தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
දැඩි විරෝධය හමුවේ රාජාංගනය ජල ව්‍යාපෘතිය ආණ්ඩුව හකුලා ගනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දැඩි විරෝධය හමුවේ රාජාංගනය ජල ව්‍යාපෘතිය ආණ්ඩුව හකුලා ගනී



රාජාංගනය ජලාශය පෞද්ගලික සමාගමකට ලබා දීම හරහා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ලද ජල ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් තාවකාලිකව හකුලා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ඊයේ(28) දින තඹුත්තේගම නගරයේ පැවති දැවැන්ත විරෝධතා පා ගමන සහ උද්ගෝෂණය හේතුවෙන් මෙම තීරණය ගැනීමට ආණ්ඩුවට සිදු වී ඇත.

එම උද්ගෝෂණය අතරතුර පොලිසිය විසින් එල්ල කරන ලද බැටන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුටම දරුණු තුවාල සිදුව තිබු අතර 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස අත්අඩංගුවට ගත් 50දෙනෙකු එළඹෙන 5වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

අසාධාරණයට එරෙහිව සටන් කර ජයග්‍රහණය කල හැකි බව නැවත වරක් සමාජයට පෙන්වා දෙමින් මේ වන විට ගොවීන් විසින් සිය අයිතිය වෙනුවෙන් කරන ලද අරගලය හේතුවෙන් අදාළ අත්තනෝමතික ක්‍රියාමාර්ගය අකමැත්තෙන් තාවකාලිකව හෝ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුව ඇති බව පැහැදිළිව දක්නට ඇත.