිස් රෝගය නිසාද එය සිදු වේ..

කුරුණෑගල රෝහලේ සිසේරියන් සැත්කම් කළ පසු දෙවෙනි දරුවා නොලැබීම ගැන පැමිණිලි කිරීමට විශාල මවුවරු පිරිසක් පැමිණ ඇත. එම මවුවරුන්ග‍ෙ රෝග විනිශ්චය කාඩ් පත පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වන කරුනු අනුව ඔවුන්ගෙන් බහුතරයකගේ ශල්‍යකර්ම සිදුකර තිබුණේ වෙනත් වෛද්‍යවරුන් ය. මේ අතර සංවිධානාත්මකව වෛද්‍ය සාෆි වෙත චෝදනා යොමු කිරීමට පැමිණිලි ඉදිරිපත් කරන අවස්ථාවේ අදාල තොරතුරු වෙනස් කර සැත්කම සිදු කලේ වෛද්‍ය සාෆි බවට පැමිණිලි සටහන් කරගෙන ඇති බවටද දැනගන්නට ඇත. වෛද්‍ය සාෆි මේ දක්වාම චෝදනාවට ලක්වූ සාමාන්‍ය වෛද්‍යවරු සිය ගනනක් අතර එක් අයෙකු නිසා ඔහු යම් කිසි අපරාධවලට සම්බන්ධ නම් ඒ බව ස්වාධීන පරික්ෂණ මගින් තහවුරු කළ යුතුව ඇත.

වෛද්‍යවරයෙක් කළ වරදක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුත්තේ රෝහල් ප්‍රධානින්ටය. ඉන්පසුව විධිමත් ලෙස ශ්‍රි ලංකා වෛද්‍ය සභාවට හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ බව දන්වා පැමිණිලි විභාග කිරීම කළ යුතුව ඇත. එහෙත් මෙම සිදුවීමේදී එවැනි නිශ්චිත ආයතන පටිපාටියක් අනුගමනය නොකිරීම මෙහි ඇති කුමන්ත්‍රනකාරි ස්වභාවය සම්බන්ධ කදිම නිදසුනකි.

මේ වනවිට මවුවරු 4000ක් පිළිබද ප්‍රචාරය කළද ලැබුණු පැමිණිලි සංඛ්‍යාව ඉතා අඩු වූ බැවින් වෛද්‍ය සාෆි සිටි අවදියේ සිසේරියන් සැත්කම් සිදුකර වසර දෙක තුනක් ගෙවී ඇති කාන්තාවන් ද පොලඹවා ගනිමින් එවැනි දෙවෙනි දරුවෙක් පිළිසිදගැනීම සදහා තවමතු සුදුසු තත්වයේ නොසිටින මවුවරුන්ට කතාකරමින් ඔවුන් තුළ සැකයක් ඇතිකර පරීක්‍ෂා කරගැනීම සුදුසු යැයි බියගන්වා ඔවුන්ගෙන් ද පැමිණිලි ලබාගන්නට ඇතැම් පුද්ගලයන් සංවිධානාත්මකව මැදිහත් වෙමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මේ චෝදනා පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත. කමිටුවේ වාර්තාව මගින් බොහෝ කරුණු හෙළිදරව් කෙරෙන නිසා එම වාර්තාව පිලිනොගෙන කටයුතු කිරීමටද ඇතැම් බලවේග දැනටමත් සංවිධානය වී සිටින බව පෙනී යයි. බොහෝ අවස්ථාවල අන්තවාදී අදහස් ව්‍යාප්ත කරමින් මෙම සිදුවීමේදී අගතියට පත් මවුවරු වෙත්නම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට වෛරී ආකාරයෙන් මුස්ලිම් විරෝධයක් අවුලුවන්නට මෙය භාවිත කරන ඇතැම් දේශපාලන බලවේගවලට අවශ්‍ය වී තිබෙන්නේ එකී පූර්චනිගමන සහිත චෝදනාකරුවන්ටම තීන්දුව දීමට හැකිවන පරිදි මෙම සිදුවීම් දේශපාලන ඉල්ලමක් බවට පත්කර ගැනීම ය. කෙසේ හෝ වෛද්‍ය සාෆි වරදකරුවකු නොකළද ඔහු වරදකරු ලෙස ප්‍රචාරය කරමින් ජාතිවාදය ඇවිස්සීම දැනටමත් ඔවුන් විසින් සිදුකරගෙන යන ප්‍රචාරයන් අනුව සිදු වේ.

කෙසේවෙතත් මෙම තත්වය අන්තවාදීන් අනාවරණය කරගෙන ජනතාව බේද කරමින් සිය දේශපාලන වාසි ගන්නට තැත්කරන දුෂ්ට බලවේග හදුනාගන්නට උපයෝගි කරගත හැකිය. වෛද්‍ය සාෆි වරදකරුවකු නම් ඔහුට දඩුවම් දියයුතු වන්නේ එම නීති ක්‍රියාදාමය සාධාරණ ලෙස ඉටු කිරීමෙනි. එහෙත් ඊට පෙරාතුව අන්තවාදය වැපිරීමේ නිරතවන පුද්ගලයන්, දේශපාලකයන්, මාධ්‍ය ආයතන මේ සිදුවීම සිය පටු අරමුණු වෙන්වෙන් ඉහගෙන කන පල්වලක් බවට පත්කර ගෙන තිබේ.

#රජයේ වගකීම :
මෑතකාලය තුළ රටතුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මේ සිදුවීම සහ ඒ හරහා සමාජය තුළ ඇතිවූ සංවාදය ශ්‍රී ලාංකික සමාජය ට ඉතා අහිතකර බලපෑමක් සිදුකර ඇති බව කිවයුතු නැත. ඒ නිසා මේ සිදුවීම ට අදාල සයලු කාරණා ජනතාව ට හෙලිදරව් කිරීම රජයේ වගකීමකි. එසේ නොමැති විට සමාජය තුළ එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන තත්වයක් උදාවී ජාතීන් අතර විරසකය තව තවත් උග්‍ර වනු ඇත. එබැවින් වෛද්‍ය සාෆි වරදකරු නම් ඒ බව ජනතාවට පැහැදිලි ව කිවයුතු අතර, එසේ නොමැති නම් රටතුළ ජාතීන් අතර වෛරයක් විරසකයක් ඇතිකර මලමිනී මතින් දේශපාලනය කිරීමට සැරසෙන පාදඩ දේශපාලකයන් ඇතුළු ගිහි – පැවිදි සියලු දේශ ද්‍රෝහීන් තරාතිරම නොබලා වහාම අත් අඩංගුවට ගෙන ඔවුන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුය.

The post වෛද්‍ය සාෆිට එරෙහි මවුවරු දහසක් – නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b8%e0%b7%80%e0%b7%94%e0%b7%80%e0%b6%bb/feed/ 0
ශක්තික සත්කුමාර සිරගත කිරීම – නිර්මාණකරණයේ නිදහස ආරක්ෂා කරනු! https://www.lankaviews.com/free-shakthika/ Thu, 13 Jun 2019 18:34:04 +0000 https://www.lankaviews.com/?p=37646 ප‍්‍රවීන ලේඛකයකු වන ශක්තික සත්කුමාර ‘අර්ධ’ නමින් කෙටි ප‍්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අවස්ථාවේ එය මේ තරම් අපරාධයක් වශයෙන් සලකනු ලබතැයි සිතන්නට නැත. මේ වනවිට කවිය, කෙටිකතාව, නවකතාව පමණක් නොව විචාර කලාවේ යම් ප‍්‍රවීනත්වයක් ලබා සිටින ශක්තික, සාහිත්‍ය ඇසුර ලබන්නට උත්සුක වන පාසල්වල හා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මග පෙන්වන කෘති ගණනාවක කතුවරයෙකි. එය එසේ […]

The post ශක්තික සත්කුමාර සිරගත කිරීම – නිර්මාණකරණයේ නිදහස ආරක්ෂා කරනු! appeared first on Lanka Views | Views of the truth.

]]>
ප‍්‍රවීන ලේඛකයකු වන ශක්තික සත්කුමාර ‘අර්ධ’ නමින් කෙටි ප‍්‍රබන්ධයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ අවස්ථාවේ එය මේ තරම් අපරාධයක් වශයෙන් සලකනු ලබතැයි සිතන්නට නැත. මේ වනවිට කවිය, කෙටිකතාව, නවකතාව පමණක් නොව විචාර කලාවේ යම් ප‍්‍රවීනත්වයක් ලබා සිටින ශක්තික, සාහිත්‍ය ඇසුර ලබන්නට උත්සුක වන පාසල්වල හා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මග පෙන්වන කෘති ගණනාවක කතුවරයෙකි. එය එසේ වූ පමණින් සියල්ල සරල සුගම ලෙස සිදු නොවන බව ශක්තික මෙන්ම අපිද දනිමු. ශක්තිකට දැන් සිදුව ඇත්තේ සිපිරිගෙදර සිට තමන් ලියු නිර්මාණය පිළිබද පශ්චාත්තාපයෙන් බලා සිටින්නට යැයි කිවහොත් එය අර්ධ සත්‍යයකි. එක් අතකින් යම් නිර්මාණයක් බිහිකරන ලේඛකයකු එය පරදුවට තබන්නට එකග වන්නේ නැත. අනෙක් අතින් යම් නිර්මාණයක් කළ පමණින් ලේඛකයකු බිහිසුණු අපරාධකරුවකු ලෙස සළකා සිරගත කරන්නේ නම් එවැනි සමාජයක නිර්මාණකරණයක් හෝ සාහිත්‍ය කලාවේ ප‍්‍රගමනයක් අපේක්ෂා කළ නොහැකිය.
පොල්ගහවෙල පොලිසිය විසින් ලේඛකයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ආගමික ඇදහිල්ලට අගෞරව කරන ප‍්‍රකාශනයක් සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කළ බවට චෝදනා කරමින් නම් එහි යම් සාධාරණත්වයක් ඇත. එහෙත් සිදුව ඇත්තේ කිසිදු ලියාපදිංචියක් හෝ පූර්ව ක‍්‍රියාකාරකම් නැති නාමික සංවිධානයක ලිපි ශිර්ෂය යටතේ බෞද්ධ භික්ෂුවක් විසින් කළ පදනම් විරහිත චෝදනාවක් යටතේ ලේඛකයකු සිරගතකර අසාධාරණ චෝදනා එල්ල කිරීමය.
දෙදරු පියකුවන ශක්තික අපේ‍්‍රල් මස 1 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද්දේ ශක්තික විසින් ෆෙස්බුක් ජාලයේ පළකරන ලද කෙටි ප‍්‍රබන්ධයෙන් ආගමික ඇදහිල්ලට අගතියක් සිදුවන බවට ප‍්‍රදේශයේ ‘ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ’ නමින් ලිපි ශීර්ෂයක් සහිතව කරන ලද ලිඛිත පැමිණිල්ලක් මතය. පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙම කෙටිකතාව නිසා විශාල මහජන කැළඹීමක් හටගත් බවය. එහෙත් එවැනි කැළඹීමක් මහජනතාව අතර මේ දක්වා සිදුව නැති නමුත් පොලිසියේ කරුණු දැක්වීම මත අධිකරණය ක‍්‍රියාත්මක වේ. අලූත් අවුරුදු දිනයේ පියා සමඟ ගතකරන්නට කුඩා දරුවන් දෙදෙනකුට වරම් අහිමි කෙරිණි. පොල්ගහවෙල පොලිසිය විසින් මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුට විරුද්ධව චෝදනා නගා ඇත්තේ මහාධිකරණයෙන් පමණක් ඇප නියම කළ හැකි නීතියක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත (ICPPR) යටතේය. මෙහිදී පොල්ගහවෙල මහේස්ත‍්‍රාත්වරයා, පොලිසියේ ඉල්ලීම අනුව, ලේඛක ශක්තික සත්කුමාර අපේ‍්‍රල් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ශක්තික ලියූ ‘අර්ධ’ නමැති කෙටි කතාව, පෙබරවාරි මාසයේදී සමාජ මාධ්‍යයේ පළ වීමෙන් පසුව භික්ෂුන් පිරිසක් ශක්තික සේවය කරන පොල්ගහවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා පැන ලේඛකයාට එරෙහිව බැණ වදිමින් ඔහුට දඩුවම් කරන ලෙසත් වෙනත් ස්ථානයකට මාරුකර යැවිය යුතු බවටත් ප‍්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු කාර්ය මණ්ඩල ප‍්‍රධානීන්ට බලපෑම් සිදුකර තිබුණි. ඉන්පසුව, මාර්තු 13 වැනිදා කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට කැඳවා ප‍්‍රකාශයක් ලබාගැනීමට ඔහුගේ සේවා ප‍්‍රධානීන් ක‍්‍රියා කර තිබේ. මේ අනුව ශක්තික සත්කුමාර වරදක් සිදුකළාද නැද්ද යන්න අධිකරණයෙන් තීන්දුකරන්නට පෙරාතුව භික්ෂුන් මැදිහත් වී ඔහුගේ රැුකියා ස්ථානයට බලපෑම්කර ඔහුගේ බිරිය, දරුවන් දෙදෙනා සමග අසරණ තත්වයට ඇද දමන්නට ද්වේශ සහගත ක‍්‍රියාදාමයකට එළඹී ඇති බව පැහැදිලිය. රජයේ නිලධාරින්ද ඒ අන්තවාදී රැුල්ලට ගසාගෙන යන බවක් පෙනී යයි. එසේ නම් යුක්තිය ඇත්තේ කොහේදැයි අසන්නට අපට සිදුව ඇත.
ලේඛක ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීරණය වී ඇත. මැයි 21 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නීතිඥවරිය පැවසුවේ වැඩිදුර විමර්ශනය සඳහා පොලිසිය කටයුතු කරමින් සිටින බවය. එහෙත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේ පොලිසිය සාධාරණ හේතුවකින් තොරව ලේඛක සත්කුමාර රදවා සිටින බවත් අත්අඩංගුවට ගෙන මාසයකට අධික කාලයක් තුළ සිදුකර ඇත්තේ ඔහුගේ ගිණුම් වාර්තා පරික්ෂා කිරීම පමණක් බවත්ය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිසා තමන්ගේ උසස්වීම් හා සේවා වාර්තාවලට බලපෑම් සිදුවන බැවින් පොලිස් නිලධාරින් කලබල වී ඇති බවද එම පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ නම් ශක්තික නිදහස් කිරීම සදහා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැකි බවද නම් ගම් හෝ හැඳුනුම්පත් නොමැතිව හදිසියේ පැමිණෙන සිවිල් ඇදුමින් සැරසුනු පුද්ගලයන් ශක්තික සත්කුමාරගේ බිරියට හා හිතවතුන්ට බලපෑම් කරමින් සිටී. එසේම ශක්තික විසින් පළ කළ කෙටිකතාව අන්තර්ජාලයට එක් කළ බවට චෝදනා කරන්නට වාරියපොළ නගරයේ තරුණයකුට පොල්ගහවෙල පොලිසියට එන ලෙසද බලපෑම් සිදුකර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි විමර්ශනයක් සිදුකරද්දී අදාළ ප‍්‍රදේශයේ පොලිසිය විසින් කරන නිල දැනුම්දීමකින් මිස පුද්ගල මට්ටමෙන් දැනුම්දීමක් සිදු නොවේ. මෙහිදී පොලිසිය විසින් දේශපාලන බලපෑම් මත ශක්තික අත්අඩංගුවට ගත් බවටද තොරතුරු අනාවරණය වෙමින් ඇති අතර එය වසන් කරන්නටත් ශක්තිකගේ බිරියට හා හිතවතුන්ට අයුතු බලපෑම් සිදුකරමින් ශක්තික සත්කුමාර තවදුරටත් අත්අඩංගුවේ තබාගන්නට කරුණු එකතු කරමින් සිටින බව පෙනී යයි. මෙහිදී පොලිසිය විසින් නියෝජනය කරන්නේ රජය බවත් පොලිසිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් පැහැදිලිය. ඒ නිසා ශක්තික සිරගත කර ඇත්තේ රජය විසිනි.
ශක්තික සත්කුමාර යනු දිගු කාලයක් සාහිත්‍ය කටයුතුවල යෙදුනු ලේඛකයකු වන අතර ඔහු කිසියම් සංවිධානයක අරමුදල් ගෙන ආගම් විරෝධී ප‍්‍රචාරයක් ගෙනයන බවට කරුනු දක්වන්නටද පොලිසිය ඇතැම් අවස්ථාවල කරුනු එකතු කරමින් සිටින බවක් පෙනී යයි. මේ අනුව, පොල්ගහවෙල සහ වාරියපොළ පොලිස් ස්ථානවල රාජකාරි කරන ඇතැම් පුද්ගලයන් විසින් ද්වේශ සහගත ලෙස තනි පුද්ගලයකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් ස්වකීය මතය නිර්මාණාත්මකව ඉදිරිපත්කරන ලේඛකයකු අසාධාරණ චෝදනා මත චූදිතයකු කරන්නටත් පූර්ව නිගමන ඔස්සේ වැරදිකරුවෙක් කරන්නටත්, ද්වේශ සහගත ක‍්‍රියාදාමයක් ක‍්‍රියාත්මකව පවතී. ශක්තික සත්කුමාර විසින් සිතීමේ නිදහස හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය යන මූලික අයිතිවාසිකම් භාවිත කරමින් පළ කළ නිර්මාණය නිසා ඔහු පීඩාවට පත් කිරීමට ලංකාවේ පවතින ව්‍යවස්ථාව අනුවද කිසිවකුට හැකියාවක් නැත. එහෙත් ලංකාවේ නිර්මාණකරුවන්ට හිරිහැර සිදුවන්නේ ව්‍යවස්ථාව හෝ සාධාරණ යුක්තිය අනුවවත් නොවන බව දිගුකාලයක අත්දැකීම් අපට පෙන්වා දෙයි.
ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙසත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය භාවිත කර ඔහුට එල්ල කළ අසාධාරණ චෝදනා වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු.

(උපුටාගැනීම – ‘රළ’ අතිරේකය – ‘වම’ පුවත්පත-2019 ජූනි)

The post ශක්තික සත්කුමාර සිරගත කිරීම – නිර්මාණකරණයේ නිදහස ආරක්ෂා කරනු! appeared first on Lanka Views | Views of the truth.

]]>
අන්තවාදය සහ අධිරාජ්‍යවාදය, එකකින් අනෙක පෝෂණය කරනවා! – කුමාර් ගුණරත්නම් https://www.lankaviews.com/kumar-gunaratnam-3/ Thu, 13 Jun 2019 16:50:29 +0000 https://www.lankaviews.com/?p=37649 අප්‍රේල් 21 වැනිදා අන්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව, ලංකාවේ සමාජ-දේශපාලන අරගල බිම නිෂ්ක්‍රියත්වයට පත්කරලීමේ උදම් රළ ප්‍රවාහයක් පැන නැගුණි. එහෙත් අන්තවාදයටත් අන්තවාදයට ප්‍රතිචාර ලෙස ප්‍රති-ප්‍රචණ්ඩත්වයකුත් සමාජය මත මුදාහැරීමට එරෙහිව විවිධ වාම කණ්ඩායම් සක්‍රිය වූහ. එහිදී මුස්ලිම් ජනයාට එරෙහිව වෙනත් ජන කොටස් උසිගැන්වීමේ දක්ෂිණාංශික ව්‍යාපාරය හෙළිදරව් කිරීමේ මූළික කාර්යභාරයක් ඉටුකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණයක් ආරම්භ කරණ […]

The post අන්තවාදය සහ අධිරාජ්‍යවාදය, එකකින් අනෙක පෝෂණය කරනවා! – කුමාර් ගුණරත්නම් appeared first on Lanka Views | Views of the truth.

