Posted on 02.05.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
පසුගියදා අවසන් ගමන් ගිය කලාකරු ධර්මසේන පතිරාජ කලාකරුවාට උපහාර පිණිස කෘතියක් ජනගත කිරීම සහ ඔහුගේ සිනමා කෘති ප්‍රදර්ශනය කිරීමේ දිනයක් පෙබරවාරි 8 වැනිදා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයෙන් සංවිධානය කර ඇත.
ධර්මසේන පතිරාජ චරිතය පදනම් කරගෙන ‘පතී වත කෘතිය‘ (පතිරාජ නම් මිනිසා, ඔහුගේ කාර්යභාරය සහ කලාව) කෘතිය ජනගත කිරීම එදින සවස 5.00ට කොළඹ 7 ජාතික චිත්‍රපට ශාලා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී සිදුවනු ඇත.
එදින ප්‍රේක්ෂකයන් හමුවේ ප්‍රදර්ශනය කෙරෙන කෙරෙන සිනමා කෘති මෙසේය.
පෙ.ව. 10.00 පාර දිගේ
ප.ව. 12.30 මතු යම් දවස
ප.ව.3.00 In Search of a Road
ප.ව. 7.00 ස්වරූප