Posted on 02.05.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය බවටත් ඒසේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වළකින රාජ්‍ය නිලධාරින් ඒ් පිළිබද පිළිතුරු දියයුතු බව සහ ඒ් ෙවනුවෙන් සිදුකරන වියදම් රු.750 ගෙවිය යුතු බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කිරීම බරපතල තත්වයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
අද(5) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේය.
“ඡන්දය ප්‍රකාශ කිරීම කියන්නෙ යම් පුද්ගලයකු තමන් කැමති මතය වෙනුවෙන් අදහස් දැක්වීමයි. ඡන්දය දෙන්නෙ කාටද කියන ඒක ඒ් ඒ් පුද්ගලයාට අයත් අයිතියක්. ඡන්දය දෙන්නෙ නෑ. කාටවත් ඡන්දය දෙන්න යන්නෙ නෑ කියන ඒකට හේතු අැති. සමහරුන්ට තමන්ගේම හේතු අැති. ෙරා්ගී තත්වයන්, කම්මැලි නිසා හෝ ෙවනත් හෙතුවක් නිසා ඡන්දය ෙනාදා ඉන්න පුරවැසියකුට අයිතියක් තිෙයනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්ෙන අනිවාර්ය ඡන්දය දැමිය යුතුයි කියන ඒක නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්ෙන බොහොම පුලුල් ෙදයක්. මැතිවරණ කියන්ෙන ඒ් කෙ ඒක් ෙකාටසක්. දැන් සංගීත සංධ්වනියක් කියන්ෙන අංග රාශියක් සහිත සංගීතමය අත්දැකීමක්නෙ. ඒක වාදන භාණ්ඩයක් නෙවෙයි, ඒක ශිල්පියෙක් නෙවෙයි. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන්ෙන චන්දය දීම කියලා ජනතාව ඒ්කට හේත්තු කරලා තියන්න පාලකයන් කැමතියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්ෙන මැතිවරණ පමණක් නෙවෙයි. දැන් පාලක පක්ෂයම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන පසුගිය කාෙල ෙගනාව අදහස් තියෙනවා. කාලයක් තිබුණා කොමිෂන් සභා ගෙනාවම ඔක්ෙකාම හරි ප්‍රජාතන්ත්‍රවාදය අාරක්ෂා ෙවනවා කියලා. දැන් ඒ් කොමිෂන් ගෙනාවම ප්‍රජාතන්ත්‍රවාදය අාරක්ෂා වෙලාද? මැතිවරණ කොමිෂන් සභාවෙ සභාපති ෙපන්වලා තියෙනවා ෙකාමිෂන් සභාවලින් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදය මොන වගේද කියලා.
ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතිෙය් අාධිපත්‍ය වැනි සංකල්ප යටතේ අධිරාජ්‍යවාදී මුල්‍යායතන ලංකාව වැනි රටවල ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ප්‍රජාත්ත්‍රවාදය ෙගාඩනගන බව ප්‍රකාශ කළා. ඒෙහත් දැන් ලංකාෙව් ක්‍රියාත්මක වන ප්‍රජාත්නත්‍රවාදය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හා මතයක් දැරීමේ නිදහස උල්ලංඝනය ෙවමින් තිබේ. මිනිස්සු ස්වෙච්ච්ඡාවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඒහෙත් කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට තීන්දු කළොත් ඒ් අයිතියත් අාරක්ෂා වියයුතුයි. ඒ් නිසා ඡන්දය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශයට විරුද්ධව අධිකරණයට යන්න බෑ. නමුත් කවුරුන්ට හෝ දඩගැසීමක් හෝ ප්‍රශ්නයක් මතු කළෙහාත් අපි නිහඩව ඉන්නේ නෑ. අපි රාජ්‍ය සේවකයන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒවැනි තත්වයක් කවුරුන්ට හෝ අැති කළ ෙහාත් ෙප.ස.ප. ෙවත ෙහා් පෙ.ස.ප. වෘත්තිය සමිතිවලට දැනුම් දෙනලෙස.
ජනතාවගේ අයිතිය උදුරාගැනීමට ඉඩ දෙන්නේ නැති බව ෙපරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අප ප්‍රකාශ කරනවා. ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදු කරන්න මෙවැනි උත්සාහයන් ගන්නවා නම් අපි අනිවාර්යෙයන් ඊට විරුද්ධව ජනතාව සමග පෙළ ගැෙසන බව කිව යුතුයි.”