]]>

අප්‍රේල් 21 වැනිදා අන්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව, ලංකාවේ සමාජ-දේශපාලන අරගල බිම නිෂ්ක්‍රියත්වයට පත්කරලීමේ උදම් රළ ප්‍රවාහයක් පැන නැගුණි. එහෙත් අන්තවාදයටත් අන්තවාදයට ප්‍රතිචාර ලෙස ප්‍රති-ප්‍රචණ්ඩත්වයකුත් සමාජය මත මුදාහැරීමට එරෙහිව විවිධ වාම කණ්ඩායම් සක්‍රිය වූහ. එහිදී මුස්ලිම් ජනයාට එරෙහිව වෙනත් ජන කොටස් උසිගැන්වීමේ දක්ෂිණාංශික ව්‍යාපාරය හෙළිදරව් කිරීමේ මූළික කාර්යභාරයක් ඉටුකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණයක් ආරම්භ කරණ ලදී. එම පක්ෂයේ සංවිධායක ලේකම්, කුමාර් ගුණරත්නම් සමග කළ මෙම සංවාදය අන්තවාදය, අධිරාජ්‍යවාදය සම්බන්ධ එම පක්ෂයේ විග්‍රහය සාරාංශ කරයි.

21 පාස්කු දින ප‍්‍රහාරය බැලූ බැල්මට මීට පෙර මුස්ලිම් ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වූ ජාතිවාදී ප‍්‍රහාර හෝ සිදුවීම්වල ප‍්‍රතිඵලයක් ලෙස පෙනෙන්න නැහැ. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද?
ඔබ කිව්වා වගේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව කාලෙත් මුස්ලිම් ජනතාව ජීවත් වූ ප‍්‍රදේශවල මුස්ලිම් විරෝධී හුදකලා ප‍්‍රහාර ක‍්‍රියාත්මක වුණා. ඍජුවම ඊට එරෙහි ප‍්‍රතික‍්‍රියාවක් ලෙස මේ ප‍්‍රහාරය සිදුවූ බව කියන්න බැහැ. ලංකා ඉතිහාසයේ මුස්ලිම් ආගමිකයන් සහ කතෝලිකයන් අතර ගැටුමක් අපි දැකලා නැහැ. නමුත් පාස්කු ප‍්‍රහාරය කතෝලික ජනතාව ඉලක්ක කර එල්ල වූ ප‍්‍රහාරයක්. 80-90 දශකයේ පැවති සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් පස්සේ ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරේ ප‍්‍රතිවිරෝධය බවට පත්වුණේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්. මෙය එකම කාසියේ දෙපැත්ත වගේ. අන්තවාදය විසින් අධිරාජ්‍යවාදයත් අධිරාජ්‍යවාදය විසින් අන්තවාදයත් පෝෂණය කරනවා. ලෝකයේ ගෑස්, තෙල් නිධි අත්පත් කරගන්න මේ අන්තවාදය අධිරාජ්‍යවාදී ඇමරිකාවට ප‍්‍රයෝජනවත් වුණා. ඒවගේම යේමනය සහ සිරියාව ආදී රටවල දී තමන්ගේ රටට ප‍්‍රහාරයක් එල්ල කරපු අල් කයිඩා සංවිධානයත් එක්ක වැඩකරන අවස්ථා තියෙනවා. සැමුවෙල් හටින්ටන් නම් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පුද්ගලයෙක් Clash of  Civilization නම් පොතක් ලියමින් සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් පස්සේ තවදුරටත් පන්ති අරගලයක් නෙමෙයි ශිෂ්ටාචාර අතර ගැටුමක් බව කිව්වා. ෆුකුයාමත් තම End of the History කෘතිය හරහා කිව්වේ දැන් ධනවාදය තමයි අන්තිම මිනිස් සමාජය කියලා. අද ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදීනු මෙවැනි ශිෂ්ටාචාර අතර ගැටුමක් ගැන කියනවා. ලංකාව තුළ ප‍්‍රකාශයට පත්වෙන්නේ ලෝකය තුළ තියෙන ඉස්ලාම් මූලධර්මවාදය සහ අධිරාජ්‍යවාදය අතර තිබෙන ගැටුමයි. දශක ගණනාවක් තිබුණු ජාතිවාදී යුද්ධය 2009 තාවකාලික අවසානයක් වුණු බව අපි කියන්නෙ එවැනි ජාතිවාදී යුද්ධයක් ඇතිවීමේ විෂය මූල තත්වයේ වෙනසක් වෙලා නැති නිසා සිංහල, දෙමළ, මුස්ලිම් පක්ෂ ජාතිවාදය සිය අවශ්‍යතා සඳහා පාවිච්චි කරනවා. ඒ නිසා ලංකාව තුළ තහවුරු වෙන ජාතිවාදයේ ආගම්වාදයේ මෙයට සම්බන්ධයක් නැහැ කියන්න බැහැ. මේකට ජාතික සහ ජාත්‍යන්තර සාධක දෙකේම මැදිහත්වීමක් තියෙන බව තමයි අපේ අදහස.

මේ ප‍්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී ප‍්‍රහාර වගේම ජාතිවාදී මතවාදයක් ගොඩනැගෙමින් යනවා. වාමාංශික පක්ෂයක් ලෙස මෙයට මුහුණ දෙන ආකාරය ගැන අදහස කුමක්ද?

අපි වාමාංශික දේශපාලන පක්ෂයක් හැටියට ජාතිවාදය, ආගම්වාදය වගේම මොනයම් හෝ බෙදුම් රේඛාවක් අපේ අරමුණුවලට බාධාවක්. සිංහල බෞද්ධ, දමිළ හින්දු හෝ මුස්ලිම් ඉස්ලාම් යන කොයි වේශයෙන් ජාතිවාදය ආවත් එයට අපි විරුද්ධයි වගේම එය කොන්දේසි විරහිතව පරාජය කරන්න අපි කටයුතු කරනවා. මාක්ස්වාදීන් හැටියට ලෝක මට්ටමෙන් ජාතික මට්ටමෙන් අපි දකින බෙදීම ධනේශ්වරය සහ නිර්ධන පන්තිය අතර තියෙන මේ විද්‍යාත්මක බෙදීමයි. සමාජය ආර්ථික, සමාජීය, සංස්කෘතික, පාරිසරික ගුණාත්මක වර්ධනයක් ලබා ගැනීමට නම් මේ පන්ති බෙදීම අහෝසි කළ යුතුයි. එය කරන්න යද්දී නිර්ධන පන්තිය ජාති, ආගම්, කුල, ප‍්‍රාදේශීයව බෙදීම දේශපාලන වශයෙන් අවාසියක්. ධනපති පක්ෂ සියල්ලම ජාතිවාදය තමන්ගේ දේශපාලන ව්‍යාපාරය බවට පත්කරගෙන තියෙනවා. මුළු පාර්ලිමේන්තු ඉතිහාසයේම එය ඔවුන් පාවිච්චි කරන හැටි අපි දැක්කා. අපේ අරමුණ සියලූ ජනකොටස් අතර ඒකාබද්ධතාවක් ගොඩනැගීමයි. නමුත් එය හුදු ප‍්‍රාර්ථනයකින් ගොඩනගන්න බැහැ. ඒ සඳහා ප‍්‍රයෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි. මෙහිදී බහුතරයක් වෙච්ච ජන ප‍්‍රජාව සුළුතර ජන ප‍්‍රජාවන් කෙරෙහි වගකීමෙන් කටයුතු කළ යුතුයි. අනිත් අතින් සුළුතර ජන ප‍්‍රජාවටත් බහුතරය දෙස සැකෙන් අවිශ්වාසයෙන් නොබලන දැක්මක් ඔවුන් තුළ ගොඩනැගිය යුතුයි. එය ගොඩනැගිය හැක්කේ ධනේශ්වර දේශපාලන පක්ෂ මත විශ්වාසය තබා අනත්වාදය පෝෂණය කරන දේශපාලනයෙන් නොවෙයි, ඒ සඳහා සියලූ දැවෙන ප‍්‍රශ්නවලට එරෙහි ඒකාබද්ධ අරගලයක් වෙත මේ සමාජය කැඳවිය යුතුයි. එය පැහැදිලිවම ධනේශ්වර පන්තියට එරෙහි සමස්ත ජාතිවාදී ආගම්වාදී ප‍්‍රවණතාවන්ට, අධිරාජ්‍යවාදයට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය යුතුයි. එහෙම තැනකට මෙම බලවේග සමූහ පරිකල්පනය කළ හැකි නම් ඒ අරගලය තුළ නිතැතින්ම ජාතිවාදී ප‍්‍රවණතා දුර්වල වීමේ විභවය ඉබේම නිර්මාණය වෙනවා.

පසුගියදා හදිසි නීතිය නැවතත් මසකින් දීර්ඝ කරා. හදිසි නීතිය හරහා අත්අඩංගුවට ගැනීම්වලදී, මෙහෙයුම්වලදී ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම්වලට හානි සිදුවෙනවා අපි දැක්කා. ඊට අමතර එහි සඳහන් නීති රෙගුලාසි හරහා ජනතාවට එරෙහි මර්දනය තව ශක්තිමත් කෙරෙනවා. මේ තත්වය ඔබ දකින්නේ කොහොමද?

අපේ රටේ බලය හොබවපු ධනේශ්වර පක්ෂ සහ ඒවාට අඩුවැඩිය සපයපු සුළු ධනේශ්වර වාමාංශික යයි කියාගත් පක්ෂ එකතුවෙලා හදපු මේ පාලන ක‍්‍රමය මෙවැනි දේශපාලන ව්‍යසනයක් තමන්ගේ බල අරමුණු වෙනුවෙන් හැමදාම පාවිච්චි කර ගත්තා. එදා 1978 දී ත‍්‍රස්තවාදී මර්දන පනත ගෙනත් එය පොදු මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් අහෝසි කිරීම සඳහා පාවිච්චි වුණේ කොහොමද කියලා අපි දැක්කා. පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි අංශවලට වාර්තා වී තිබුණු තොරතුරු මත තිබුණු නීති රීතිවලට එකඟද නැද්ද කියන එක වෙනම කාරණයක් වුවත් තිබුණු නීති යටතේ මේ ප‍්‍රහාරය නවත්වන්න තිබුණා. බුද්ධි අංශ, පොලීසියම කියන විදිහට මේක සීමා සහිත කොටසක් අතර ව්‍යාප්ත වූ සංවිධානයක්. ඒ අනුව ඔවුන්ව අල්ල ගන්න, ඔවුනට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න තිබුණ නීතිරීති යටතේ ඕනෑතරම් ඉඩකඩ තිබුණා. අහිංසක ජනතාව 258ක් ඝාතනය වෙලා තවත් 500ට අධික පිරිසක් තුවාල ලබලා මහා භීතියක් සියලූ සමාජ කොටස්වල ඇති වුණේ මෙම අසමත්කම නිසයි. දැන් ඒ ව්‍යසනයෙන් පස්සේ හදිසි නීතිය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමහර කොටස් දැන් සක‍්‍රිය කරමින් ප‍්‍රතිත‍්‍රස්ත පනත වගේ තවත් මර්දන පනත් සම්මත කරන්න උත්සාහ කරනවා. නිශ්චිත ක‍්‍රියාමාර්ගයට සම්බන්ධ වූ පිරිස ඝාතනය වෙලා, අත්අඩංගුවට පත්වෙලා ඉවර නිසා ඔවුන්ට මේක අදාළ නැහැ. කම්කරුවන්, ශිෂ්‍යයන්, ගොවීන්, කලාකරුවන්, බුද්ධිමතුන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමේ දී තමයි මේවා අදාළ වෙන්නේ. පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත වුණේ 225ම එකඟතාවය මතයි. දෙවනවර තව මාසයක් දීර්ඝ කිරීමේ දී 8 දෙනයි විරුද්ධ වෙලා තිබුණේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ මේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය දඩමීමා කරගෙන ගෙන එන මර්දනීය තත්වයට සහ ඉදිරියේ දී රාජ්‍ය ත‍්‍රස්තවාදයක් නිර්මාණය වීමේ විභවය දකින්න අසමත් නැතිනම් ඔවුන් එය නොදැක්කා සේ සිටින්න ලෑස්තියි.
මහින්ද රාජපක්ෂ ප‍්‍රතිත‍්‍රස්ත පනත එපා කියද්දී අනිත් පැත්තට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් බලාත්මක කර ගේන්න කියනවා. ඒ වගේම සජිත් පේ‍්‍රමදාස කියනවා ප‍්‍රතිත‍්‍රස්ත පනතට ඒගොල්ලෝ විරුද්ධයා, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් බලාත්මක කරලා ගේන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ මේ දවස්වල ඔය මොකක් ගැනවත් කතා කරන්නේ නැහැ. මේ දවස්වල ඒ ගැන කතා කිරීම ඡුන්ද ව්‍යාපාරයට පාඩුයි කියලා ඒගොල්ලෝ හිතනවා.

මේ ප‍්‍රහාරයෙන් පසසේ එක පැත්තකින් මුස්ලිම් ජනතාව භීතියට පත්ව ඉන්නවා. ඒ එක්කම අනිත් පැත්තෙන් සිංහල තමිල් ජනතාවත් භීතියට පත්ව ඉන්නවා. ඔවුන් තුළ සාමාන්‍ය මුස්ලිම් මනුස්සයා දෙස සැකෙන් බලන මනෝ භාවයක් පටවලා තියෙනවා. සිංහල, තමිල්, මුස්ලිම් සමාජයේ බහුතරයක් ජාතිවාදයට ගොදුරුවෙලා නැහැ. බහුතරයක් දශක තුනක යුද්ධයෙන් කම්පනයට පත්වෙලා ජාතිවාදයට විරුද්ධයි. ඉතාම සුළු පිරිසක් සහ දේශපාලකයන්ට තමයි එය අවශ්‍යව තියෙන්නේ. හිට්ලර් ඇවිල්ලා හරි කමක් නැහැ අපිට බෝම්බ පුපුරන්නේ නැතුව ජීවත් වෙන්න හදලා දෙන්න කියන තර්කය ජනතාවගේ මනෝ භාවය තුළ ඇතිකරන දේශපාලනයක් ක‍්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂ, මාධ්‍ය ආයතන ආදී ධනේශ්වර දේශපාලන ව්‍යාපෘතියේ නියැලෙන අය තරගයට මෙය කරමින් ඉන්නවා.
මේකෙදි බහුතරයකගේ ජන මනසේ මෙවැනි තත්වයක් තැන්පත් කර තිබෙන තත්වයක දී පවා වැඩකරන ජනතාවට එරෙහිව මෙම නීති රීති පාවිච්චි වෙන නිසා දේශපාලන කශේරුකාව කෙළින් තියාගෙන අපේ පක්ෂය කියනවා ත‍්‍රස්තවාදී මර්දන පනතක් අවශ්‍යත් නැහැ. ප‍්‍රතිත‍්‍රස්ත පනතක් අවශ්‍යත් නැහැ. ඉස්සරහටත් අපි ඒවා පරාජය කරන්න වැඩ කිරීමට ලෑස්තියි.

පාස්කු ප‍්‍රහාරය සිදුවීමට පෙර අපේ රටේ වතු කම්කරු අරගලය, කම්කරු ධවල පත‍්‍රිකාවට එරෙහි අරගලය ප‍්‍රතිත‍්‍රස්ත පනතට එරෙහි අරගල ක‍්‍රියාත්මක වුණා. මේවා මේ මොහොතේ යම්කිසි විදිහකට යටපත් වෙලා තියෙන්නෙ. මේ අරගල නැවත ශක්තිමත් කළ යුතුයි නේද?
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ දී කතෝලික වීම නිසානෙ මේ ජනතාවට මෙම ප‍්‍රහාරය එල්ල වුණේ. එය ත‍්‍රස්තවාදය තමන්ගේ දේශපාලනය බවට පත් කරගත් පිරිසකගේ ප‍්‍රහාරයක් ලෙස අපි අඳුරගන්නවා. 83 කළු ජූලියත් එක්ක උතුරේ තරුණයන් විශාල වශයෙන් ඉන්දියාවේ පුහුණුවීම් සඳහා ගොස් සන්නද්ධ ව්‍යාපාර සමඟ සම්බන්ධ වෙන්නත් මග පෑදුණ කියලා අපි දන්නවා. එදත් දකුණේ ජීවත් වූ තමිල් ජනතාවට රජයෙන් පොලීසියෙන් හමුදාවෙන් ලැබෙන්නේ නැහැ, ආරක්ෂාව පතා අපේම භූමියකට යන්න වෙනවා කියන හැඟීම තමයි ඇතිවුණේ. එයම ආපහු සැරයක් මුස්ලිම් ජන සමාජයේත් සිදුවෙනවා. ඔවුන් දෙස සැකෙන් බලන ප‍්‍රවණතාව විවිධ දේශපාලන කණ්ඩායම් වර්ධනය කරද්දී ඔවුන්ට මේක අපේ රටක් බවට පත් කරගන්නේ කොහොමඳකියන හැඟීම එනවා. ඒවගේම සිංහල ජන සමාජය තුළ තමන් වඳ වී යන ජාතියක් යන මතයකුත් හදලා තියෙනවා. නමුත් මේ අපේ රට කියන හැඟීම හැම කෙනාටම එන්න ඕනා. ප‍්‍රමාණයෙන් තියෙන වෙනස නම් ජන ජීවිතයේ දී සමාජ ජීවිතයේ දී දෙවැනියෙක් වෙන්න හේතුවක් නෙමෙයි. සෑම කෙනෙක්ම මේ රටේ සමාන අයිතිවාසිකම් සහිත පුද්ගලයෝ බවට පත්විය යුතුයි. මේ ප‍්‍රශ්නය බොහොම සංවේදියි. මේ නිසාම අනෙක් සියලූ ප‍්‍රශ්න යට ගිහින් ආර්ථික, පාරිසරික අරගල, ඒවගේම සංස්කෘතික ක්ෂේත‍්‍රයේ කඩා වැටීම්වලට එරෙහි අරගල යටපත් වෙලා මේ සංවේදී ගැටලූව ඉස්මත්තට එන්න පුළුවන්. මේ අත්දැකීම පසුගිය දශක තුනේ දී අපිට තියෙනවා. ඒ නිසා ජාතික ප‍්‍රශ්නය ඒ සංවේදී බරෙන්ම තේරුම් අරගෙන ජාතික ඒකාබද්ධතා අරගලයට ඔවුන්ව සූදානම් කරන ගමන් කම්කරු, ශිෂ්‍ය, ගොවි, තරුණ, කාන්තා සහ සුළු ජනකොටස්වල මූලික දේශපාලන, ආර්ථික ඉල්ලීම් සඳහා වන අරගලය මොහොතකටවත් දෙවැනි කරන්න හොඳ නැහැ. මේ අරගලයයි ජාතික ප‍්‍රශ්නයයි අතර තිබෙන දයලෙක්තික අන්තර් සම්බන්ධය අපි තේරුම් ගන්න ඕනා. පන්ති ප‍්‍රශ්නය දේශපාලන සන්දර්භය තුළ තබා ජාතික ප‍්‍රශ්නය ඇතුළු සියලූ ප‍්‍රශ්න වටහා ගන්න ඕනා. පන්ති අරගලයේ දේශපාලන ක‍්‍රියාමාර්ග වෙත අපි පන්තිය සංවිධානය කිරීමට අපි නායකත්වය ගත යුතුයි.

මේ වෙලාවේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයක් ගැනත් කතා වෙනවා. ජනාධිපතිවරණයේ දී බල මාරුවක් සිද්ධ වෙයි කියන අදහසත් තියෙනවා. මේ බල මාරුව හෝ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් පක්ෂයට තියෙනවද?

