Posted on 01.28.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
වම් ඉවුරේ සිනමාවේ පුරෝගාමියා ලෙස සැලකිය හැකි සිනමාකරු ධර්මසේන පතිරාජ කලක් රෝගාතුරව හිද අද(28) උදෑසන අවසන් සුසුම් හෙළා තිබේ.
මහනුවර ප්‍රදේශයේ ඉපිද ධර්මරාජ විදුහලේ මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපන කටයුතු කළ ඔහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. 1970දී ‘සතුරෝ’ නමින් කෙටි චිත්‍රපටයක් පළමුව නිර්මාණය කළ ඔහු ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ වම්ඉවුරක නිර්මාණ කාර්යයන් ආරම්භ පළමු සිනමා පටය වූයේ 1974 වර්ෂයේ දී ‘අහස් ගව්ව’ කෘතියයි. පසුව, ‘එයා දැන් ලොකු ළමයෙක් (1977) ‘පොන්මනී, දෙමළ චිත්‍රපටය (1977) ‘බඹරු ඇවිත් (1978), ‘පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) ‘සක්කාරං (2016) සහ අවසන්වරට ‘ස්වරූප'(2017) ඔහුගේ විශිෂ්ට සිනමා නිර්මාණයන්ය. ඒසේම මායා මන්දිර, සුභ අනාගතයක්, කඩුල්ල, වන්නි හාමිනේ වැනි ටෙලි නාට්‍ය කිහිපයක් ද පතිරාජ විසින් නිර්මාණය කර තිබේ.
වාමාංශිකයකු වූ පතිරාජ සිය ජීවිතයේ හා නිර්මාණයේ දෘෂ්ටිමය අාලෝකය සපයාගත්තේ ලෝක වාමාංශික ව්‍යාපාරය විසින් මිනස් වර්ගයාට ලබා දුන් චින්තන ධාරාවන්ය. දෙගිඩියාවකින් තොරව සිය ජිවිතයේ පැවැත්ම භෞතිකවාදී පිළිවෙතකින් සවිමත් කරගන්නට උත්සුක වූ මේ මහා සිනමාකරුවා සිය අවසන් ගමනද ඒකී පරමාදර්ශයෙන් වෙන් කළේ නැත. සිය සිරුර පැය 24ක් තුළ කිසිදු අාගමික චාරිත්‍රවලින් තොරව මිහිදන් කළ යුතු බවට ඔහු විසින් කරණ ලද ඉල්ලීමට ඥාතීන් විසින් ගරු කරනු අැත. ඒ් අනුව අද සවස මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී ඔහුගේ සිරුරේ අවසන් කටයුතු සිදු කෙරේ.
1943 මාර්තු 28 වැනි දින මහනුරව දී උපත ලැබූ හෙතෙම මහනුවර පුද්ගලික රෝහලක දී මියයන විට 74 වැනි වියේ පසුවිය.


