தமிழ்
English
Contact
Thursday 14th December 2017    
ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහරදීමට විරෝධය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය « Lanka Views | Views of the truth

ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහරදීමට විරෝධය – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය



වැල්ලවාය ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකුට එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
වැල්ලවාය ප‍්‍රාදේශීය මාධ්‍යවේදී යු. එස්. පී බණ්ඩාර සිය ජනමාධ්‍ය කාර්යයේ නිරත වෙමින් සිටිය දී ප‍්‍රහාරයට ලක් වීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් එහි ලේකම් දිලීෂා අබේසුන්දර සහ කැඳවුම්කරු සී. දොඩාවත්ත එම නිවේදනයෙන් පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසවූ මාධ්‍ය ක‍්‍රියාකාරින් හා සිවිල් ක‍්‍රියාකාරින්ගෙන් සැදුම්ලත් සංවිධානයක් ලෙස පවතින අතර පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ජනමාධ්‍ය වෙත එල්ල වූ තාඩන පීඩන හමුවේ මෙවැනි නිවේදන ගණනාවක් නිකුත් කළ එම මාධ්‍ය සංවිධානය සිය නිවේදනයේ මෙසේද සදහන් කරයි.

‘‘වැල්ලවාය ප‍්‍රාදේශීය මාධ්‍යවේදී යු. එස්. පී බණ්ඩාර මහතා සිය වෘත්තීය කාර්යයන්හි නිරත වෙමින් සිටිය දී ප‍්‍රහාරයට ලක් වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

ආපදා අවස්ථාවේ විපතට පත් වූ ජනතාව පිළිබඳ රජයේ නිලධාරීන්ගේ දැනුවත් බව ද ඇතිව වාර්තාකරණයෙහි නිරතව සිටින අතර ඔහු මෙසේ ප‍්‍රහාරයට ලක් වීම අදහස් ප‍්‍රකාශනයෙහි ලා ජනතාව සතු අයිතිය ද උල්ලංඝණය කිරීමකි. මේ වන විට ප‍්‍රහාරයට වග කිව යුතු පුද්ගලයින් කෙරෙහි නීතිය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන නමුත් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිත බව පිළිබඳ ගැටලූ විසඳී නොමැති බව අදාල සිදුවීමෙන් සනාථ වේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගිය කාලය මුළුල්ලේම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිත බව වෙනුවෙන් පෙනී සිටි සංවිධානයක් ලෙස මේ සිදුවීම ද හඳුනා ගන්නේ මාධ්‍ය වෘත්තියට එරෙහි බරපතල තර්ජනයක් ලෙසිනි. එබැවින් වඩාත් උසස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම උදෙසා බණ්ඩාර මහතාගේ සිදුවීම හෙළා දැකීමෙන් නොනැවතී, එය හුදෙකලා සිදුවීමක් ලෙස නොසළකා ඉදිරියෙහි දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ආරක්ෂිතව හා නිදහසේ වෘත්තීය කටයුතුවල නිරත වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය විය යුතු බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.‘‘