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මහින්දයි මෛත‍්‍රීයි එකතුවෙලා කරපු කුමන්ත‍්‍රණය ඇතුළේ වේලාසනින්ම බල මාරුවක් කරන්න උත්සාහ කළා. 2015 ඔහු දුන් පොරොන්දු මොකක් වුනත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට තරග වැදීමේ කැමැත්තෙන් ආසාවෙන් ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් බලාපොරොත්තුව ඉන්නවා. මේ පැත්තෙන් මහින්ද පාර්ශ්වයෙන් විවිධ නම් කියවෙනවා. ගෝඨාභය රාජපක්ෂත් අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ පීඩාවට පත් මිනිසුන්ගේ කඳුළු වියැකෙන්නත් කලින් ත‍්‍රස්තවාදය මර්දනය කරන්න තමන්ට පුළුවන්, ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන බවට විවෘත ප‍්‍රකාශයක් කළා. ලාංකේය දේශපාලනයේ බල ගැටුමට අදාළ නිශ්චිත සන්ධිස්ථානයක් ලෙස එළඹෙන ජනාධිපතිවරණය පෙනෙන්න තියෙනවා. ජාතික වශයෙන් මේ බලවේගය මෙලෙස කටයුතු කිරීමේ දී ජාත්‍යන්තර වශයෙනුත් ඇමරිකාව සහ ඉන්දියාව තමන්ගේ බලය වේගයෙන් ලංකාව තුළ ක‍්‍රියාත්මක කරන අතරේ චීනයත් තවත් පැත්තකින් ලංකාවේ දේශපාලනයට, ආර්ථිකයට මැදිහත් වෙනවා. එක්සත් ජනපදයට අහිමිවෙලා තියෙන ආසියාවේ බලය නැවත අත්පත් කර ගැනීම සඳහා Pivot to Asia කියන වැඩපිළිවෙළ යටතේ චීනය හුදකලා කරන්න දේශපාලන ක‍්‍රියාමාර්ග ගන්නවා. ඒවගේම ගෝඨාභය අත්සන් කරලා රනිල් වික‍්‍රමසිංහ අනන්තය දක්වා අත්සන් කර තිබෙන ACSA ගිවිසුම. ඒ අස්සේ SOFA ගිවිසුම අත්සන් කරන්න බල කෙරෙන තත්ත්වයක් තියෙනවා. ඒ යටතේ ඇමරිකානු කඳවුරක් පවා ලංකාවේ ඇති කිරීමට පුළුවන්කම තියෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන චීනෙට ගිහින් ආසියානු ශිෂ්ටාචාර ගැන දේශනයකුත් කළා. චීනය නැවත සැරයක් මෛත‍්‍රීපාලව ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගෙන මහින්දට බල කරයිද ඔහුට සහයෝගය දෙන්න කියන එක ගැන අපිට සැක හිතෙනවා. මේ බල ගැටුමේ මේ බලපාරයේ දී අපි වාමාංශික ව්‍යාපාරයක් ලෙස ඇමරිකන් ගැති එජාපයද චීන ගැති මහින්ද රාජපක්ෂද, නැත්තම් මෛත‍්‍රීපාලද එහෙම නැත්නම් චීනයට හිතවත් වෙන්න කැමති ඒත් ඇමරිකාවේ බලයට නතුවෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂද යන සියලූම දෙනා හරහා දිග හැරෙන්න නියමිත නව ලිබරල් වැඩපිළිවෙළ, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලන ප‍්‍රවේශය පරාජය කිරීමේ දිශාවට යොමුවූ විකල්ප වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අපි කම්කරු, ගොවි, ශිෂ්‍ය, තරුණ, කාන්තා සියලූ දෙනා එකතු කරගත්ත වැඩපිළිවෙළක් ජනතාව තුළ ක‍්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ මැතිවරණය හුදු මැතිවරණ අවස්ථාවකට වඩා ජාතික සහ ජාත්‍යන්තර බල පොරයේ අවස්ථාවක් ලෙස අපි දකිනවා. ඒ නිසයි අපි කියන්නේ ඇමරිකානු – චීන බල පොරයට ලංකාව ගොදුරු කරන රනිල්, මෛත‍්‍රී, මහින්ද නඩය පන්නමු. ජන අරගලයෙන් වමේ බලයක් ගොඩනගන්න ඕනා. ධනේශ්වර ක‍්‍රමයට එරෙහි අරගලයකින් විතරයි ඒ බලය ගොඩ නගන්න පුළුවන්. ඒ නිසා එම දිශාවට සමාජය ගෙන යාමට අවශ්‍ය මොහොතක් ලෙස ජනාධිපතිවරණය පිළිබද සලකා බලමින් දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනයන්නට අපි පක්ෂයක් ලෙස කටයුතු කරනවා.

The post අන්තවාදය සහ අධිරාජ්‍යවාදය, එකකින් අනෙක පෝෂණය කරනවා! – කුමාර් ගුණරත්නම් appeared first on Lanka Views | Views of the truth.

]]>
කම්කරු පන්තිය සටනට එක් කරන්න ඕන! – පේ‍්‍රමපාල හේවාබටගේ https://www.lankaviews.com/premapala-hewabatage/ Thu, 06 Jun 2019 15:17:27 +0000 https://www.lankaviews.com/?p=37508 71 සහෝදරත්ව සංසදයේ ප්‍රමුඛ සාමාජිකයකු වූ පේ‍්‍රමපාල හේවාබටගේ අද(6) අලුයම අරගලකාරී ජීවිතය නිමා කළේය. 1971 මහ නඩුවේ 38 වැනි විත්තිකරු වූ ඔහු, 1964 දී සරසවි ප්‍රවේශයට ඉගෙන ගනිමින් සිටියදී රෝහණ විජේවීර හමුවිය. හම්බන්තොට, මොණරාගල දිස්‌ත්‍රික්‌කවල ජ.වි.පෙ. අධ්‍යාපන පන්ති පැවැත්වීමේ ප්‍කටයුතු කළ ප්‍රේමපාල වැලිසර නාවික සහ හෝමාගම හමුදා කඳවුරුවල සාමාජිකයන්ටද දේශපාලන පන්ති පැවැත්වීය. අප්‍රේල් අරගලයේ පරාජයෙන් […]

The post කම්කරු පන්තිය සටනට එක් කරන්න ඕන! – පේ‍්‍රමපාල හේවාබටගේ appeared first on Lanka Views | Views of the truth.

]]>

71 සහෝදරත්ව සංසදයේ ප්‍රමුඛ සාමාජිකයකු වූ පේ‍්‍රමපාල හේවාබටගේ අද(6) අලුයම අරගලකාරී ජීවිතය නිමා කළේය. 1971 මහ නඩුවේ 38 වැනි විත්තිකරු වූ ඔහු, 1964 දී සරසවි ප්‍රවේශයට ඉගෙන ගනිමින් සිටියදී රෝහණ විජේවීර හමුවිය. හම්බන්තොට, මොණරාගල දිස්‌ත්‍රික්‌කවල ජ.වි.පෙ. අධ්‍යාපන පන්ති පැවැත්වීමේ ප්‍කටයුතු කළ ප්‍රේමපාල වැලිසර නාවික සහ හෝමාගම හමුදා කඳවුරුවල සාමාජිකයන්ටද දේශපාලන පන්ති පැවැත්වීය. අප්‍රේල් අරගලයේ පරාජයෙන් පසු 1971 අප්‍රේල් 8 වැනිදා මාතලේ ලෙනදොර කඳවුරට එක්‌වූ ඔහු විල්පත්තුව ඇතුළු රටපුරා සැඟවී සිටි ජවිපෙ සාමාජිකයෙන් සම්බන්ධීකරණය කරන්නට වෙහෙස විය. එසේ වුවද 1972 නොවැම්බර් මස 3 වැනිදා  ගෙලිඔයේදී ඔහු අත්අඩංගුවට පත්විය. මේ සදහා තොරතුරු පිටවූයේ ජ.වි.පෙ. ප්‍රමුඛ සාමාජිකයකු වූ ගාමිණි බාස්ගෙන් බවට චෝදනා එල්ල විය. මහ නඩුව අවසානයේ පසුවසරක සිර දඬුවමක්‌ නියම වූ ප්‍රේමපාල, 1977 දී අනෙකුත් දේශපාලන සිරකරුවන් සමඟ නිදහස්‌ විය. නිදහසින් පසු ජ.වි.පෙ. වෙතින් ඉවත්ව ‘ජනතා සංගමය‘ නමින් නව දේශපාලන සංවිධානයක් බිහිකිරීමට මූලිකත්වය ගත් ප්‍රේමපාල විවාහ වූයේද ජවිපෙට සාමාජිකාවක වූ විජිතා සමඟය. තිදරු පියෙකු වන ඔහු, 1971 අරගලයේ සගයකු වූ සරත් ප්‍රනාන්දු සමග එක්ව, ‘ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයේ‘ ක්‍රියාකාරීයකු ලෙස 2011 දක්වා කටයුතු කළේය. 

‘ජනරළ‘ පුවත්පතේ 2013 මැයි 5 කලාපයේ පළ වූ පහත සාකච්ඡාව අප මෙහි පළ කරන්නේ යම් දේශපාලන අවබෝධයක් ඇතිවූ කාලයේ සිටම තමන් තරොගත් වාම දේශපාලනයේ අරමුණු අවසන් මොහොත දක්වා බැහැර නොකළ මිනිසකුගේ මතකය අපේ සමාජය වෙත ඉතිරිකර තැබීමේ අරමුණ ඇතිවය.

  • ඔබ දේශපාලනයට පිවිසුණේ කොහොමද කියලා මුලින්ම කතා කළොත්?

මම උපන්නෙ නුගේගොඩ, ගංගොඩවිල, පැගිරිවත්ත ප‍්‍රදේශයේ. මගේ ගෙදර කියන්නෙ ප‍්‍රබල එක්සත් ජාතික පාක්ෂික ගෙදරක්. මගේ තාත්තා පිරිවෙන් අධ්‍යාපනය ලබපු, කලක් සිවුරෙත් හිටපු, සංස්කෘත පාලි හොදට දන්න ගමේ උගතෙක්. අම්මා බොහොම පෙරළිකාර චරිතයක්. ඒ දවස්වල ඉදලම පිලිප් ගුණවර්ධනගේ බොරලූගොඩ පවුල අපේ ගෙදරට ගොඩක් බලපෑම් කළා. ජාතිකවාදී තැනක හිටියත් අන්ත දක්ෂිණාංශික කන්සවේටිව් තත්වයක් තිබුණෙ නෑ. අපේ ගෙදර කියන්නෙ විවිධ දේශපාලන සාකච්ඡුා ඇති වූ තැනක්. ඒ බලපෑම තමයි මාව දේශපාලනයට යොමු කළේ.

  • මූලිකව කම්කරු ව්‍යාපාරය ගැන ඔබ දක්වන්නෙ මොන වගේ අදහසක්ද?

එක පැත්තකින් ඉතිහාස කතන්දරයක් හැටියටත් මේක දක්වන්න පුළුවන්. තවත් විදිහක් තමයි කම්කරු ව්‍යාපාරය කොහොමද දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් වර්ධනය වෙන්නෙ සහ වර්ධනය නොවුණා නම් ඒ ඇයි කියන කතන්දරය. මේ වෙලාවේ අවශ්‍ය වෙන්නෙ වැඩි අවධානයක් මේ කාරණයට යොමු කරන්න. ලංකාවෙ කම්කරු පන්ති ව්‍යාපාරය කිව්වහම දේශපාලනිකයි.

එතකොට දේශපාලනික වශයෙන් ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයක් හැඩ ගැහුණෙ කොහොමද, යම් යම් අවස්ථාවල දී මේ දේශපාලන වර්ධනයට ඇති වුණ බාධා මොනවද කියන කාරණා ගැන කතා කරන්න ඕනෙ. 1930 ගණන්වලින් පස්සෙ තමයි දේශපාලන නායකත්වයක් සමග නිර්මාණය වුණු කම්කරු පන්ති ව්‍යාපාරය ගොඩනැගුණෙ. 71, 89 අරගල දක්වාම එය බලපානවා. ඒ කෙසේ වුණත් අද දවසේ ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ තත්වය හා ඉදිරි මග කුමක් විය හැකිද කියන එක අනුමාන දෙයක්.

  • කම්කරු ව්‍යාපාරය තුළ පැනනැගුණ අරගල සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද දරන්නෙ?

ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ අරගලය කියන්නේ ස්වයංසිද්ධව පැනනැගුණක්. ඒ කියන්නෙ ඉබේ හට ගැනුණ කියන එක. එහෙම වෙන්නෙ පීඩනය, මර්දනය වැනි දරාගත නොහැකි දේවල් සමග. ප‍්‍රශ්නය වෙන්නෙ මේ අරගල කොහොමද ඉදිරියට අරගෙන යන්නෙ කියන එකත් කොහොමද නායකත්වය දෙන්නෙ කියන එකක්. එහෙමත් නැත්නම් පසුබහිනවා නම් කොහොමද එය කරන්නෙ කියන එක. 1910 – 12 වගේ කාලයේ කරත්තකරුවන්ගේ වර්ජනය කියල එකක් ඇති වුණා. ඒකට නායකත්වය දුන්නෙ සර් ජෝන් කොතලාවලගෙ තාත්තා. ඊළගට ලොන්ඩි‍්‍ර කම්කරුවන්ගෙ වර්ජනය, මුද්‍රණකරුවන්ගෙ වැඩ වර්ජනය, දුම්රිය කම්කරුවන්ගෙ වැඩ වර්ජනය, ට‍්‍රෑම් කාර් රියැදුරන්ගෙ වැඩ වර්ජනය වගේ වර්ජන මාලාවකුත් ආවා. මේවා ටිකක් ඉදිරියට එන්නෙ ඒ.ඊ. ගුණසිංහ නායකත්වය දෙන කාලයේ. නමුත් මුල් කාලීන අරගලවලට දේශපාලන නායකත්වයක් තිබුණෙ නැහැ.

  • වාමාංශික දේශපාලනය මෙයට අදාළ වෙන්නෙ කොහොමද?

ලංකාවේ කම්කරුවන් අතර දේශපාලන නායකත්වය ගන්නෙ වාමාංශික ව්‍යාපාරය ආරම්භ වීමත් එක්ක. මේ කාලයේ මාක්ස්වාදී දේශපාලන න්‍යාය උගන්වන්න පටන් ගත්තා. ඒක ඉගෙන ගත්ත කම්කරු නායකත්වයක් හැදෙනවා වෘත්තීය සමිති තුළ. මමත් 1967 විශ්වවිද්‍යාලයට යන්නෙ නැතුව කම්කරු සමිතිය සංවිධානය කළා. එතන දි මම උත්සාහ කළා කම්කරුවො අතරින් යම් සංවේදී පිරිසක් එක්ක මාක්ස්වාදී න්‍යාය පිළිබද සාකච්ඡුාවක් කරන්න. ජවිපෙට වැල්ලවත්ත රෙදි මෝලෙ ලොකු බේස් එකක් හැදෙන්නෙ මේ නිසා.

  • මේ කම්කරු ව්‍යාපාර ඉතිහාසයේ සංධිස්ථානයක් විදිහට ඔබට දක්වන්න පුළුවන් කුමක්ද?

ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ එක ටර්නිං පොයින්ට් එකක් තමයි ඒ.ඊ. ගුණසිංහගේ සම්ප‍්‍රාප්තිය. ඒ.ඊ. ගුණසිංහ පළමු වරට පක්ෂයක් හදනවා. ඒකෙ නමත් කම්කරු පක්ෂය. ඩොනමෝර් කොමිසම් සභාව ගෙනල්ලා ප‍්‍රතිසංස්කරණ ගෙනාපු වෙලාවෙ ලංකාවට ස්වරාජ්‍යය කොහොමද ලබා ගන්නෙ කියන පැත්තෙන් තමයි එයාගෙ දේශපාලනය යොමුව තිබුණෙ. නමුත් එයා කම්කරු ව්‍යාපාරයට නායකත්වය දෙමින් එයාගෙ බේස් එක හදා ගන්නවා. තව එකක් තමයි එයාට බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයත් එක්කත් සම්බන්ධයක් තිබුණා.

  • මේ කාලය වෙනකොට ලංකාවේ වාමාංශික දේශපාලන අධ්‍යාපනය මොන වගේ මට්ටමකද තිබුණෙ?

මේ වෙද්දි ලංකාවේ වාමාංශික අධ්‍යාපනය ලබන කොල්ලො ලන්ඩන්වල ඉගෙන ගන්නවා. ඒ.ඊ. ගුණසිංහ වෘත්තීය සමිති ව්‍යාපාරය හදද්දී වැල්ලවත්ත රෙදි මෝලත් ට‍්‍රෑම් කාර් කම්කරුවනුත් වරාය කම්කරුවනුත් කොළොන්නාවෙ ආණ්ඩුවේ කර්මාන්ත ශාලාවේ කම්කරුවොත් ඒකාබද්ධ කළ වෘත්තීය සමිතියක් තමයි හදන්නෙ.

  • නමුත් මේ දේශපාලනකි‍්‍රයාවලියෙදි ජාතිකවාදයත් මතු වෙමින් එනව නේද?

ඒ.ඊ. ගුණසිංහ කියන්නෙ වාම කම්කරු දේශපාලනයක් නියෝජනය කරපු කෙනෙක් නෙමෙයි. ඔහුට තිබුණෙ ධනේශ්වර චින්තනයක්. හැබැයි ඒ තුළත් එයා කම්කරු පන්තියේ අයිතිවාසිකම් ගැන කතා කරමින් හිටියා. ඒ තුළ හැඩ ගැහිල එනවා වර්ගවාදය. එයාට කොහෙත්ම උඩරට වතු කම්කරුවන් එක්ක සම්බන්ධකමක් තිබුණෙ නැහැ. එක පැත්තකින් හින්දු ජාතික ව්‍යාපාරය කි‍්‍රයාත්මක වෙමින් තියෙද්දි අනෙක් පැත්තෙන් ධර්මපාලතුමා වගේ අය ඒකට කවුන්ට් කරගෙන සිංහල ජාතිවාදය අරගෙන ගියා. ඒ.ඊ. ගුණසිංහ ලිබරල් චින්තනයක් තිබුණ කෙනෙක් විදිහට කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවටත් ගියා. නමුත් එයාගෙ නරක ප‍්‍රවණතාවක් වුණේ සම සමාජ ව්‍යාපාරයත් එක්ක ගැටුමක් ඇති කරගැනීම. 1930 ගණන්වල මුල දි පිලිප් ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්.ඒ. වික‍්‍රමසිංහ වගේ ලංකාවෙ මධ්‍යම පාන්තික පවුල්වල දරුවො වැඩිදුර අධ්‍යාපනය ලබන්න යුරෝපයට ගියා. ඔවුන් යුරෝපයේ කොමියුනිස්්ට් ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ අය ලංකාවට ඇවිත් දකුණු කොළඹ තරුණයන්ගේ සමිතිය නමින් සමිතියක් හදා ගන්නවා. ලංකාවේ සූරියමල් ව්‍යාපාරය හැදුවෙ මේකෙන්. සූරියමල් ව්‍යාපාරය කියන්නෙ මාක්ස්වාදී සාහිත්‍යය. මාක්ස්වාදී අධ්‍යයන ව්‍යාපාරය ආරම්භ කරන්නේ මේ සමිතිය ම`ගින්.

  • කම්කරු ව්‍යාපාරය තුළ වෘත්තීය සමිති හැදෙන්නෙ කොහොමද?

