Posted on 02.23.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂන විමර්ෂන කොමිසම විසින්පැවරු නඩුව විභාගයට නොගන්නා ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් අද (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය. පාවෙන අවි ගබඩාවක් ගාලු වරායේ පවත්වා ගෙන යාම සදහා ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් තමන්ට වාසි අපේක්ෂාවෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට චෝදනා නගන ලදී.
ගෝඨාභය රාජපක්ෂගේ නීතීඥවරයා ලෙස සනත් විජේවර්ධන විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.