Posted on 02.09.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘ඉඩම් නෑ, නිවාස නෑ, ඇඩ්‍රස් නෑ, වතු කම්කරුවන්ට නිසදහස කෝ?’ යන තේමාව යටතේ වතු කම්කරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් පෙබරවාරි 04 වැනිදා කොළඹ, සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි. මෙහිදී කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් අදහස් පළ කළ දුමින්ද නාගමුව පැවසූවේ “අප සමාජයේ එක් කොටසකට අනුව නම් පෙබරවාරි 04 නිදහස් දිනය වුවත් මේ රටේ දුක් විදින මිනිසුන්ට නම් මෙදින ඊනියා නිදහස් දිනයක් බවත්ය. ලැබුණු ඊනියා නිදහසක් සමරන අද දිනයේදීම, විශේෂයෙන්ම වතු කම්කරුවන්ගේ පර් දශ්නය පිළිබදව උද්ඝෝෂණ ව්යා පාරයක් සහ මෙවැනි සම්මන්තරදී ණයක් හරහා යම්කිසි සමාජ මතයක් ගොඩනැගීමට මැදිහත් නව බව” ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
දුමින්ද නාගමුව පළ කල අදහස්වල සාරාංශයක් මෙසේය.
“මිනිස් ඉතිහාසයේ නිදහස කියන යන වචනය තරම් මිනිසුන්ව වංචාවට ලක්කරන්න භාවිතාකළ වචනයක් තවත් නැති බවත්, මිනිස් ඉතිහාසයම පුරාවටම විවිධ අර්තකථනයන් යටතේ නිදහස කියන වචනය භාවිතා කළත්, මිනිසුන්ගේ ඇත්ත නිදහස ගැන කතා කෙරුනේ නෑ. අද නිදසහස් උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීයයන් ගෙන්වාගෙන මේ පාලක පන්තිය දේශප්‍රේමීත්වයක්, නිදහසේ වැදගත්කමක් ගැන කතා කරනවා. මේ රටට බ්‍රිතාන්‍යයේ රාජකීයයන් පැමිණිය යුත්තේ හරි නම් මේ රටෙන් පැහැරගෙන ගිය සම්පත් හා මේ රටේ ජනතාවගේ ශ්‍රමයේ වත්කම් වල, වටිනාකම් වල කොටසවත් ගෙවලයි. ගෙවුණු ඒ ඉතිහාසය ඇතුලෙ මහා කොල්ලකෑමකට, ඛේදවාචකයකට මුහුණ දුන් එක ජනකොටසක පරිච්ෙඡ්දයක් තමා වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය කියලා අපි කතා කරන්නේ. ඒ නිසා නිදහස් දිනයත් එක්ක මෙය දැඩි ලෙස බැදිල තිබෙනවා. 1815 ලංකාව පූර්ණ ලෙස යටත් කරගත්තට පස්සේ, වැවිලි ආර්ථිකය කිරකය යාත්මක කරන්න මේ රටේ ජනතාව යොදාගැනීමේදී පැන නැඟුණු ගැටළු නිසා ඉන්දියාවෙන් ඉතා අමානුෂික ලෙස මේ රටට අරගෙන ආපු ජනතාවගේ වර්තමාන ඉරණම සම්බන්ධව, තමා අද අපි කතා කරන්නේ. ඒ නිසා මේක මේ රටේ නිදහස සම්බන්ධව බරපතල පර ජනශ්නයක්. අපි හිතනවා ඒ පරඅපිශනයට අවශ්යි සංවාදය, සාකච්ඡාව හෙට දවසේවත් නිර්මාණය විය යුතුයි කියලා.