වැල්ලවත්ත රෙදි මෝලෙ තමයි ලංකාවෙ ප‍්‍රථම වරට වාමාංශික දේශපාලන සංවිධානයක් විසින් වෘත්තීය සමිති සංවිධානය කරන්නෙ. වැල්ලවත්ත රෙදි මෝලෙ වතු කම්කරුවො වගේම වහලූන් වගේ ගෙන්න ගත්ත කම්කරුවොත් හිටියා. ඒ.ඊ. ගුණසිංහ වැඩි වශයෙන් සිංහල කම්කරුවන්ට අවධානය යොමු කිරීමත් එක්ක සෙසු කම්කරුවො අතර විශ්වාසය බිද වැටීමක් තිබුණා. මේ හේතුවෙන් වැල්ලවත්ත රෙදි මෝලෙ ලංකා සම සමාජයට බේස් එක හැදෙනවා. මොකද ඔවුන් ප‍්‍රකාශ කළේ සකල දේශවාසී කම්කරුවනි කියලා. මේ විදිහට ආගම් භේදයෙන් ජාති භේදයෙන් වර්ග භේදයෙන් තොරව කම්කරු ව්‍යාපාරය ගොඩනැ`ගුණේ මුලින්ම වැල්ලවත්ත රෙදි මෝලෙන්. ඊළගට 1947 මහා වැඩ වර්ජනයෙ දි කම්කරු නායක කන්දසාමි වෙඩි පහරකින් මැරෙනවා. මේ වෙද්දි ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය තුළ තිබුණු විවාදයක් තමයි ට්‍රොට්ස්කිවාදය සහ ස්ටාලින්වාදය. මේක ලංකාවේ සම සමාජය භාර ගත්තෙ ට්‍රොට්ස්කිවාදී මතයෙන්. ට්‍රොට්ස්කිවාදී මතය විදිහට කියවුණේ දෙවැනි ලෝක යුද්ධය කියන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයක්, ඒ නිසා අපිට ඒකෙ වැඩක් නැහැ, අපි පන්ති අරගලය දිගටම කරගෙන යන්න අවශ්‍යයි කියන දේ. කොමියුනිස්ට් පක්ෂය ඊට ටිකක් වෙනස් මතයක් දැරුවා. ඔවුන් ළැදිව හිටියෙ රුසියාවට.

  • වමේ පක්ෂ කම්කරු ව්‍යාපාරයත් එක්ක එක තැනකට කේන්ද්‍රගත නොවෙන්නෙ ඇයි?

ලංකාවේ කම්කරු ව්‍යාපාරයට අවශ්‍යතාවක් තිබුණා. වමේ පක්ෂත් එක්ක සමගි සන්ධානයකට යන්න. ඒ සදහා නායකත්වයට එයි කියලා බලාපොරොත්තුවකුත් තිබුණා. 1960 මාර්තු මැතිවරණයෙන් ප‍්‍රකාශ වුණේ ඒක. ඒ වෙලාවේ කම්කරු පන්තියේ හඩට කන්දීලා සුළු ප‍්‍රතිචාරයක් දැක්වූවා නම් වමේ පක්ෂ 1960 ජූලි මැතිවරණයෙන් වාමාංශික සන්ධානයක් වශයෙන් මැතිවරණයට යා යුතුව තිබුණා. නමුත් මෙයාලා කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගිවිසුමකට ගිය එක. ඒ මගින් ඔවුන් ආසන 46, 75 ක් කරගත්තා. අන්තිමට ඇමැති කුට්ටම් දෙකහමාරකට පාවා දුන්නා කියන්නෙ මේ නිසා. මේ කාලයේම තමයි වාම තරුණ රැුඩිකල් ව්‍යාපාරය බිහි වෙන්නෙ. අපි ඉන්නෙ එතන. රෝහණ සහෝදරයා මුණ ගැහෙන්නෙ 1964 අගභාගයේ.

  • නමුත් 1963 වාමාංශික එක්සත් පෙරමුණ බිද වැටෙද්දී ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයට ඇති කළ බලපෑම මොන වගේද?

මේ තුළින් සම සමාජ පක්ෂය තුළ ඇති වෙන්නෙ බෙදීමක්. කම්කරු සමිති 4 ක සංවාදයක් මතු වෙනවා. සම සමාජ, කොමියුනිස්ට් සන්ධානයක් තිබුණනෙ. මෙතනදි කල්පනා කළේ බලය ලබාගත යුත්තෙ කෙසේද කියලා. පැරණි සමාජිකයන් කිව්වෙ ඡුන්ද බලය මගින් පාර්ලිමේන්තුව හරහා අපිට බලයට එන්න පුළුවන් කියලා. තව කණ්ඩායමක් කියා හිටියේ, නෑ ලෝක දේශපාලනය තුළ තවමත් ආයුධ සන්නද්ධ අරගලය වලංගු බව. ආයුධ සන්නද්ධ අරගලයක් මගින් තමයි බලය ලබාගත යුත්තේ කියලා. 1960 දශකය වෙද්දි කම්කරු ව්‍යාපාරය හරියට සංවිධානය නොවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඉච්ඡුාභංගත්වයට පත් වුණ අපි වගේ කොටස් සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩන`ගන්න ඕන කියන තැනට නැඹුරුවෙනවා.

  • 1980 ජූලි වර්ජනය ගැන මොන වගේ අත්දැකීමක්ද තියෙන්නෙ?

80’ වර්ජනය කියන්නෙ යූඇන්පී ය වැඩි බලයක් ලබා ගත්ත අවස්ථාවක්. ඒ වෙනකොට කම්කරු ව්‍යාපාරය දුර්වල වෙලා සමහර අය කිව්වා 80 වර්ජනය නොකළ යුතු දෙයක් කියලා. මාර්තු 05 තිබුණු ජාතික විරෝධතාවෙ දි සෝමපාල සහෝදරයට පහර දීල මරනවා. වමේ නායකයන්ගෙ අදහසක් තිබුණා 53 හර්තාලය වගේ ලොකු එකකට යයි කියලා. ජනතාව තුළත් විශ්වාසයක් තිබුණා 53 හර්තාලය වෙලාවෙ වගේ වමේ නායකත්වයක් ගැන.

  • මේ අරගලය බිද වැටෙන්න හේතු වුණේ මොකක්ද?

විශේෂයෙන්ම සභාග දේශපාලනයට යාම තමයි හේතුව. ධනපති ආණ්ඩුවට ගිහිල්ල මැති ඇමැතිකම් අරගෙන සමාජවාදය ගොඩනගනවා කියලා බොරු කිව්වා. අන්තිමට ඔවුන්ටම සිද්ධ වෙනවා කම්කරුවන් මර්දනය කරන්න.

  • මෙතනදි වමේ නායකයන්ට අවශ්‍ය වෙලා තිබුණා කියල ඔබ විශ්වාස කරන්නෙ මොකක්ද?

කම්කරු පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනවා වෙනුවට ඔවුන්ට අවශ්‍ය වුණේ යූඇන්පී විරෝධී ආණ්ඩුවක් පිහිටුවන්න.

  • මේ අරගලයට බාලා තම්පොගේ විරෝධයකුත් තිබුණා නේද?

ඔව්. බාලා තම්පෝ 80 වර්ජනය හදිසියේ පැමිණීම ගැන විවේචනයක් කළා. ඒ අය 80 වර්ජනයට සම්බන්ධ වෙන්නෙ නැහැ. නමුත් වැඩ වර්ජනය කඩාකප්පල් කළෙත් නෑ. මාර්තු 05 සංකේත වැඩ වර්ජනයට එකතු වුණු නිසා රත්මලාන දුම්රිය කම්කරුවන් වැඩ තහනමකට ලක් වෙනවා. මේකට විරුද්ධව තමයි ඊළග වැඩ වර්ජනය පටන් ගන්නෙ. කොහොම වුණත් ජාතික විරෝධතා දිනය නොකළ යුතුයි කියල කියන්නත් බැහැ. මේකට සහභාගී වීම නිසා දුම්රිය කම්කරුවන්ගේ වැඩ තහනම් කිරීම හරි කියන්නත් බැහැ. දුම්රිය කම්කරුවන්ගේ වැඩ තහනම් කරල තියෙද්දි කම්කරු ව්‍යාපාරය නිශ්ශබ්දව හිටිය කියල කියනව නම් ඒකත් වැරැදියි. කොහොම වුණත් මෙතනදි කම්කරු ව්‍යාපාරය මට්ටම් කරල දැම්මා. ඒ වැටිච්චි වැටිල්ල තාමත් නැගිට ගන්න බැරුව ඉන්නෙ.

  • වමේ දේශපාලනය විසින් කම්කරු පන්තිය අරබයා කළ යුත්තේ කුමක් කියලද ඔබ අදහස් කරන්නෙ?

කරන්න ඕනෙ කම්කරු පන්තිය වෙනුවෙන් සටන් කිරීම නෙමෙයි, කම්කරු පන්තිය සටන් සමග එක් කිරීමයි. කම්කරු පන්තිය එතනට ගෙනඒම සදහා විශ්වාසය ගොඩනගන්න ඕන.

The post කම්කරු පන්තිය සටනට එක් කරන්න ඕන! – පේ‍්‍රමපාල හේවාබටගේ appeared first on Lanka Views | Views of the truth.

]]>
බෞද්ධ කාන්තාවන්ට වද සැත්කම් කළ පුවත විශ්වාස කළ නොහැකිය – වෛද්‍යවරු පවසති https://www.lankaviews.com/%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80%e0%b6%af-%e0%b7%83%e0%b7%90%e0%b6%ad%e0%b7%8a/ Mon, 27 May 2019 17:32:16 +0000 https://www.lankaviews.com/?p=37314 අන්තවාදී සබදතා ඇති වෛද්‍යවරයෙක් සිංහල බෞද්ධ කාන්තාවන් 4000ගේ වද සැත්කම් සිදුකළ බවට පළ වූ පුවත විශ්වාස කළ නොහැකි බව වෛද්‍යවරු පවසති.පසුගිය වැනිදා දිනපතා දිවයින පුවත්පත ඇතුලු ඇතැම් මාධ්‍ය හරහා ප්‍රචාරය කළ මෙම පුවතට අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කර ඇති නම් වෛද්‍යවරයකු සිය හිතවතුන්ට පවසා ඇත්තේ තමන් විසින් සිංහල බෞද්ධ කාන්තාවන් සිසේරියන් සැත්කම්වලට භාජනය කරන […]

The post බෞද්ධ කාන්තාවන්ට වද සැත්කම් කළ පුවත විශ්වාස කළ නොහැකිය – වෛද්‍යවරු පවසති appeared first on Lanka Views | Views of the truth.

]]>
අන්තවාදී සබදතා ඇති වෛද්‍යවරයෙක් සිංහල බෞද්ධ කාන්තාවන් 4000ගේ වද සැත්කම් සිදුකළ බවට පළ වූ පුවත විශ්වාස කළ නොහැකි බව වෛද්‍යවරු පවසති.
පසුගිය වැනිදා දිනපතා දිවයින පුවත්පත ඇතුලු ඇතැම් මාධ්‍ය හරහා ප්‍රචාරය කළ මෙම පුවතට අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කර ඇති නම් වෛද්‍යවරයකු සිය හිතවතුන්ට පවසා ඇත්තේ තමන් විසින් සිංහල බෞද්ධ කාන්තාවන් සිසේරියන් සැත්කම්වලට භාජනය කරන අවස්ථාවන්හි ඔවුන්ට යලි දරුවන් නූපදින සේ වද සැත්කම් සිදුකළ බවය. කෙසේවෙතත් මෙම පුවත පිළිබද අදහස් දක්වා ඇති වෛද්‍යවරු ගනනාවක් එය හාස්‍යෙයන් යුතුව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ මෙය ව්‍යාජ පුවගක් බව වටහා ගන්නට නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වන්නට අවශ්‍ය නැති බවය. සාමාන්‍යයනේ සිසෙරියන් සැත්කමක් යනු වෛද්‍යවරයකුට හිතුමතයේ තනිවම සිදුකළ හැකි සැත්කමක් නොවන බවද අවම වශයෙන් සහායක වෛදයවරු, නිර්වින්දනවේදින් සහ හෙද කාර්යමණ්ඩලය වැනි කාර්යමණ්ඩලයේ 10 දෙනකු මෙවැනි සැත්කමකට සක්‍රියව සහභාගිවන බවද ඔවුන් අතරින් කිසිවකු නොදැන සිසේරියන් සැත්කමක් සිදුකළ නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය හරහා අදහස් දක්වා ඇති ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේද මාධය හරහා පළ කළ වද සැත්කම් 4000ක් සිදුකිරීම වැනි රහස් අපරාධයක් තනි වෛද්‍යවරයකුට කිසිසේත්ම සිදුකළ නොහැකි බවය.
‘විකල්ප‘ වෙබ් අඩවියට මෙම පුවත සම්බන්ධව සිය අදහස් පළ කරමින් ලිපියක් සපයන වෛද්‍ය පියල් පෙරේරා මෙම පුවතේ ඇති අසත්‍යතාව කරුනු සහිතව සනාථ කරයි. කොළඹ වෛද්‍ය පීඨයෙහි අධ්‍යාපනය හදාරා, ප්‍රසව සහ නාරීවේදී ජේෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස වසර 14ක් ශ්‍රී ලාංකාවේ සේවය කර ඇති ඔහු, දැනට බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් විශ්වවිද්‍යාල රෝහලෙහි සේවය කරයි
වසර 22ක් ප්එ‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස කළ රැකියාවේ අත්දැකීම් අනුව සහ බොහෝ දෙනකුගේ ඉල්ලීම මත කෙටි පැහැදිලි කිරීම් කිහිපයක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතුකර ඇත. විකල්ප වෙබ් අඩවියේ ඔහු විස්තර කරන ආකාරයට සිසේරියන් සැත්කම් දස දහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් සිය ගණනකි. වඳ සැත්කම් දසදහසකට වඩා සිදුකර ඇති වෛද්‍යවරුන් අතලොස්සක් ඇත. නමුත් සිසේරියන්, වඳ සැත්කම් හාරදහසක් සිදු කිරීමට එක් වෛද්‍යවරයෙකුට ලැබෙන ඉඩකඩ ඉතාම අල්පය. සියල්ලටම රහසේ එතරම් ප්‍රමාණයක් සිදුකිරීම ඇත්තෙන්ම හිතළුවකි.
ඔහු තවදුරටත් විස්තර කරන ආකාරයට සිසේරියන් සැත්කමක් සිදු කිරීමේදී ගර්භාෂය කපා දරුවා සහ වැදෑමහ ඉවත් කර ගර්භාෂ නැවත මසා අවසන් වන තුරු පැලෝපීය නාල දෙස අවධානය යොමුකිරීමේ ඉඩක් නැත. කෙසේවුවද එබදු සංකීර්ණ හා රෝගී ජීවිතය සම්බන්ධයෙන් තීරනාත්මක සැත්කමක් දෙස සැම විටම ඇස් හයක් යොමුවන බව වෛද්‍ය පියල් පවසයි. එසේ සිසේරියන් සැත්කමකදී අවධානය වෙනස් නොකර තබාගන්නා පිරිස ලෙස, සැත්කම සිදුකරන ශල්‍ය වෛද්‍යවරයා, සහායක වෛද්‍යවරයා සහ සහායක හෙදිය සිටිනු ඇත. 

කෙසේවෙතත්, එවැනි අවස්ථාවක වඳ සැත්කමක් කිරිම සඳහා පැලෝපීය නාලය අවහිර කිරීම හෝ කොටසක් කපා ඉවත් කළයුතුය. සිසේරියන් වඳ සැත්කමකදී පැලෝපීය නාල කොටසක් ඉවත් කිරිමේ ක්‍රමය අනුගමනය කරයි. නමුත් එවැන්නක් ඉහත කී පිරිසගේ දැනුවත්භාවය යටතේ මිස රහසිගතව සිදුකළ නොහැකිය.

කෙසේවෙතත් මවකගේ ගර්භාෂය තවදුරටත් දරු ගැබක් සදහා සහ දරු ප්‍රසූතියක් සදහා සුදුසු නොවන බව පවසා වඳ සැත්කම් සිදුකරන්නට වෛද්‍යවරුන්ට හැකි නමුත් ඒ සදහා රෝගියා දැනුවත් කළ මෙන්ම ඉහත කී කාර්ය මණ්ඩලයේ අවබෝධය මත එකී සැත්කම කළ යුතුව ඇත. ඒ නිසා ප්‍රායෝගික වශයෙන් මෙම කටයුත්ත සහයක හෙදියන් සහ සහයක වෛද්‍යවරුන්ගේ සහාය නැතිව කළ නොහැකිය.

මෙම පුවතට අදාළව සත්‍ය අසත්‍යතාව අනාවරණය කිරීමද සරල විමර්ශන කාර්යයකි. එනම්, චෝදනා ලබා ඇති වෛද්‍යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයාගැනීමට රෝහල් පරිපාලනය හරහා සිදුකළ හැකිය. එම රෝගීන් ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන්කර නොමැති නම් ඒ ගැන පවතින සැකය මත විධිමත් පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇති දැයි පරික්ෂා කර ගත හැක.

එසේම කිසියම් වෛද්‍යවරයෙක් විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු අන්‍ය වෛද්‍යවරු හෝ හෙදියන් දැක හෝ අසා හෝ ඇති නම් ඒ බව දැනුම් දීමට හැකිය. එබදු සිදුවීම් රෝහල් අධ්‍යක්ෂකට හෝ අමාත්‍යාංශයට දැනුම් දීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 

එපමණක් නොව, එවැනි සිදුවීමකට මුහුණ දෙන අයකුට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට බලපෑම් කළ හැකිය. 

කෙසේවෙතත්, මෙම වෛද්‍යවරයා සම්බන්ධව පළ කළ පුවත අසත්‍ය නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීමට කටයුතු කර තිබීම හේතුවෙන් රටේ පවතින නීති මාර්ගයෙන් ක්‍රියාත්මක විය හැකිය. එවැනි ප්‍රෙකා්පකාරී පුවතක් පළ කිරීමේ වරද සනාථ වුවහොත් පුවත්පත තහනම් කිරීම ද කළ හැකි බව විද්වත් මතයයි. මෙවැනි පුවතක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු රටේ වගකිව යුතු නිල ආයතන ගණනාවකි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය ,පොලිසිය ප්‍රධාන වේ. ඊට අමතරව, මෙබදු විනාශකාරී ප්‍රචාරයක් ප්‍රසිද්ධ කිරීම සිදුකළ මාධ්‍ය හා මාධ්‍යවේදින් සමිබන්ධයෙන්ද ජනතාව සහ නෛතික ආයතන එක්ව කටයුතු කළ යුතුය.

The post බෞද්ධ කාන්තාවන්ට වද සැත්කම් කළ පුවත විශ්වාස කළ නොහැකිය – වෛද්‍යවරු පවසති appeared first on Lanka Views | Views of the truth.

]]>
සමාප්ත කාලය සහ අවසන් සටන; සමකාලීන ලෝකයේ දේශපාලන ආර්ථිකය ගැන.., https://www.lankaviews.com/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%b4%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b7%83/ Fri, 10 May 2019 15:33:09 +0000 https://www.lankaviews.com/?p=36924 සුමිත් චාමින්ද ලේඛකයා ‘ප්‍රැක්සිස් සාමුහිකය’ නියෝජනය කරමින් කලක් තිස්සේ වාමාංශික දේශපාලන අවකාශය තුළ න්‍යායික සංවාදයකට සම්බන්ධ වී සිටී. ‘අනිද්දා’ පුවත්පතේ වාර්ෂික සංවත්සර ප්‍රකාශනයෙහි පළ කිරීම සඳහා ලියන්නැයි ඇරයුම් ලැබ ඔහු විසින් ලියන ලද ලිපියක් අප වෙත එවා තිබිණි. එම සම්පූර්ණ ලිපිය ඔහුගේම පූර්විකාවක් සමගින් පහත පළ වේ.  ලේඛකයාගේ පූර්විකාව මෙය, “අනිද්දා” පුවත්පතේ වාර්ෂික සංවත්සර ප්‍රකාශනය […]

The post සමාප්ත කාලය සහ අවසන් සටන; සමකාලීන ලෝකයේ දේශපාලන ආර්ථිකය ගැන.., appeared first on Lanka Views | Views of the truth.

