Posted on 02.28.2018 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
රාජාංගනය ජලාශයේ ජලය බහුජාතික සමාගමකට විකුණා දැමීමේ උත්සාහයට එරෙහිව අද(28) දින ගොවීන් විසින් තඹුත්තේගම නගරයේ මාර්ග අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත විය.
අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කළාඔය පාලම අසල සිට විරෝධතා පා ගමනකින් පැමිණි විරෝධතාකරුවන් තඹුත්තේගම නගරයේ උද්ඝෝෂණයක නිරත විය.
ගොවීන් විශාල පිරිසකට සිය ගොවිතැන් සඳහා ජලය ලබා දෙන මෙම ජලාශයේ ජලය වෙනත් පරිවහන ව්‍යපෘතියක් සඳහා භාවිතා කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කරන ලදි.
ගොවීන් දිගින් දිගටම විරෝධතාවයේ නියැළුණු අතර පොලිසිය විසින් උද්ගොෂකයින් විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අතර පසුව ම්ලෙච්ඡ බැටන් ප්‍රහාරයක්ද සිදු කරන ලදි. මෙහිදී දරුණු තුවාල සිදු වූ පුද්ගලයින් 5 දෙනෙකු තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කර තිබූ අතර ඔවුන්ගෙන් සිව් දෙනෙකු සඳහා ශල්‍යකර්ම සිදු කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තවද එහිදී කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය කටයුතු කරන ලදි.
ආණ්ඩුව සිය අත්ටනොමතික ක්‍රියාමාර්ග කිසිඳු වගවිභාගයකින් තොරව තවදුරටත් සිදු කරමින් බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින අතර එම අසාධාරණයන්ට එරෙහිවන බලවේග මර්දනය කිරීම සඳහා නොපැකිලිව කටයුතු කරන බව මේ හරහා තවදුරටත් පැහැදිලි වේ.