වතු කම්නරුවන්ගේ පර්බ ශ්නය ඉතාමත් සුවිශේෂියි. පහුගිය දින වල පුවත්පත්වල වාර්තා කර තිබූ විදිහට, මේ රටේ ලිපිනයක් නැති ජන කොටස ලක්ෂ දහයයි. එතකොට මේ 1000ක 2000ක ප්‍රශ්නයක් නෙවේ. ලක්ෂ ගණනකගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ලිපිනයක් නොමැති කාරනයත් එක්ක බැදිලා තිබෙනවා තවත් අයිතිවාසිකම් ගණනාවක් උදුරගත්ත කතාවක්. කොහෙන් හරි දරුවට රස්සාවක් තියනවා කියල ලිපියක් ආවට පස්සේ ලිපිය නොලැබීම්. ඒ ලැබෙන්න යන රස්සා නැති කළ සිදුවීම්. ගෙදරකින් එක දරුවෙක් හෝ එක මනුස්සයෙක් හෝ වත්තේ සේවයට නොයන්නේ නම් ලයින් කාමරෙන් පන්නා දමන බවට කරන තර්ජන මේ පර පුශ්නෙත් එක්ක බැදිල තිබෙනවා. එනිසා වතු කම්කරුවන්ට නිවසක්, ඉඩමක්, මාසික වැටුපක්, මාසික වැටුප ලබා දෙන තුරු දිනකට රුපියල් 1000ක් ඉලීම අතර තිබෙනවා. ඊට අවතරව තවත් කරුණු ගණනාවක් තිබෙනවා. මෙම පරසි දේශ නායයාමේ අවදානම් සහිතයි. එනිසා අනාගතේ දරුණු ඛේදවාදක සිදුවෙන්න පුලුවන්. මේ පිලිබද රජයවත්, වතු හිමියන්වත්, කිසි වගකීමකින් කටයුතු කරන්නේ නැහැ.
වතු නිවාස වලින් එක කාමරයක් විතරක් තියන නිවාස පරපිලතිශතය 50%ක්. ඒ කියන්නේ වතු කම්කරුවන් ජීවත්වෙන නිසවාස වලින් භාගෙට භාගයක් එක කාමරයක් විතරයි තියෙන්නේ. ඒ වගේම නිවසක අයිතිය තියෙන්නේ 22.2%ට විතරයි. ඉඩමක් නිවසක් කියල ඉල්ලන්නේ වෙන දෙයක් නොවෙයි මනුෂ්‍යත්වය. ඊ ළගට අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය, වතු ජනගහනයේ කාන්තාවන්ගෙන් ද්විතීක අධ්‍යාපනය දක්වා (10 වසර දක්වා) අධ්‍යාපනය හදාරන්නේ 13.6%යි. පිරිමින්ගෙන් 0.5% ද්වීතීයික අධ්‍යාපනයට එන්නේ. එනිසා වතු කම්කරුවන්ට නිවසක් නෑ, ඉඩමක් නෑ, එනිසා ලිපිනයක් නෑ, අධ්‍යාපනය බොහො දෙනෙකුට අහිමියි. සෞඛ්‍ය පහසුකම් ඉතා පහළ මට්ටමකය් පවතින්නේ. රටේ ජනතාවට ලැබෙන සමෘද්ධි සහනාධාරය වැනි සහනාධාරවත් ලැබෙන්නේ නෑ. රටේ පොදු සිවිල් පාලනය වතු වලට අදාල වෙන්නේ නෑ. වතු සමාගම්, කංකානිලා මැදිහත් වෙලා ගෙනයන පාලනයකුයි වතු වල පවතින්නේ. වතු පාලනය වටේට ගොඩනැගුණු සාම්පරෑා දායික වෘතීය සමිති නායකයන්ගෙන් පීඩාවට පත්වුණු ජනතාවක් තමයි වතු ජනතාව.
එනිසා වතු ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීම සදහා නව මානයකින් ක්‍රියාවලියක් ඇරඹිය යුතුයි. ඒ සඳහා වතු කම්කරුවන්, අනෙකුත් කම්කරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍යයන්, සිවිල් සංවිධාන, සිවිල් කිරසඳ යාකාරීන් ඒකාබද්ධ කරමින් පෙරමුණක් ගොඩනැගීම කළ යුතුයි. එවැනි ක්‍රියාලියකින් පමණයි වතු කම්කරුවාගේ විමුක්තිය දිනාගැනීම සඳහා ප්‍රවේශයක් ගන්න පුලූවන් වෙන්නේ. ඒ සඳහායි අපි වතු කම්කරු මධ්‍යස්ථානය ගොඩනගන්නේ.”
එම සම්මන්ත්‍රණයේ දේශකයන් ලෙස වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වසන්ත කුමාර, එහි සම සංවිධායක මාක්ස්් ප්‍රභාගර්, කොමියුනිස්ට් කම්කරු සංගමය, ජනතා කම්කරු සංගමය, වතු කම්කරුවන්ගේ ඉඩම් අයිතීන් සඳහා සංගමය, සමාජ සාධාරණත්වයක් උදෙසා කම්කරු සංගමය, හා එක්සත් කම්කරු සම්මේලනය නියෝජනය කරමින් ගනේෂලිංගම්, ඒ.සී.ආර්. ජෝන්, විජය කුමාර්, උපාලි ලිව්ලියද්ද, කන්දයියා ගනපති යන අය සහභාගී වූහ.