]]>
සුමිත් චාමින්ද

ලේඛකයා ‘ප්‍රැක්සිස් සාමුහිකය’ නියෝජනය කරමින් කලක් තිස්සේ වාමාංශික දේශපාලන අවකාශය තුළ න්‍යායික සංවාදයකට සම්බන්ධ වී සිටී. ‘අනිද්දා’ පුවත්පතේ වාර්ෂික සංවත්සර ප්‍රකාශනයෙහි පළ කිරීම සඳහා ලියන්නැයි ඇරයුම් ලැබ ඔහු විසින් ලියන ලද ලිපියක් අප වෙත එවා තිබිණි. එම සම්පූර්ණ ලිපිය ඔහුගේම පූර්විකාවක් සමගින් පහත පළ වේ. 

ලේඛකයාගේ පූර්විකාව

මෙය, “අනිද්දා” පුවත්පතේ වාර්ෂික සංවත්සර ප්‍රකාශනය සඳහා ලිපියක් ලියන ලෙස කළ ඉල්ලීම පරිදි මවිසින් ලියන ලද්දකි.  නියමිත දිනට බාරදෙන ලද මේ ලිපිය අදාළ ප්‍රකාශනය තුළ පළ කොට තිබුණේ නැත. ඒ පිළිබඳව විමසූ විට අපට දන්වන ලද්දේ මෙය පළ කිරීමට නොහැකි වූයේ තාක්ෂණික හේතුවක් නිසා බවත් සති දෙකක් තුළ අනිවාර්යයෙන්ම මෙය ‘අනිද්දා’ පුවත්පතෙහි පළ කරනු ලබන බවත්ය. නමුත්, එය එසේ සිදු නොකෙරිණ. “අනිද්දා” පුවත්පත තුළ දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයක් හිමි කොටගෙන තිබෙන ‘ලාංකීය වර්ගයේ ලිබරල්වාදය’ මේ ලිපියෙන් න්‍යායිකව සහ දේශපාලනිකව විවේචනයට ලක් කෙරේ. පෙනී යන ආකාරයට “අනිද්දා” පුවත්පතේ ප්‍රතිචාරය වී ඇත්තේ අප විසින් ඉදිරිපත් කරන ලද අභියෝගය භාර ගැනීම වෙනුවට අපගේ අදහස් පළ කිරීමෙන් පවා වැළකී සිටීමය. අපි “අනිද්දා” පුවත්පතේ මේ ලැජ්ජාසහගත මාධ්‍ය භාවිතය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතරම, සමකාලීන ලාංකීය සහ ගෝලීය සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රවණතා පිළිබඳ අපගේ විශ්ලේෂණ සමාජගත කිරීමේ විකල්ප මාධ්‍යයන් නියතවම සොයා ගන්නෙමු. ‘ලාංකීය වර්ගයේ ලිබරල්වාදය’ පිළිබඳ විවාදයට අප දැන් අන් කවරදාටත් වඩා සූදානම්ය.

2020 න් පසු ලංකාව පරිකල්පනය කරන්නට ඔබ අපට ඇරයුම් කරයි. එසේ කළ හැක්කේ අපට 2020 න් පසු ලෝකය පිළිබඳ පරිකල්පනයක් ගොඩ නගා ගත හැකිනම් පමණි. “ලංකාව පවතින්නේ ලෝකය තුළ මිස ලෝකය පවතින්නේ ලංකාව තුළ නොවේ” යැයි ඇතැම් ලිබරල්වාදියෙකු ජාතිකවාදියෙකුට උදාරම් ලෙස තේරුම් කර දෙනු අපි දැක ඇත්තෙමු. නමුත්, ලංකාවේ සමකාලීන ලිබරල්වාදීන් වුවත් සිටින්නේ ජාතික රාජ්‍යයේ පර්යාවලෝකනයක් තුළ හෝ අතීතයට හැරුණු පර්යාවලෝකනයක්  තුළ බවට සහේතුක තර්කයක් ගොඩ නැගිය හැකිය. සමකාලීන ලෝකයේ සිදුවෙමින් පවතින දේශපාලන-ආර්ථිකමය පරිවර්තන පිළිබඳ විග්‍රහයක් මෙරට ලිබරල්වාදීන් සතුව තිබේද?  ඔවුන්ගෙන් ඇතැමෙකු ඉමහත් ආඩම්බරයෙන් මේ ප්‍රශ්නයට “ඔව්” යනුවෙන් පිළිතුරු දෙනු ඇත. නමුත්, ඔවුන් කතා කරන්නට පටන් ගත් මොහොතේ සිටම අපට ඇසෙනු ඇත්තේ 1990 දශකයේ ලෝකය පිළිබඳ යල් පැනගිය ඒකාකාරී විස්තර රැසකි. නවීකරණයේ මග වැටී ඇත්තේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීම තුළ යැයි ඔවුන් පවසනු ඇත; ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ නිදහස් වෙළඳපළ ප්‍රතිපත්තීන් ඔස්සේ පමණක් යැයි පවසනු ඇත; සමාජවාදය අතීතයට අයත් යැයි පවසනු ඇත; මෑතකදී මංගල සමරවීර ඇමතිවරයා පැවසූ ලෙස කැලෑ වැදුණු ඉඩමක් වූ සිංහරාජය කපා දමා එතැන ෆැක්ටරියක් තැනීම සංවර්ධනයේ මාවත යැයි ඇතැම් ආර්ථික ලිබරල්වාදියෙකු ඉමහත් ඒත්තු ගැනීමකින් යුතුව පවසනු ඇත! (ඉහත ප්‍රකාශය ලාංකීය “ලිං මැඩි ලිබරල්වාදයේ” චින්තනමය දරිද්‍රතාව කදිමට සංකේතවත් කරයි. එවැන්නක් කිව හැක්කේ විසි එක් වන සියවසට තම පසුපසත් දහනම වන සියවසට මුහුණත් හරවාගෙන සිටින ගතානුගතිකවාදී හණ මිටිකාරයෙකුට පමණි). ලාංකීය සමකාලීන ලිබරල්වාදය එබඳුය. ”අනිද්දා” පුවත්පත තුළ දෘෂ්ටිවාදී ආධිපත්‍යයක් හිමි කරගෙන සිටින එම ලාංකීය වර්ගයේ ලිබරල්වාදය සමකාලීන ලෝකය ලෙස දකින්නේ 1990 දශකයට අයත් කතිකාමය ලෝකයකි.   නමුත්, 2020 න් පසු ලෝකය පරිකල්පනය කිරීමට නම් අප ප්‍රථමයෙන් 1990 දශකය අවසන් වී ඇති බව වටහාගත යුතුය.

ඉතිහාසයේ අවසානයේ දශකය 

’90 දශකය සංලක්ෂිත වූයේ කුමකින්ද? 1989 නොවැම්බරයේදී බර්ලින් තාප්පය බිඳ වැටීමෙන්ද (හරියටම ඒ මසදීම ජවිපෙ දෙවන සන්නද්ධ අරගලය පරාජයට පත් විය), 1991 දෙසැම්බරයේදී සෝවියට් දේශය කැබලිවලට කැඩී යාමෙන්ද, 1990 දී පෝලන්තයේ ලෙක් වැලේසාගේ සහයෝගීතා ව්‍යාපාරය බලයට පත් වීමෙන්ද, ඒ වසරේදීම කොමියුනිස්ට් යුගෝස්ලාවියාව ජනවාර්ගික බෙදුම් ඉරි ඔස්සේ කැඩී විසිරී යාමෙන්ද, තෘෂ්නි යුද්ධයේ සමාප්තියෙන්ද, ජ්‍යෙෂ්ඨ ජෝජ් බුෂ්ගේ ඊනියා නව ලෝක රටාවෙන්ද, 1992 දී ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය සහ අවසන් මිනිසා” පිළිබඳ ප්‍රවාදය ඉදිරිපත් වීමෙන්ද, 1990 දී ගල්ෆ් යුද්ධයේ ආරම්භයෙන්ද (ඒ සමග මැද පෙරදිග කලාපය තුළ එක්සත් ජනපදයේ පශ්චාත්-තෘෂ්නි යුද උපාය මාර්ගය ඇරඹිණ), 1993 යුරෝපා සංගමය ගොඩ නැගීමෙන්ද, නව-ලිබරල්වාදී ගෝලීයකරණයෙන්ද, බටහිර ලෝකයේ දක්ෂිණාංශික දේශපාලනයේ රළ නැග්මෙන්ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ හැකිලී යාමෙන්ද, ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නැග ඒමෙන්ද අනූව දශකය සංලක්ෂිත විය. එය ලොව පුරා වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් සර්ව-අසුබවාදී පර්යාවලෝකනයක් සහිත දශකයකි; “නව-ලිබරල්වාදයට විකල්පයක් නැත” යන මාගරට් තැචර්ගේ සූත්‍රය ලොව පුරා දක්ෂිණාංශික නායකත්වයන් විසින් පුනරුච්ජාරණය කරන්නට යෙදුනු දශකයකි; විසිවන සියවසේ සමාජවාදය වෙනුවෙන් වූ ව්‍යාපෘතීන් සියල්ලම පාහේ පරාජයට පත් වූ සෙයක් පෙනුණු දශකයකි.  ලංකාවේ ලිබරල්වාදීන් තවමත් වාමාංශික න්‍යාය සහ දේශපාලනය විවේචනය කරන්නේ මෙම අනූව දශකයේ පර්යාවලෝකනය තුළ ස්ථානගත වී හිඳිමින්ය.

2008 න් පසු ලෝකය 

නමුත්, මා මින් පෙරද පැවසූ පරිදි දැන් අනූව දශකය අවසන්ය; එය අවසන් වූයේ හරියටම 2008 දීය. මේ ඓතිහාසික යුග වෙනස පසුපස තිබූ දේශපාලන-ආර්ථික පසුතලය මහාචාර්ය රිචර්ඩ් වූල්ෆ් කදිමට පහදයි. 1970 දශකයේ ආරම්භයේදී මිල්ටන් ෆ්‍රීඩ්මාන් ඇතුළු “චිකාගෝ කොල්ලන්ගේ” මග පෙන්වීමෙන් ඇරඹි නව-ලිබරල්වාදය පශ්චාත්-තෘෂ්නි යුද වසරවලදී ගෝලීය විජයග්‍රහණය සැමරීමේ මුහුණුවරකින් පසු විය. ඒ ගෝලීයකරණයේ රැල්ල සමග අතිනත ගනිමින්ය. නමුත්, එය ඒ  සමගම මාක්ස්ගේ වචනයෙන් කිවහොත් තම මිනී වල කපා ගන්නටද පටන් ගත්තේය. මාක්ස් හඳුනාගත් ධනවාදයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධයක් වෙතට වූල්ෆ් මෙහිදී අපගේ අවධානය යොමු කරවයි. එම ප්‍රතිවිරෝධය නම් එක් පසෙකින් නිෂ්පාදන ක්‍රියාවලියේ වර්ධනය තුළින්ම ඇති කරන අධි-නිෂ්පාදනයත් (over-production) අනෙක් පසින් එම ක්‍රියාවලියේම ප්‍රතිපලයක් ලෙස කම්කරුවන් අතර ප්‍රාග්ධන නිර්-සමුච්චකරණයක් (de-accumulation) ඇති වීමත්ය. සරලව කිවහොත්, භාණ්ඩ නිෂ්පාදනයේ අධික වර්ධනයක් ඇති වීමට සමාන්තරව ඒ භාණ්ඩ මිළදී ගැනීමට බහුතර ජනතාවට ඇති හැකියාව අඩු වී යයි. එවිට මිළ මට්ටම්වල පහළ යාමක්ද, නිෂ්පාදකයන්ගේ ලාභ රේට්ටුවේ බිඳ වැටීමක්ද ඇති වේ; කර්මාන්ත වසා දමන්නට සිදුවේ; විරැකියාව වර්ධනය වේ; මිළ දී ගැනීමේ හැකියාව තවත් පහළ යයි; අර්බුදය උග්‍ර වේ.

ඇඩම් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝ ගේ සම්භාව්‍ය දේශපාලන ආර්ථික න්‍යාය මගින් අපේක්ෂා කළ පරිදි නිදහස් වෙළඳපල විසින් ආර්ථිකමය සමතුලිතතාවක් ඇති නොකරයි. ඒ වෙනුවට ධනවාදය ගමන් කරන්නේ අර්බුද ජනනය කරමින්ය. (මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ අනු-මාතෘකාව “දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනය” යන්නයි).වූල්ෆ් මේ න්‍යාය ඇසුරින් නිෂ්පාදනයේ ගෝලීයකරණය පිළිබඳ සංසිද්ධිය පැහැදිළි කරයි. ගෝලීයකරණය තුළ සංවර්ධිත ධනවාදී රටවල කර්මාන්ත පරිවාරයේ රටවල් කරා විතැන් වූ බව අපි දනිමු. නිදසුනක් ලෙස මෑතකදී රනිල් වික්‍රමසිංහ ඉතාම උජාරුවෙන් ප්‍රකාශ කළ පරිදි දැන් ලොව හොඳම ජංගි (වික්ටෝරියා සීක්‍රට්) නිපදවන්නේ ලංකාවේය. හොඳයි, මේ ජංගි කර්මාන්ත ලංකාව කරා පැමිණෙන්නේ මන්ද? ලාංකිකයින් ”ජංගි විශේෂඥයින්” යැයි ඔවුන් කල්පනා කරන නිසාද? නැත. මෙරට ශ්‍රම-ශක්තියට ගෙවන අඩු මිළ (එනම් අඩු වැටුප්) නිසාය. අප ඉරී ගිය ජංගි අඳින සමාජයක් නිසාය.

ගෝලීයකරණය තුළ ලාභ ශ්‍රමය ඇති තැන් වෙතට ගෝලීය ප්‍රාග්ධනය ගලා යයි. නමුත්, එහිදී මාක්ස් ඉහත පෙන්වාදුන් ප්‍රතිවිරෝධය වඩාත් තියුණු ලෙස එයට අභිමුඛ වේ. ප්‍රාග්ධනය ලාභ ශ්‍රමය සොයා සංචලනය වනවා යනු සමස්තයක් ලෙස, එනම් ගෝලීයව, ශ්‍රම ශක්තියේ මිළ පහත වැටෙනවාය යන්නයි. වෙනත් ලෙසකට කිවහොත්, අධි-නිෂ්පාදනයේ ගැටළුව සහ ඒ ඇසුරින් පැන නැගෙන ආර්ථික අර්බුදය වඩ වඩාත් තියුණු කිරීමට ගෝලීයකරණය ඉවහල් වේ. මේ අර්බුදය සංවර්ධිත ධනවාදී රටවලට දරුණු ලෙස දැනෙන්නට පටන් ගන්නේ ඒ රටවල කර්මාන්ත පරිවාරයට විතැන් කිරීම නිසාය. ගෝලීයකරණ යුගයේ කාර්මික නිෂ්පාදනයේ ෆැක්ටරිය බවට පත් වන්නේ ලාභ ශ්‍රමය ඇති ප්‍රදේශය. එහි ප්‍රතිපලයක් ලෙස කේන්ද්‍රයේ රටවල විරැකියාව වර්ධනය වනවා පමණක් නොවේ; නීති විරෝධී සංක්‍රමණික ශ්‍රමය සූරා කෑමේ නව නැඹුරුතාවක්ද ව්‍යාප්ත වේ. සංවර්ධිත ධනවාදී ලෝකයේ පැන නගින අන්ත-දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ල තුළ සංක්‍රමණ විරෝධය ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වන්නේ මේ තතු යටතේය.       2008 න් පසු ලෝකය වටහා ගැනීමේ දේශපාලන ආර්ථික ඛණ්ඩාංක කිහිපයක් දැන් අප සතුය. නමුත්, 2008 ආර්ථික අර්බුදය පැන නැගුණේ සම්භාව්‍ය මාක්ස්වාදය තුළ කියැවෙන නිෂ්පාදන ක්ෂේත්‍රයේ අර්බුදයක් ලෙස වනවාට මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් ලෙස නොවේදැයි යමෙකු විමසිය හැකිය. මෙය අප තේරුම් කරන්නේ කෙසේද?

සමකාලීන ප්‍රමුඛතම දේශපාලන අර්ථ ශාස්ත්‍රඥයෙකු වන යානීස් වරූෆකිස් (ග්‍රීසියේ වාමාංශික සිරිසා ආණ්ඩුවේ හිටපු මුදල් ඇමතිවරයා සහ පසුව යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා) මේ සඳහා කදිම විශ්ලේෂණයක් සපයයි. නව-ලිබරල්වාදී යුගයේ කාර්මික ප්‍රාග්ධනය පරයා මූල්‍ය  ප්‍රාග්ධනය අධිපතීත්වය හිමි කර ගනී; කලින් කාර්මික නිපැයුම්කරුවන් වූ ධනපතීන් පවා මූල්‍ය ඒකාධිකාරීන් බවට පත්වේ (නිදසුනක් ලෙස ජෙනරල් මෝටර්ස් සමාගම). අප ඉහත සඳහන් කළ ධනවාදී ආර්ථික අර්බුදය සඳහා මේ යුගයේ ධනවාදය විසින්ම ලබාදෙන විසඳුමක් තිබේ නම්, ඒ මූල්‍යකරණයයි. වඩාත් සරලව කිවහොත්, කම්කරුවන් අතර ප්‍රාග්ධනය නිර්-සමුච්චකරණය වන විට ඔවුනට භාණ්ඩ මිළදී ගැනීමට ඇති හැකියාව ක්ෂය වී යයි. එය අර්බුදයක් දක්වා වර්ධනය නොවීම පිණිස 1970 ගණන් දක්වා ක්‍රියාවේ යොදවන ලද කේන්සියානු උපාය වූයේ රාජ්‍ය සුබසාධන ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමයි; එනයින්, පහළ සමාජ පංතීන් වෙත ආදායම් පුනර්-ව්‍යාප්තීකරණයක් (income re-distribution) වීමට සැලැස්වීය. අප දැන් දන්නා පරිදි නව-ලිබරල් මොඩලය තුළ රාජ්‍ය සුබසාධනවාදය සැලකෙන්නේ යල් පැන ගිය දෙයක් ලෙසය. අතීතයට මුහුණ හරවාගෙන සිටින ලාංකීය ලිබරල්වාදීන්ද ඉමහත් උජාරුවෙන් පවසන්නේ අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවය සුබසාධන සේවයක් ලෙස සැලකීම පැරණි අදහසක් බවයි. (1990 දශකයේදී අලුත් සුසමාදර්ශයක් ලෙස පෙනුණු මේ අදහස දැන් යල් පිනූ එකක් බව කෝබින්-සැන්ඩර්ස්-වරූෆකිස් ත්‍රිත්වයේ නායකත්වයෙන් ගොඩ නැගෙන “ප්‍රගතිශීලී ජාත්‍යන්තරය” අපට පෙන්වා දෙයි). එසේනම්, දැන් අධි-නිෂ්පාදිත භාණ්ඩවලට පහළ සමාජ පංතීන් කෙරෙන් ඉල්ලුමක් ජනනය කරන්නේ කෙසේද?

මූල්‍යකරණ යුගයේ මේ ප්‍රශ්නයට දෙනු ලබන විසඳුමක් තිබේ. එනම් ණයයි. අපගේ වැනි රටවලට ණය දෙනු ලබන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ නිෂ්පාදන මිළදී ගනු පිණිසය. වෙනත් වචනයෙන් කිවහොත් ගෝලීය ධනවාදී පද්ධතියේ සමතුලිතතාව රැක ගනු පිණිසය. මේ ණය ආර්ථිකය මහේක්ෂ තලයේ සිට ක්‍ෂුද්‍ර පුද්ගලික තලය දක්වා දිව යයි. ඔබ මහමගදී දකින වාහන පෝලිම් යනු ණය, ලීසිං හෝ රක්ෂණ පෝලිම්ය; අහස උසට ඉදිවන ගොඩනැගිලි සංකීර්ණ යනු ණය කඳුය. කොටින්ම අප දැන් ජීවත් වන්නේ ණය මගින් පිම්බූ ආර්ථික බුබුලක් තුළය. මේ බුබුල පිපිරී ගිය විට අප සැම “සැබෑවේ කතරට” නොහොත් මහමගට වැටෙනු ඇත. 2008 දී එක්සත් ජනපදය තුළ වචනාර්ථයෙන්ම සිදු වූයේ එයයි. එනම්, මිනිසුන් දහස් ගණනින් නිවාස අහිමිව මහමගට වැටීමයි. මූල්‍යකරණය විසින් ධනවාදයේ ව්‍යුහාත්මක අර්බුදයට විසඳුමක් නොදෙන බැව් මෙයින් පැහැදිළි වේ. මන්ද යත්, මූල්‍ය ආයතනවලට පැවතිය හැක්කේ ණය ගත් අයවලුන් හට ඒ ණය ආපසු ගෙවිය හැකි තාක්කල් පමණි.

