Posted on 11.19.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සෙවනගල සීනි කම්හල විකුණා දැමීමට එරෙහිව එම කම්හලේ සේවකයින් අද(19) දින පස්වරු 2.00 සිට අඛණ්ඩව වැඩවර්ජනයක නිරත වෙන බව සෙවනගල සීනි සමාගම් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ආණ්ඩුවේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගයක් ලෙස සිදු කෙරෙමින් පවතින පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය යටතේ ඉදිරියේදී මෙම කර්මාන්ත ශාලාව විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත් එම ක්‍රියාවලියට එරෙහිව කටයුතු කරන බවත් එම සන්ධානය වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.