தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
එලොව පොල් පෙනෙන පොල් මිල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

එලොව පොල් පෙනෙන පොල් මිල



පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් දක්වා ඉහළ දැමිය යුතු බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසා ඇත. කෙසේ වෙතත් මේ වන විට කොළඹ සහ ඒ ආසන්න නගර වල පොල් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මෙම මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයකට පත්ව ඇති අතර පසුගිය කාලය පුරාවටම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු පාරිභෝගික භාණ්ඩ ගණනාවකම මිල ඉහළ යාම මෙම ගැටළුව තවත් උග්‍ර කිරීමට බලපා ඇත.

කෙසේ වෙතත් අදාළ මිල ඉහළ යෑම් සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති ආණ්ඩුව තව තවත් බදු බර ජනතාව මත පැටවීමට ක්‍රියා කරමින් සිටී.