2015 ග්‍රීසියේ අර්බුදයෙන් පෙන්නුම් කළේ ණය මගින් පිම්බූ ගෝලීය ධනවාදයේ බුබුල පිපිරී යා හැකි බවයි. ලංකාවේද මේ දිනවල ග්‍රාමීය දුගීන් ඉලක්ක කරගෙන වැඩෙන ඊනියා ක්‍ෂුද්‍ර ණය මගින් ඔවුන් තව තවත් දරිද්‍රතාවේ උගුලට සිර කෙරෙමින් පවතින බවට නිදසුන් දහස් ගණනක් සැපයිය හැකිය. වරූෆකිස් තර්ක කරන පරිදි මූල්‍යකරණය තුළ කිසිවක්ම නිෂ්පාදනය නොකොට සුපිරි ධනපතීන් බවට පත්වන පරපුටු පංතියක්ද නිර්මාණය වේ. නිදසුනක් ලෙස මූල්‍ය අනුපාතවල උච්චාවචන ප්‍රයෝජනයට ගෙන සුදූ කෙළින මූල්‍ය ගැණුම්කරුවන් සැලකිය හැකිය. ඩේවිඩ් හාවීට අනුව, නව-ලිබරල් හැරවුමෙන් පසුව ගෝලීය ධනපතීන් අතලොස්සක් අතර ප්‍රාග්ධනය සමුච්චනය වීම නාට්‍යමය ලෙස වර්ධනය වී ඇත. ඒ කොතරම්ද යත්, 2019 වසරේ ඔක්ස්ෆෑම් වාර්තාව අනුව පසුගිය වසරේදී ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනය ලෝක ජනගහණයේ දුගීම අර්ධයේ (එනම්, බිලියන 3.8 ක ජනයාගේ) ධනයට සමානය. එපමණක් නොව ලොව ධනවත්ම බිලියනපතියන් 2200 දෙනාගේ ධනය 12% ක වේගයෙන් වර්ධනය වන අතර දුගීම අර්ධයේ ධනය 11% ක වේගයෙන් පහත බසිමින් තිබේ. මේ උග්‍ර වන අසමානතාව ව්‍යුහාත්මක වූවක් මිස අනපේක්ෂිත අහඹුවක් නොවේ. 

ලිබරල්වාදී යුතෝපියාවේ බිඳ වැටීම 

1990 දශකය සලකුණු වූයේ සමාජවාදී පරිවර්තනයක් පිළිබඳ අපේක්ෂාවේ බිඳ වැටීමෙන් නම්, 2008 න් පසු යුගය සලකුණු වන්නේ ධනවාදී සංවර්ධනය විසින් සමස්ත මිනිස් වර්ගයාම ශිෂ්ටාචාරමය විනාශයක් කරා රැගෙන යන්නේය යන සර්ව අසුබවාදී චිත්‍රයෙන්ය. ඒ චිත්‍රයේ එක් පැතිමානයක් නම් ලොව පුරා වැඩෙන දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ රැල්ලයි. මේ ජනප්‍රියවාදය විසින් සංවිධානය කරනු ලබන්නේ නව-ලිබරල්වාදය මගින් ජනනය කළ සමාජ කළකිරීම, විරෝධය සහ අසංතෘප්තියයි. එක් අතකින් මේ මනෝභාවය දේශපාලනිකව සංවිධානය කිරීමට පැරණි සමාජ ප්‍රජාතාන්ත්‍රික නායකත්වයන් දැන් අසමත්ය; ඒ ඔවුන් අනූව දශකයේදී නව-ලිබරල් ගතානුගතිකත්වය සමග සන්ධානගත වීම නිසාය (නිදසුන්: ටෝනි බ්ලෙයාර්ගේ තුන්වන මාවත සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මානුෂික මුහුණුවරක් සහිත විවෘත ආර්ථිකය). ජනප්‍රියවාදය ඒ හිඩැස පුරවමින් සිටී.

2017 ජනාධිපතිවරණයේදී අන්ත දක්ෂිණාංශික මරීන් ලපෙන් ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයේදී 33% ක පමණ ජන්ද ප්‍රතිශතයක් ලබා ගත්තාය; ඒ වසරේදීම ට්‍රම්ප් එක්වරම සංස්ථාපිත-විරෝධී මෙන්ම සංක්‍රමණ-විරෝධී සටන් පාඨ ඔස්සේ ‘විත් ජයග්‍රහණය කළේය; 2016 දී ප්‍රධාන ධාරාවේ පක්ෂ සියල්ලේ විරෝධය නොතකා බ්‍රිතාන්‍යයේ බහුතර ජනයා බ්‍රෙක්සිට් සම්මත කළේය. අද වනවිට ගෝලීය ධනවාදයේ දේශපාලන බලය හොබවන ප්‍රමුඛ නායකයන් රැසක්ම ප්‍රවණතාත්මක ලෙස ජාතිකවාදී ජනප්‍රියවාදීන්ය (එක්සත් ජනපදයේ ට්‍රම්ප්, චීනයේ ෂී ජින්පින්, රුසියාවේ පුටින්, ජපානයේ ෂින්ෂෝ අබේ, ඉන්දියාවේ මෝඩි යනාදී වශයෙන්…). මෙය අහම්බයක් නොවේ. නව-ලිබරල්වාදයේ අර්බුදය දේශපාලනිකව කළමණාකරණය කර ගැනීමේ දක්ෂිණාංශික උපාය මාර්ගය වී ඇත්තේ එයයි. 2008 න් පසු ලෝකය පිළිබඳ අසුබවාදී චිත්‍රයේ තවත් පැතිමානයක් නම් ධනවාදය සහ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය අතර පැවති ඓතිහාසික කසාදය අවසන් වෙමින් පැවතීමේ සලකුණු ප්‍රදර්ශණය වීමයි. චීන ධනවාදයේ නැගීම මේ ගැටළුවේ මධ්‍යයෙහිම ඇත. ෂී ජින්පින්ගේ “One Road; One Belt” ව්‍යාපෘතිය ගෝලීය හෙජමොනික උපාය මාර්ගයක කොටසක්ද යන ප්‍රශ්නය දැන් බටහිර බුද්ධි කව තුළින් ඇසෙන්නට පටන්ගෙන තිබේ.

දකුණු චීන මුහුදේදී සේම වෙනිසුවෙලාවේ අභ්‍යන්තර දේශපාලන අරගලය තුළදීද පැරණි ගෝලීය බලවතා සහ නව බලවතා එකිනෙකාගේ දෑස් දෙස බලයි. මීට සමාන්තරව ධනවාදයේ නව මාදිලිය වන්නේ දේශපාලන ඒකාධිපතීත්වය සමග අතිනත් ගත් නිදහස් වෙළඳපලවාදයද (එනම්, ලී කුවාන් යූගේ ඊනියා ආසියාතික වටිනාකම් සහිත ධනවාදයද) යන ප්‍රශ්නය දැන් ඇසෙන්නට පටන්ගෙන තිබේ. අවසන් වශයෙන්, ධනවාදී සංවර්ධනය විසින් සමස්ත මිනිස් වර්ගයාත් ජෛව ගෝලයත් විනාශයේ මුව විටට රැගෙන යමින් තිබේය යන ප්‍රවාදය දැන් සරලව නොතකා හැරිය හැක්කක් නොවේ. කාලගුණ විපර්යාසය පිළිබඳ පැරිස් සම්මුතියට අනුව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව-කාර්මික යුගයට සාපේක්ෂව තවත් සෙල්සියස් අංශක 1.5 කට වඩා වර්ධනය වුවහොත් ලෝකයේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා කාලගුණ සරණාගතයන් වීමට ඉඩ තිබේ. (ශ්‍රී ලංකාව ගෝලීය කාලගුණ අවදානම් දර්ශකයේ ඉහළින්ම සිටින රටකි). මේ මට්ටමට උෂ්ණත්වය පාලනය කර ගන්නට නම් 2030 වසර වන විට මිනිසුන් විසින් කරන කාබන් විමෝචනය 45% කින් පහත හෙළිය යුතුය. එයින් අදහස් වන්නේ ඉදිරි දශකය තුළදී අප සංවර්ධනය පිළිබඳව රැඩිකල් ලෙසම වෙනස් දැක්මක් (ගෝලීයව) ගොඩ නගා ගත යුතු බවයි.

ශ්‍රී ලංකාව හමුවේ ඇති වියහැකියාවන් 

ශ්‍රී ලංකාව ඉහත ගෝලීය අර්බුදය තුළ ස්ථානගත වන්නේ මෙරටට අදාළ සුවිශේෂී ව්‍යුහාත්මක ගැටළු රැසක්ද දරා ගනිමිනි. පළමුව, මෙරට යටත් විජිත ධනේශ්වරය 19 වන සියවසේ අග භාගයේ සිටම ස්වකීය හෙජමොනිය (නායකත්වය) සෙසු සමාජ පංතීන් මත ස්ථාපිත කර ගැනීමට අසමත් වීමේ දීර්ඝ කාලීන අර්බුදයකට මුහුණ දී තිබේ. සිංහල ප්‍රභූ පාලක ස්ථරය සෙසු ජනවාර්ගික සහ ආගමික නායකත්වයන්ගේ සක්‍රීය හෝ අක්‍රීය කැමැත්ත දිනා ගැනීමට අසමත් වීමේ අර්බුදයක් ඇත. මේ අසමත්භාවයට පිළිතුරක් ලෙස ආදේශ වී ඇත්තේ කාලාන්තරයක් තිස්සේ ව්‍යාප්ත වූ සහ ආයතනගත වූ අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයකි. සමකාලීනව මෙරට සියළු ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග සමස්ත සිරවීමකට ලක් වී පවතී. කිසිදු කණ්ඩායමකට තනිව බලය අත්පත් කරගත නොහැකි අතර, කිසිවෙකුට අනෙකා සහමුලින්ම පරාජය කරන්නටද හැකි වී නොමැත. (මෙකල පවතින සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික අවකාශයද සරදම්ජනක ලෙස මේ සමස්ත සිරවීමේ අතුරු පලයකි). මේ අතර  පොදුවේ දේශපාලකයන්ට එරෙහි මහජන විරෝධයක්ද ගොඩ නැගෙමින් පවතින අතර අවශ්‍ය නම් එය ජනප්‍රියවාදී නව ව්‍යාපාරයක් විසින් සංවිධානය කිරීමේ ශක්‍යතාවද බැහැර කළ නොහැකිය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ ජාතික ආරක්ෂක කතිකාව යළිත් ඉදිරියට ඒමද අපේක්ෂා කළ හැකිය. ඒ අනුව, දක්ෂිණාංශික ජනප්‍රියවාදයක නැගීම සඳහා යම් අවකාශයක් නිර්මාණය වෙමින් පවතී. ග්‍රාම්ස්චි පැවසූ ලෙස “දෛවයේ මිනිසුන්” ලෙස පෙනී සිටින නවතම චරිත සහ බලවේග දේශපාලන පෙතට ඇතුල් විය හැකිය; පෙර නොවූ විරූ නව සන්ධාන බිහි විය හැකිය (කොටින්ම රනිල් සහ මහින්ද අතර වුවත් පශ්චාත්-මැතිවරණ සන්ධානයක් බිහි වුවද, මම එයින් විශ්මයට පත් නොවෙමි). නමුත්, සියළු දක්ෂිණාංශික බලවේග සතුව ඇත්තේ එකම මාදිලියේ ආර්ථික පෙර දැක්මකි. එනම්, වචනයෙන් නැගෙනහිර ආසියාතික ධනවාදී මොඩලය අනුයන බව ප්‍රකාශ කරන අතර ක්‍රියාවෙන් කොන්ත්‍රාත් කාර ධනවාදයක් නඩත්තු කිරීමය. මේ කොන්ත්‍රාත්කාර ධනවාදය බටහිර මූල්‍ය ප්‍රාග්ධනයේ සහ චීනයේ අභිලාශ අතර දෝලනය විය හැකිය. ලංකාව දැනටමත් මහ බලවතුන් අතර ගෝලීය හෙජමොනික අරගලයේත් ගෝලීය ත්‍රස්තවාදයේත් ඉලක්ක බිමක් බවට පත්ව ඇති බැවින් අපගේ අනාගත ඉරණම හුදෙක් ජාතික දේශපාලනයේ සංඛ්‍යාත මගින් පමණක් වටහාගත නොහැකි වනු ඇත.

මේ සියල්ල මැද අධිෂ්ඨාන සහගත නව උපාය මාර්ගයක් සහිතව වැඩ කළ හොත් වාමාංශයට පෙර නොවූ ඉදිරි ගමනක් තිබෙන බව මගේ අදහසයි. සියළු වමේ පක්ෂ, සංවිධාන, අධ්‍යයන කව හා සංස්කෘතික එකතූන් අතර පුළුල් සහයෝගීතාවක් ගොඩ නගා ගැනීමත්, අනුග්‍රාහක දේශපාලන බැමි බිඳ හෙලීමේ උපාය මාර්ගයක් සොයා ගැනීමත්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොදු ප්‍රවාහනය සහ  සංස්කෘතික  ක්ෂේත්‍රය තුළ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමත්, එය ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් සමග සම්බන්ධ කිරීමත් (නිදසුනක් ලෙස ක්‍ෂුද්‍ර ණය ප්‍රශ්නයට ප්‍රායෝගික විකල්පයක් ග්‍රාමීය පදනමෙන් ඉදිරිපත් කිරීම) සහ දේශපාලකයන්ට එරෙහිව ඇති පොදු විරෝධය සංවිධානය කරන ජනතාවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීමත් ඉදිරි යුගයේ ජයග්‍රාහී වමේ දේශපාලනයක් සඳහා දැනට යෝජනා කළ හැකි උපායන් කිහිපයකි. ශිෂෙක් පවසන පරිදි අප දැන් වෙසෙන්නේ සමාප්ත කාලයකය (End Time); මිනිස් වර්ගයාත් සමස්ත ජෛව ගෝලයත් සුරැකීමේ අවසන් සටන (Endgame) කළ හැක්කේ නව වාමාංශික ව්‍යාපාරයකටය.

The post සමාප්ත කාලය සහ අවසන් සටන; සමකාලීන ලෝකයේ දේශපාලන ආර්ථිකය ගැන.., appeared first on Lanka Views | Views of the truth.

]]>
මෙච්චර දෙයක් වෙනකං උඹල නොදැන ඉන්න බබ්බුද? – තම්බියෙක්ගෙන් පිළිතුරු https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%99%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b6%bb-%e0%b6%af%e0%b7%99%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b6%9a%e0%b6%82-%e0%b6%8b%e0%b6%b9%e0%b6%bd-%e0%b6%b1%e0%b7%9c/ Sat, 04 May 2019 11:37:19 +0000 https://www.lankaviews.com/?p=36782 පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව ලංකාවේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන වෛර සහගත ප්‍රචාරයන් සිදු වේ. මේ ලිපිය එවැනි වෛරී ප්‍රතිචාර නිසා පීඩාවට පත් වූ මුසල්මානු තරුණයකුගේ ෆේස්බුක් පිටුවෙනි. මෙම ලිපිය උපුටා පළ කරන්නේ මේ වනවිට මුස්ලිම් ජන සමාජය පෙළන වේදනාවෙන් යම් අංශුවක් මෙහි ප්‍රකාශවන බැවිනි. මෙම ලිපියේ එන සියලු කරුණු ලේඛකයාගේ අදහස් වන අතර මෙය පළ […]

The post මෙච්චර දෙයක් වෙනකං උඹල නොදැන ඉන්න බබ්බුද? – තම්බියෙක්ගෙන් පිළිතුරු appeared first on Lanka Views | Views of the truth.

]]>

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව ලංකාවේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන වෛර සහගත ප්‍රචාරයන් සිදු වේ. මේ ලිපිය එවැනි වෛරී ප්‍රතිචාර නිසා පීඩාවට පත් වූ මුසල්මානු තරුණයකුගේ ෆේස්බුක් පිටුවෙනි. මෙම ලිපිය උපුටා පළ කරන්නේ මේ වනවිට මුස්ලිම් ජන සමාජය පෙළන වේදනාවෙන් යම් අංශුවක් මෙහි ප්‍රකාශවන බැවිනි.

මෙම ලිපියේ එන සියලු කරුණු ලේඛකයාගේ අදහස් වන අතර මෙය පළ කිරීමේදී ‘ලංකාවීව්ස්‘ එම සියලු අදහස්වලට එකග නොවන බව කරුණාවෙන් සළකන්න.

පාස්කු ඉරිදා රටේ ප්‍රධාන ස්ථාන 8ක පිපුරුණ බෝම්බ ප්‍රහාර 8 ගැන සත්ය වශයෙන්ම අප මෙන්ම රටේ කවුරුවත්ම දැන සිටියේ නැත. රටේ ජනපති, අගමැති හෝ ආරක්ෂක ලේකම් පවා නොදැන සිටි විටෙක, එදිනෙදා වැඩකටයුතුවල නිරතවී සිටි පුරවැසියන්වූ අපට මේ ගැන දැනගන්නට අවස්ථාවක් තිබුණා යැයි උපකල්පනය කිරීම විහිලුවකි. යම් හෝඩුවාවක් හෝ දන්නවා නම් අකාලයේ වියවූ එක් ජීවිතයක් හෝ බේරගන්නට යුහුසුලුව කටයුතු කිරීමට අප පැකිලෙන්නේද නැත…අපද හෘද සාක්ෂියක් ඇති මනුෂයයෝය.

නමුත් පසුගිය මාස කිහිපය තුලදී සිදුවූ මාවනැල්ල ප්‍රදේශයේ පිළිම කැඩීමේ සිද්ධිය ඇතුලු අන්තවාදයේ වයාප්තිය ගැන මුස්ලිම් සමාජයේ යම් පිරිසක් දැන සිටි අතර 2019 ජනවාරි මාසයේදී ජමීයතුල් උලමා සංවිධානයේ සභාපති ගරු රිස්වි මුෆ්ති පූජකතුමා ආරක්ෂක ලේකම් හමුවී සැක සහිත අන්තවාදීන්ගේ ලැයිස්තුවක්ද බාරදුන් බව දැන් හෙලිව ඇත. නමුත් මේවා මාධ්‍ය වාර්තා කරන්නේ නැත. මෙවැනි සැක සහිත කරුණු ආරක්ෂක ලේකම්හට වාර්ථා කරනවා විනා මුස්ලිම් සමාජය වෙන මොනව කරන්නද? බළධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීම මුස්ලිම් සමාජයේ වරදක්ද?

ඉස්ලාම් ආගමේ නම යොදාගෙන ආගමේ පදනම වන සාමය (Islam = peace ) ගැන පවා අවබෝධයක් නැති ලේ පිපාසිත අන්තවාදීන් 100-200ක් සිදුකරණ මේ අමානුෂික සංහාරයට ලක්ෂ 15ක් වූ ලාංකීය මුස්ලිම් ජන සමාජය වගකිවයුතුද? ‘පර තම්බි… මුන් ඔක්කොම එකයි‘ යනුවෙන් ආමණ්ත්‍රණය කිරීම සාධාරණද?

කනයාවන් 72 කතාව..

