Posted on 01.30.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සජීවි කලාවක් උදෙසා වේදිකාවෙන් මහපොළොවට කෙට් නාට්‍ය උළෙලෙහි ප‍්‍රධානතම අංගයක් ලෙසින් සංවිධානය කරනු ලබන නාට්‍ය වැඩමුළු මාලාවේ පියවරක් ලෙස දෙමළ මාධ්‍ය පාසල් සදහා නාට්‍ය වැඩ මුළුවක් ජනවාරි මස 27.28 දිනයන්හි පවත්වන ලදී.
යාපනය හින්දු විද්‍යාල පරිශ‍්‍රයේ දී පැවති මෙම වැඩමුළුව සදහා යාපනය දිස්ත‍්‍රික්කය පුරා විහිදි පාසල් ගනණාවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල ප‍්‍රමාණයක් ඒක් වූහ. ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සමගින් උසස් රසවින්දනයකින් හෙබි මිනිසෙකු බිහි කරලීම අරමුණු කරගෙන මෙම වැඩ මුළුව සංවිධානය කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහාශිෂ්‍ය සංගමය පවසයි.