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ස්වර්ගයේ කන්‍යාවන් 72ක් ලැබෙනවා යැයි කුරාණයේ සඳහන් බව පට්ට පල් බොරුවකි. (මෙය ඉස්ලාමීය ඉගැන්වීම්වලට හාත්පසින්ම විරුද්ධය.)
‘ඉස්ලාමෆෝබියා‘ ලිපියකින් උපුටාගත් මේ බොරුව සීග්‍රයෙන් සමාජගත වන්නේ එහි ඇති විහිලු සහගතබව නිසා මිසක ,එහි කිසිදු සතයය පදනමක් නොමැත. එමෙන්ම මේ සිහි විකල් වූ ත්‍රස්තවාදීන් පිරිස කිසිලෙසකින් ස්වර්ගයට යන්නේද නැත. කටුවාපිටිය පල්ලියේ දෙවියන් යදිමින් සිටි හයහතර නොදත් අහිංසක කිරිසප්පයන් බෝම්බ ගසා මරා දමා මෙවැනි පාපයක් සිදුකළ අමනුස්සයන්ට නරකාදිය මිස වෙන විකල්පයක් නොමැත.

බුර්කා වෙනම ඇඳුම්, වෙනම කෑම, වෙනම බැංකු?

ඉස්ලාමයේ සඳහන් වන ජීවන රටාව අන් සියලු ආගම්වලට සමාන වන අතර, ඉතා සරළය. නමුත් ඇතැම් කරුණු අප හට තහනම් වන්නේ පැහැදිලි විද්‍යාත්මක පදනමක් සහිතවය. හලාල් යනු අනුමත දෙයයි. ඌරු මස්, මත්පැන්, දුම්වැටි හා අපිරිසිදු ලේ සහිත කුණු වූ මස් වැනි ආහාර තහනම්(හරාම්) වන්නේ සෞඛ්‍යයට අහිතකර නිසාය. ඒ නිසා අපි ඉහත කීදේ අඩංගු නොවන කෑම හලාල් ලෙස හඳුන්වමු. මෙය හඳුනාගැනීමට අපට ලේබල් අවශ්‍ය නොවේ. සිංහල කෑම කඩෙකින් රුපියල් 120කට මිලදීගන්නා එලවලු /බිත්තර කෑම පැකට් එක අපට හලාල්ය. සරලය.

පොලිය හා සූදුව ‘හරාම්‘ වන්නේ මහන්සියකින් තොරව උපයන ආදායම යාදෙන්නේ නැති නිසාය. මේ නිසා ඉස්ලාමීය බැංකු ක්‍රමය පොලිය නොමැතිව ක්‍රියාත්මක වේ. මෙම ක්‍රමය රජය විසින් ලංකාවට හඳුන්වා දුන්නේ හේතුවක් ඇතුවය. ජාතික බැංකු පද්ධතියට එක්නොවූ ලංකාවේ මුස්ලිම් ජනයාගේ මුදල්, බැංකු පද්ධතියට එක්කරගැනීම සඳහා මහ බැංකුවේ අනුමැතියක්ද සහිතව මෙම ක්‍රමය ආරම්භ වේ. ඉස්ලාමීය බැංකු කෙතරම් තිබුණත් මගේ තැන්පතු ගිණුම තවමත් තිබෙන්නේ ජාතියේ මහා පහන් ටැඹ වන සම්පත් බැංකුවේය. මගේ ගිණුමට පොලිය එක් නොකරන ලෙස මා එහි කළමණාකරුට ලිඛිතව දැන්වූ නිසා මේ වනතෙක් මට සත පහක පොලියක් ලැබී නැත. හලාල් බැංකු ක්‍රමය මා සරළව වටහාගත්තේ එලෙසිනි.

කාන්තාවන්ට බුර්කා -වෙනම ඇඳුම් … 

ඉස්ලාමය අපට ඇඳුම් අදින්න කියා දෙන්නේ විලි වසාගැනීමට සහ සංවරවීමටයි…
මුස්ලිම් කාන්තාවන්ට සිය සැමියා නොවන අන් පිරිම අය සමග ගනුදෙනු කිරීමට යාමේදී මුහුණ සහ අත්වල කොටසක් හැර ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කිරීම අනිවාර්යය වේ. එසේ ආවරණය වනසේ අඳින සංවර ඇඳුමට තමන් කැමති වර්ණයක්, හැඩතලයක්, රෙදි වර්ගයක් භාවිතා කිරීම මුස්ලිම් කාන්තාවගේ ස්වකැමැත්තයි. (කලු වර්ණය අනිවාර්ය නොවන නමුත් වෙළඳපොලේ පහසුවෙන් මිලදීගත හැකි ලාභම ඇඳුම අරාබියෙන් ආනයනය කරන ලද කලු කබාය නිසා බොහෝ කතුන් මෙම ඇඳුමට හුරුවී ඇත) මුහුණ වැසීම අනිවාර්ය නොවූවත් ඇතැම් කාන්තාවන් සිය දේවභක්තියේ මට්ටම අනුව සංවර වූ නිසා තමන්ගෙ ශරීරයෙ ලස්සන පිට මිනිස්සුන්ට නොපෙන්වීම සඳහා මුහුණ වැසූබව වැටහේ. කිසිවෙකුටත් බලෙන් කාන්තාවකගේ මූණ වැසීමට බල කල නොහැක. නමුත් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වනවා නම් එලෙස මුහුණ වැසීමට ඉස්ලාම් ආගමේ කිසිදු අවශ්‍යතාවක් නැත.

මෙලෙස පැහැදිලිව ඉස්ලාමය ගැන කරුණු නිරවුල් කරගැනීමට අවස්ථාව තිබියදීත් ගහෙන් වැටුන මිනිහට ගොනා අනින්නාක් මෙන් ආතල් එකක් ගැනීමේ චේතනාවෙන් අපට “ පර තම්බියා, තොපි ඔක්කොම එකයි, ත්‍රස්තවාදියා, පලයව් අරාබියට“ යනුවෙන් බැන්නාට කමක් නැත. නමුත්, සමාජයට කුසල හා යහපත පමණක් ඉගැන්වූ අල්ලා දෙවියන් වහන්සේ හා ශුද්ධවූ අල්කුර්ආනය අපහාසයට ලක්කිරීම කාරුණිකව නතර කරන මෙන් ඉල්ලා සිටින්නේ, ලංකා නීතියට ගරුකරන ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය ලංකා නීතිය ඉදිරියේ නීත්‍යානුකූල නිසාවෙනි. ඔබ එකග නොවුවද තවත් විකල්ප ආගමකට ගරහා ඔබට ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැති බව මතක් කරන්නේ ඉතා බැගෑපත් ආයාචනාවක් ලෙසිනි. ත්‍රස්තවාදයෙන් තොර සාමකාමී රටක් ඉතා ඉක්මනින් අප සැමට උදා වේවා.

සටහන- සියලු ජාතීන් සමග සහයෝගයෙන් ජීවත්වීමට කැමති හිතවත් තම්බියා විසිනි.

The post මෙච්චර දෙයක් වෙනකං උඹල නොදැන ඉන්න බබ්බුද? – තම්බියෙක්ගෙන් පිළිතුරු appeared first on Lanka Views | Views of the truth.

]]>
සාම්ප්‍රදායික ඉස්ලාමය, වහාබ්වාදය සහ කැරලිකාර තවුහීද්වාදය https://www.lankaviews.com/%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%9a-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b6%ba-%e0%b7%80/ Fri, 03 May 2019 07:51:55 +0000 https://www.lankaviews.com/?p=36697 (සුජිත් කුරුවිට- Facebook සටහනකි) පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් අන්තවාදී සංවිධාන සම්බන්ධවද ඉස්මලාමයේ විවිධ ප්‍රවණති සහ මුස්ලිම් සමාජය පිළිබදවද සංවාදයක් ඇතිව තිබේ. මේ ලිපිය සුජිත් කුරුවිට විසින් ලියා සිය ගිනු ලංකාවට ඉස්ලාම් දහම පැමිනෙන්නේ 8වන සියවසේ සිට අරාබි වෙළෙන්දන් හරහාය. මේවන විට ජනගහනයෙන් 9.7% ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් වරු සිටිති. මොවුන්ගෙන් සාතිශය බහුතරය […]

The post සාම්ප්‍රදායික ඉස්ලාමය, වහාබ්වාදය සහ කැරලිකාර තවුහීද්වාදය appeared first on Lanka Views | Views of the truth.

]]>
(සුජිත් කුරුවිට- Facebook සටහනකි)

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් අන්තවාදී සංවිධාන සම්බන්ධවද ඉස්මලාමයේ විවිධ ප්‍රවණති සහ මුස්ලිම් සමාජය පිළිබදවද සංවාදයක් ඇතිව තිබේ. මේ ලිපිය සුජිත් කුරුවිට විසින් ලියා සිය ගිනු

ලංකාවට ඉස්ලාම් දහම පැමිනෙන්නේ 8වන සියවසේ සිට අරාබි වෙළෙන්දන් හරහාය. මේවන විට ජනගහනයෙන් 9.7% ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් වරු සිටිති. මොවුන්ගෙන් සාතිශය බහුතරය දෙමල භාෂාව කථා කරන අතර මොවුන් අතරින් 60%කට ආසන්න පිරිසකට සිංහල භාෂාව කථා කල හැකිය.

ඉස්ලාම් ආගමේ මූලික බෙදීම් 2ක් පවතී. ඒ සුන්නි සහ ශියා ලෙසය. නබි තුමාගෙන් පසු නායකයත්වය අරබයා මෙම බෙදීම ඓතිහාසිකව සිදුවිය. ඉස්ලාම් ලෝකයේ අද 85%ක් සුන්නි ඉස්ලාම් වන අතර 15%ක් පමණ ශියා වේ. ඉරානය, ඉරාකය, අසර්බයිජානය, බහරේන්, ලෙබනන් රටවල ශියා වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති අතර අනෙකුත් රටවල වැඩි වශයෙන් සුන්නි ඉස්ලාමය ව්‍යාප්තව පවතී.

ලංකාවේ මුල් කාලීනව අරාබි වෙලඳුන් හරහා ඉස්ලාම් පැමිණියද පසුව වැඩි වශයෙන් ඉස්ලාමය ව්‍යාප්ත වූයේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි මරක්කල ලෙස හැඳින්වූ ජනතාව ප්‍රමුඛවය. ඉන්දියාවේ කේරලයේ මලබාරය වැනි ප්‍රදේශවලට මුල්කාලීනවම අරාබි වෙලෙන්දන් හරහා ඉස්ලාම් පැමිණ තිබුනද පසුව ඉස්ලාම් මුල්කර ගත් සුල්තාන්ලා ප්‍රාදේශීය රාජ්‍ය ගනනාවක බලය ලබා ගැනීමත් සමගම ඉස්ලාම්කරනය වේගවත් විය. ලාංකීය මුස්ලිම් ප්‍රජාව තුල සාතිශය බහුතරය තමිල් භාශාව කථා කරයි. 60%කට ආසන්න පිරිසකට සිංහල කථා කල හැකිය. මැලේ සහ ජා ජන වර්ගද ඉස්ලාම් දහම අදහයි. ඔවුන් ප්‍රමානාත්මකව ඉතා සුලු ප්‍රතිශතයකි. ඔවුන්ද ඇතුලත්ව ලාංකීය මුස්ලිම් ප්‍රජාව සාතිශය බහුතරය සුන්නි ඉස්ලාම් භක්තිකයන් වේ.
මධ්‍යම ආසියාවේ මුස්ලිම් රාජ්‍යයන් සෝවියට් සංගමයට සම්බන්ධවී සිටිද්දී, මැද පෙරදිගද ඇතැම් රාජ්‍යයන්හි කමියුනිස්ට් පක්‍ෂ පෙරට එද්දී, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුර තම ඉත්තෙක් වූ සෞදි අරාබිය සෝවියට් කඳවුරට එරෙහිව යෙදවූ ඉතිහාසය අපි දනිමු.

18 වන සියවසේ අරාබියේ රියාද් වල උපන් විද්වතෙකුවූ මුහම්මද් අබ්දුල් වහාබ් ඵවකට තුර්කි ඔටෝමන් අධිරාජ්‍යට යටත්ව තිබූ අරාබි ප්‍රදේශවල මතුවෙමින් තිබූ මලවුන් ඇදහීම, මලවුන්ගෙන් වැඩ ගැනීම වැනි මිත්‍යාවන්ට එරෙහිව හඳුන්වා දෙන ලද ආගමික හර පද්ධතියක් ලෙස වහාබ් ඉගැන්වීම් බිහිවිය. එය සුන්නි ඉස්ලාම් ප්‍රවනතාවයක් ලෙස වර්ධනය විය.
නමුත් සවුදි අරාබියේ රජ අනුග්‍රහයෙන් පසුව මෙය වහාබ්වාදයක් බවට පත්වී ආගමික ආක්‍රමණයක ස්වරූපයට පත්විය. මුලින්ම සෝවියට් කඳවුර ට එරෙහිව සෞදි අරාබියේ මැදිහත් වීමෙන් වහාබ්වාදය පාවිච්චි විය. සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් පසු ලෝක තෙල් වෙළඳපොළ ඒකාධිකාරය සෞදි අරාබිය සමග එක්ව පවත්වා ගෙන යාම සඳහා එක්සත් ජනපදය විසින් ඊට බාධාකාරී වූ මුස්ලිම් රටවල් දුර්වල කිරීමට තවදුරටත් වහාබ්වාදය යෙදවීය. ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, සිරියාව යන රටවල ගොඩනැගුණු ත්‍රස්තවාදී ප්‍රවනතා වල ආගමික පදනම සැකසුනේ මේ අනුවය. අයි එස් ත්‍රස්තවාදීන් ගොඩනැගුණේද මෙම අවශ්‍යතාව ඔස්සේය.

ලංකාවේ මෑත කාලීන ඉස්ලාම් ආගමික වෙනස්කම් සඳහාද සෞදි අරාබිය මුල් කරගෙන පැමිණි වහාබ්වාදී බලපෑම මුල් විය. දවට ගහ පල්ලිය වැනි මලවුන් පවා අදහන සාම්ප්‍රදායික ආගමික සංස්ථාව අභිබවමින් වඩා ක්‍රමවත් හා සංවිධානාත්මක ආගමික පද්ධතියක් ලෙස ලංකාවේද වේගයෙන් ව්‍යාප්ත විය. සෞදි අරාබියේ තෙල් වෙළඳාමේ අතිරික්තය මේ සඳහා අරමුදල් සැපයීය. වහාබ්වාදය ආගමික හර පද්ධතියක් ලෙස ඇතැම් ඉස්ලාම් වියතුන් ඒ හා බැඳෙද්දී තවත් පිරිසක් අරාබි සංස්කෘතික වැලඳගැනීමක් ලෙස එය හා බැඳුනි.

සෞදි සහ තවත් මැද පෙරදිග රටවල අනුග්‍රහය මවුලවි වරුන්ට හා පල්ලි ප්‍රධානීන්ට ලැබෙද්දී ඔවුන් වහබ්කරණයට යහුසුලු විය. පැවති ආණ්ඩුව සමග සිටි සහ වත්මන් ආණ්ඩුව සමග සිටින මුස්ලිම් මැති ඇමතිවරුද වහබ්වාදය ව්‍යාප්ත වීමට අනුග්‍රහය ලබා දුන්නේ පෙරලා ඔවුන් වෙතද ලැබෙන ප්‍රතිලාභ හේතුවෙනි. මද්රාසා පාසල් නමින් හැඳින්වෙන ඉස්ලාම් උසස් ආගමික පාසල් මෙරට බොහෝ කලක සිට පැවතියද මෑතදී මැද පෙරදිග ආධාර මගින් ඒවා බොහෝ සංවර්ධනය විය. සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන පෙර ඒවායේ ඉගෙනුම ලැබූ සිසුන් අරාබි සංස්කෘතික ඇඳුම් අඳින්නට විය. සාරි පොටෙන් හෝ ස්කාෆයෙන් හිස වසාගැනීමට හුරුවී සිටි මෙරට මුස්ලිම් කාන්තාවන් අතර බුර්කා නිකාබ් ආදිය වර්ධනය විය. පොදු පාසල් වලට දරුවන් යැවීම වෙනුවට ආගමික පාසල් වලට යැවීම වැඩි විය. එසේ වුවද අබ්දුල් වහබ්ගේ මුල් ඉගැන්වීම් වල සවරූපයෙන් වහාබ් ඉස්ලාම් දහම ආගමික සද්භාවයකින් අනුගමනය කරන විද්වත් පිරිසක්ද මෙරට සිටින බව කිව යුතුය.

එක්සත් ජනපදය ප්‍රමුඛ ක්‍රිස්තියානි කඳවුර විසින් මුස්ලිම් විරෝධයක් ලෝ පුරා මතු කිරීමත් ලංකාවේද බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන සමස්ත මුස්ලිම් ජනතාව වෙත වෛරය මුදා හැරීමත් විසින් මෙරට මුස්ලිම් වරු අතර හුදෙකලාබාවය සමග බැඳුනු මනෝභාවයද අරාබිකරනය වෙත තල්ලුවීම වේගවත් වීමට බලපෑවේය. සෞදි අරාබියේ රජු වන බින් සල්මාන්ට 2017දී වහාබ්වාදී ආගමික ප්‍රතිපත්ති කීපයක් වෙනස් කරමින් වහාබ්වාදයේ යල්පැන ගිය අහිතකර අංග වෙනස් කල යුතු බවට ප්‍රකාශයක් කිරීමට සිදුවිය. වහාබ්වාදය ව්‍යාප්ත කිරීම සිදුවූයේ බටහිර ප්‍රබල රටවල ඉල්ලීමට අනුව බව බින් සල්මාන් වැඩිදුරටත් පවසා තිබේ. තම පවුලේ අය කෙරෙහි වහාබ්වාදී නොවන බටහිරට නැඹුරු සංස්කෘතික ප්‍රවේශයක් බින් සල්මාන් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ.

තව්හිද්වරු ලංකාව තුල බිහි වන්නේ සාම්ප්‍රදායික ඉස්ලාමයටත් අරාබිකරනය වූ ඉස්ලාමයටත් දෙකටම එරෙහි රැඩිකල් ප්‍රවනතාවක් ලෙසිණි. ඇතැම් සාම්ප්‍රදායික මුස්ලිම්වරු මොවුන්ව හඳුන්වන්නේ තව් කාරයන් යනුවෙනි. ඔවුන් කාන්තාවන්ද පල්ලියට කඳවිය යුතු බව පැවසීය. සාම්ප්‍රදායික පල්ලිය එය ප්‍රතික්ශේප කරද්දී ඔවුන් තව්හීද් පල්ලි සාදා කාන්තාවන්ද ඒවාට කැඳවීය. විවාහ උත්සව සාම්ප්‍රදායික උත්සව අනුව ගැනීම වෙනුවට ඔවුන් සරලව විවාහයන් සිදු කලහ. බුර්කාව ඔවුන් ඇන්දේ නැත. සාම්ප්‍රදායික තොප්පියද ඔවුන් පැළඳුවේ නැත. පූජකවරු ලෙස වෙනම වරප්‍රසාදිත පැලැන්තියක් අවශ්‍ය නැතැයි තව්හීද්වරු පැවසීය. සාම්ප්‍රදායික පල්ලියට සහ අරබි අනුග්‍රහයෙන් සශ්රීකවූ පල්ලියට එරෙහිව රැඩිකල් සංස්කෘතික කැරැල්ලක් තව්හීද්වරු දියත් කල අතර අධ්‍යාපනික තරුණ පිරිස් ඔවුන් වෙත ආකර්ෂණය විය.

සාම්ප්‍රදායික පල්ලිය තව්හීද් පල්ලි ගිනි තැබූ අතර ඔවුන්ද එවැනිම ප්‍රතිචාර දැක්වීය. සාම්ප්‍රදායික පල්ලිය සහ පූජක සංස්ථාව මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොන්ග්‍රසය වෙත අඛන්ඩව පක්‍ෂපාතී වෙද්දී රාජපක්ෂවරු මේ විකල්ප තව්හීද් සංවිධාන වෙත ආධාර අනුබල දුන්හ.

තව්හීද් යන වචනය තුලින් කියවෙන්නේ ඒක දේවවාදී යන අරුතය. එය නබි තුමාගේ සහ මුහම්මද් අබ්දුල් වහාබ් ගේ ඉගැන්වීම් වලද එන සංකල්පයකි. සංස්කෘතික වශයෙන් ඉදිරිගාමී ඇතැම් ප්‍රවේශයන් පෙන්වුවද දාර්ශනිකව තව්හීද් සංවිධාන ආගමික මූලධර්මවාදී සවරූපයක් පෙන්වීය. සාම්ප්‍රදායික ඉස්ලාම් පල්ලිය සහ වහාබ්වාදී ප්‍රවනතාවල ඇතුලට නැඹුරුවූ සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව කැරැල්ලක් මතු වීම අනිවාර්යයක්ව තිබුනද තව්හීද් කැරැල්ල නූතනත්වය සමග සම්බන්ධවූ එකක් නොවීය. ජිහාද් යන්නෙහි තේරුම අරගලකාරී යන්නයි. රනිල් වික්‍රමසිංහ තව්හීද් සංවිධාන ජිහාදි සංවිධාන ලෙස හඳුන්වූයේද මේ අරුතිනි. එහෙත් ඔවුන්ගේ ජිහාදිය වඩා විවෘත සහ නිදහස් ප්‍රජාවක් උදෙසා නොවී අන්තවාදී උන්මාදයක් සමග ගැට ගැසුණි. එසේ වුවද තව්හීද් නාමයෙන් සිටින ත්‍රස්තාදී නොවන සහ ත්‍රස්තවාදය අනුමත නොකරන පිරිස්ද සිටින වග අමතක නොකල යුතුය.

ඉන්දියාවේ වෙසෙන මූලධර්මවාදී දේශකයකු වන සකීර් නායික් වැන්නන්ගේ දාර්ශනික මග පෙන්වීමට තව්හීද්ලා ආකර්ෂණය විය. සකීර් කුප්‍රකට පීස් ටීවී නාලිකාවේ නිර්මාතෘය. මෙම නාලිකාව පකිස්ථානයේ සහ බංගලාදේශයේද මේ වන විට තහනම්ය. වෛද්‍ය වරයකු වන සකීර් සංගීතය සහ නර්තනයටද විරුද්ධ, පරිනාමවාදයට විරුද්ධ, කාන්තා අයිතීන්ට විරුද්ධ මූලධර්මවාදියෙකි. මේ නිසාම ඔහුගේ දේශන ඇතැම් රටවල තහනම්ය. ජාතික තව්හීද් ජමාත්හි සහරාන් වැන්නන් මෙම මූලධර්මවාදී උපරිම ප්‍රවේශය වන මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බිහිකරන උමතුවක් වෙතම වර්ධනය කරන්නට විය. එහි අඳුරු ප්‍රතිඵල අපි මේ මොහොතේ සමාජයක් ලෙස භුක්ති විඳින්නෙමු.

මෙහි ඉදිරි භයානක කම ඇත්තේ සමස්ත මුස්ලිම් සමාජය දෙසම ත්‍රස්තවාදීන් දෙස බලන තත්වය සහ මෙම ප්‍රහාරය විචාරශීලී නොවන මුස්ලිම් තාරුණ්‍යයට අභිමානයක් ලෙස සිතෙන තත්වය හමුවේ ඔවුන් තවදුරටත් තව්හීද්වාදී අන්තවාදී ප්‍රවනතා වෙත ඇදී යාමේ අනතුරයි. මුස්ලිම් විචාරශීලී ප්‍රගතිශීලී තරුණ කොටස් සමග එක්ව සංස්කෘතික සහ දාර්ශනික ඉදිරිගාමී රැඩිකල් ප්‍රවේශයක අවශ්‍යතාව මතුකරන සංවාදයක් ගොඩනැගීම සහරාන්ලාගේ අසමත් කම විසින් මේ මොහොතේ තවදුරටත් තහවුරු කර තිබේ.

(මෙම ලිපියට මුස්ලිම්වරුන්ගෙන් අප සාකච්ඡා කර ලද තොරතුරු, ලිපිවලින් උපුටාගත් කරුනු සහ වෙබ් අඩවි කීපයකින් ගත් තොරතුරු වලින් යුක්තය. )

The post සාම්ප්‍රදායික ඉස්ලාමය, වහාබ්වාදය සහ කැරලිකාර තවුහීද්වාදය appeared first on Lanka Views | Views of the truth.

]]>
ජාත්‍යන්තර කම්කරු දිනයේ අයිතිය සුරකිමු https://www.lankaviews.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-2/ Sun, 28 Apr 2019 09:22:58 +0000 https://www.lankaviews.com/?p=36572 කම්කරුවන් මර්දනය කිරීමේ සහ විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු දිනය තහනමට ලක්කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට ඇත්තේ කිසිවකට නොදෙවෙනි ඉතිහාසයකි. 1980 වැඩ වර්ජනයේදී දහස් ගණනක් කම්කරුවන් සාධාරන අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තිය අරගලය තෝරාගනිද්දී ඔවුන් කනත්තට යවන්නට වහසි බස් දෙඩුවේ එ.ජා.ප. ආණ්ඩුවේ ඇමති ලලිත් ඇතුලත්මුදලි විසිනි. වර්ජකයන් දහස් ගණනක් රැකියාවෙන් පලවා හරින ලද අතර එයින් ඇති වූ […]

The post ජාත්‍යන්තර කම්කරු දිනයේ අයිතිය සුරකිමු appeared first on Lanka Views | Views of the truth.

]]>
කම්කරුවන් මර්දනය කිරීමේ සහ විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු දිනය තහනමට ලක්කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට ඇත්තේ කිසිවකට නොදෙවෙනි ඉතිහාසයකි. 1980 වැඩ වර්ජනයේදී දහස් ගණනක් කම්කරුවන් සාධාරන අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තිය අරගලය තෝරාගනිද්දී ඔවුන් කනත්තට යවන්නට වහසි බස් දෙඩුවේ එ.ජා.ප. ආණ්ඩුවේ ඇමති ලලිත් ඇතුලත්මුදලි විසිනි. වර්ජකයන් දහස් ගණනක් රැකියාවෙන් පලවා හරින ලද අතර එයින් ඇති වූ ආර්ථික හා සමාජ පීඩාවන් සිය ගණනක් වර්ජක කම්කරුවෝ සිය දිවිනසාගත්හ. ඉන්පසුවද එ.ජා.ප. ආණ්ඩු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තෝරාගත්තේ මර්දනයමය. 1987 කම්කරු දිනය තහනම් කළ ජේ.ආර්. ජයවර්ධන පාලනය ඊට එකග නොවී සිය කම්කරු දින අයිතිය ආරක්ෂා කරන්නට කටයුතු කරමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නමින් කම්කරු දිනය සමරන්නට එක්වූ ප‍්‍රගතිශීලින්ට වෙඩි තබා පොලිස් පහරදීම් සිදුකරණ ලදී.

1987 මැයි 1 අභයාරාමයේ කම්කරු දිනයට පහරදීම


එහෙත් කම්කරුවන් මර්දනය කිරීමේ එම ඉතිහාසයෙන් පසුව පිට පිට වසර දෙකක්ම කම්කරුවන්ගේ ජාත්‍යන්තර දිනය අහෝසි කිරීමට කටයුතු කළ පාලකයන් ලෙස වත්මන් එ.ජා.ප. පාලනය හඳුන්වා දිය හැකිය. 2018 ආණ්ඩුව කම්කරු දිනය අහෝසි කළේ වෙසක් උත්සවය හේතුව කරගෙනය. මෙවර හේතුව ලෙස දක්වන්නේ බෝම්බ ප‍්‍රහාර එල්ලවීමේ තත්වයයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් රට තුළ ඇතිව තිබෙන කම්පනය හා භීතිය නිසා කම්කරු දිනය නොපවත්වන බවට විවිධ දේශපාලන පක්ෂ විසින් කල්තියා නිවේදනය කර ඇත. එහෙත් කිසිවකු විසින් ලොව පුරා කම්කරුවන් සිය සටන්කාමිත්වයේ දිනය ලෙස සලකන මේ අවස්ථාව සමරනවාද නැද්ද යන්න තීරණය කළ යුතුවන්නේ ‘ජාත්‍යන්තර කම්කරු දිනය‘ පිළිබඳ ඔවුන්ට ඇති ඇගයීම අනුවය. එක් එක් දේශපාලන පක්ෂ හා කල්ලි විසින් මැයි 1 වැනිදාට ‘මැයිදිනය‘ පවත්වන්නට තීරණය කරන්නේ තම දේශපාලනයේ ප‍්‍රචාරක කාර්යයක් ලෙසය. එය ඔවුන්ට ‘ජාත්‍යන්තර කම්කරු දිනය‘ නොව, මැයි 1 වැනිදාට සිය පක්ෂයේ වර්ණය, නායකයන්ගේ දැවැන්ත කටවුට් පාවිච්චි කරමින් සිදුකරන වතාවතක් පමණකි. නමුත් ජාත්‍යන්තර කම්කරු දිනය යනු ලෝකය පුරා වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් සාමුහිකව පෙළ ගැසෙමින් සටන්කාමී ලෙස අරගල කරන දිනයයි.


ජාතයන්තර කම්කරු දිනයක් නම් කෙරුනේ එනම්, ජනප‍්‍රිය අරුතින් සෑම වසරකම මැයි 1 වැනිදා ‘ලෝක කම්කරු දිනය’ ලෙස නම් කෙරුනේ ඇයිද යන්න පිළිබඳ සළකා බැලිය යුතුය. 1884 ඔක්තෝබර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ කම්කරුවන් දස ලක්ෂ ගණනක් සාමාජිකත්වය දරන වෘත්තිය සමිති එක්ව ඒ වනවිට පැවති දුෂ්කර කොන්දේසි සම්බන්ධව විරෝධය පළ කිරීමටත් විශේෂයෙන් වැඩ කරන පැය ගණන පැය 8කට සීමාකිරීමටත් සාකච්ඡා කළහ. ඒ වනවිට කම්කරුවන්ට දිනකට පැය 12-14 වැනි දිගු වැඩ කාලයක් කඹුරන්නට ඔවුන්ට සිදුව තිබිණි. අවසානයේ මෙම තත්වය වෙනස් කිරීමට අරගලයක් ඔවුන් විසින් තීන්දු කරණ ලදී. වැඩ දිනය පැය 8 දක්වා සීමා කිරීමට පාලකයන්ට කල්දීමටත් එසේ පැය 8 වැඩ දිනයක් නොදෙන්නේ නම් ඒ සඳහා සටන් කිරීමටත් ඔවුහු තීරණයක් ගත්හ. ඒ අනුව පැය 8 වැඩ දිනයක් ලබා දෙන්නට ඔවුන් 1886 මැයි 1 වැනිදා දක්වා ධනපති පාලකයන්ට කල් දුන්හ.

අයුක්ති සහගත නඩු විභාගයකින් පසු 1887 නොවැම්බර් 11
හේමාකට් කම්කරු නායකයන් සිවුදෙනෙක් එල්ලා මරා දමනු ලැබිනි. එක් අයකු සිය දිවි නසාගත් අතර අයකුට ජිවිතාන්තය දක්වාද අනෙකාට වසර 15කද සිරදඩුවම් නියම විය.


වසරකට අධික කාලයකින් එළඹුණු එම දිනය දක්වාද වැඩ දිනය පැය 8 දක්වා සීමා කිරීමට පාලකයන් විසින් නම්‍යශීලිතාවයක් දැක්වූයේ නැත. මේ නිසා එදිනට වැඩවර්ජනයක් කැඳවන්නට වෘත්තිය සමිති කටයුතු කරන ලදී. අමෙරිකාව පුරා කම්කරුවෝ විරෝධතා රැස්වීම් පවත්වමින් පැය 8 වැඩ දිනය ඇතුළු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ උද්ඝෝෂණයක් ආරම්භ කළහ. චිකාගෝ නගරයේ ඒ සඳහා සටන්කාමී මැදිහත්වීමක් කම්කරුවන් විසින් සිදුකරන ලදී. වැඩ නැවැත්වූ කම්කරුවෝ වීදි බැස උද්ඝෝෂණ පැවැත්වීම නිසා පාලකයන් මහත් අසීරුතාවයට පත් වූ අතර අරගලය බිඳවැට්ටවීමේ කුමන්ත‍්‍රණද දියත් කෙරිණි. මර්දනයට යටත් නොවූ කම්කරුවන් විසින් මැයි 4 වැනිදා සවස පැවැත්වූ එවැනි උද්ඝෝෂණ රැලියකට පොලිසිය කඩාවැදුනු අතර කඩාකප්පල්කාරීන් විසින් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරණ ලදී. එහිදී කම්කරුවන්ට වෙඩි තබන ලද අතර ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරින් 7 දෙනකුද කම්කරුවන් 4 දෙනකුද මරණයට පත් විය.

මෙම පසුබිම තුළ පාලක පන්තිය පැය 8 වැඩ දිනය සඳහා වූ අරගලය මර්දනය කිරීමට පියවර ගත්හ. කම්කරුවන්ගෙන් ගලා ගිය රුධිරයෙන් ඔවුන්ගේ ඇඳුම් රත් පැහැ ගැන්විනි. කෘර පාලකයන්ගේ මර්දනයට විරෝධය පළ කිරීමට ඔවුහු ලෙයින් රත්පැහැ ගැන්වුනු සිය කමිස ඔසවාගෙන සටන් පාඨ හඩ නැගූහ. ලොවපුරා කම්කරුවෝ මෙම නින්දිත අපරාධය නිසා එක්ව විරෝධය පළ කළහ. ලෝකයේ කම්කරුවන්ගේ සාමුහික අරගලයේ ධජය රතුපාට වූයේ එතැන් සිටය. එහෙත් එයින් පසුව පැය 8 වැඩ දිනයක් ප‍්‍රකාශයට පත් කිරීමට පාලකයන්ට සිදු විය. එක්සත් ජනපදයේ පමණක් නොව යුරෝපයේ ඇතුළු ලෝකය පුරාම පැය 8 වැඩ දිනය සම්මතයක් බවට පත්ව තිබේ. ඒ නිසාම පැය 8 වැඩ දිනය ඇතුළු අද වැඩකරන ජනතාව බුක්ති විදින අයිතිවාසිකම්වල ඇත්තේ ඉතිහාසයේ වැඩකරන ජනතාව විසින් නැගූ උද්ඝෝෂණික හඩේ, හෙලූ දහදියේ රුධිරයේ හා කැප කළ ජීවිතවල අනගි ප්‍රතිඵලයයි. 1889 දෙවැනි කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් සම්මත කළ යෝජනාවකට අනුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස චිකාගෝ කම්කරු අරගලය ආරම්භ කළ මැයි 1 වැනිදා නම්කරන ලදී.

අද වනවිට කම්කරුවන් ඇතුළු වැඩකරන ජනයා සූරාකමින්, මර්දනය කරමින් සහ රවටමින් සිය අධිපත්‍ය පවත්වාගෙන යන අධිරාජ්‍යවාදී ලෝක බලවතුන්ට ජාත්‍යන්තර කම්කරු දිනයෙහි වැදගත්කමක් නැත. ගෝලීය ධනපති ක‍්‍රමය හා එකට වෙලී සිය රටේ පීඩිත ජනයා රවටමින්, ඔවුන් සූරාකමින්, ඔවුන් අයිතිවාසිකම් ඉල්ලා සිටින විට බැට දෙමින් ඝාතනය කරමින් සිරගෙවල්වල ගාල් කරමින් පාලනය ගෙන යන ලංකාවේ ඇතුළු සියලූ රටවල පාලකයන්ට ලෝක කම්කරු දිනයේ වටිනාකමක් නැත. ඔවුන්ට එය හුදු මැයි දිනය වනවා මෙන්ම සූරාකෑම හා මර්දනය සාධාරණිකකරන කිරිමේත් සිය පාලනය යටතේ ජීවත්වන ජනයා රැවටීමේත් විරුද්ධවාදීන්ට අවලාද නැගීමේත් ප‍්‍රචාරක දිනයක් පමණකි. එහෙත් ලෝකයේ කම්කරුවන්ගේ දීර්ඝකාලීන සහෝදරත්වය හා අරගලය සමරන්නට මැයි 1 වැනිදා යොදාගන්නේ හුදු වාර්ෂික සැමරුමක් ලෙස නොවේ. 1848 කොමියුනිස්ට් ප‍්‍රකාශනයේදී ‘සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්’ යනුවෙන් කාල් මාක්ස් හා එංගල්ස් ලබා දුන් ජාත්‍යන්තරවාදී පණිවිඩය අනුව යමින් ලෝකයේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උදෙසා වූ අරගලය වෙනුවෙන් මැයි 1 වැනිදා සංකේතාත්මකව සමරන්නට ලංකාවේ වැඩකරන ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත.


ගෝලීය අධිරාජ්‍යවාදය විසින් ලොවපුරා ගෙන යන පීඩාකාරී සූරාකෑම, මිනිස් සමාජයේ භෞතික හා අධ්‍යාත්මික සම්පත් සියල්ල ගිලදැමීම හා කෙලවරක් නැති හිංසනය විසින් විනාශයන් බිහිකර ඇත. අධිරාජ්‍යවාදය විසින්ම පෝෂණය කරන ගෝලීය ත‍්‍රස්තවාදයේ ප‍්‍රහාර ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ ගෝලීය අධිරාජ්‍යවාදය සහ එකී හාම්පුතුන් සමග පෙළ ගැසෙන ලාංකිය ධනපති පාලකයන්ය. ගෝලීය ත‍්‍රස්තවාදය පරාජය කිරිමට එක් අතකින් ලොව පුරා පීඩිත ජනයා තමන් පෙළෙන පීඩාව, සූරාකෑම හා මර්දනයට එරෙහිව පෙළගැස්වීම අවශ්‍යවන අතර අනෙක් පැත්තෙන් අන්තවාදය හා ජාතිවාදය ඇතුළු විවිධ ආකාරයෙන් පීඩිත ජනයා වෙන්කරන උපක‍්‍රමවලට ගොදුරුවනු වෙනුවට ලෝකවාසී වැඩකරන ජනයාගේ සහෝදරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු දිනය වැඩි වැඩියෙන් උනන්දුවෙන් සැමරිය යුතුව ඇත.

අද වනවිට ලංකාවේ වැඩකරන ජනතාවගේ දහසක් ඉල්ලීම් පාලකයන් විසින් නිහඩතාවයේ වැලිතලාවට යටකරමින් සිටී. ඒ මත අන්තවාදීන්ගේ බෝම්බවල මහ හඩ නැගී කම්කරුවන් සිය ජිවිත කාලයම විදින සූරාකෑමේ හා පීඩාවේ කොන්දේසිවලට එරෙහිව නගන හඩ යටපත් කරනු ලැබ ඇත. ඒ නිසාම චිකාගෝ කම්කරුවන්ගේ අරගලය මර්දනය කරමින් පාලකයන් විසින් එල්ලා මරා දමන ලද කම්කරු නායක ‘ඔගස්ට් ස්පයිස්‘ විසින් එදා පෝරකයට යන්නට පෙරාතුව කළ මේ ප්‍රකාශය, අදත් ස්වකීය සාධාරණ අයිතිවාසිකම් උදෙසා සටන් වදින වැඩකරන ජනතාවගේ මුව මුව ප්‍රතිරාව නංවනු ඇත.

“නුඹලා විසින් අපගේ ගෙල මිරිකා ඇතිකරන මේ නිහැඩියාව, අදට වඩා බලවත්වන හෙට දවසක් උදාවනු ඇත.!”

The post ජාත්‍යන්තර කම්කරු දිනයේ අයිතිය සුරකිමු appeared first on Lanka Views | Views of the truth.

]]>