தமிழ்
English
Contact
Wednesday 28th February 2018    
යට ගැසූ ලිපි ගොනු පළාත්පාලන මැතිවරණය අාසන්නයේ අවුස්සයි, නඩු පිට නඩු එන ලකුණු ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යට ගැසූ ලිපි ගොනු පළාත්පාලන මැතිවරණය අාසන්නයේ අවුස්සයි, නඩු පිට නඩු එන ලකුණු !



ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් ඒ.ස් ගුණරත්න හා හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඒ.එල්.ඩී ගුණරත්න අද (25)අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ෂන ඒකකය නිවේදනය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුඛෝපබෝගි වාහන අටක් මිල දී ගෙන රජයට මිලියන ගණනාවක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි චෝදනාව වේ.
මේ අතර හිටපු ධීවර කටයුතු ඇමති සරත් කුමාර ගුණරත්න ඇතුලු චූදිතයන් පිරිසකට එරෙහිව මුල්ම නඩු දෙක අද (25) කොළඹ මහාධිකරණය හමුවේ පවරන ලදී. නීතීපතිවරයා විසින් බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත මෙලෙස මුල්ම නඩු දෙක පවරා අැත.
මීගමු කලපු සංවර්ධනයට මහා භාන්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂකගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට සහ ධීවර වරාය නීතීගත සංස්ථාවේ මුදල් අවභාවිතා කරමින් එම ජනාධිපතිවරණ සමයේදීම දින පොත් මුද්‍රණය කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා මෙලෙස නඩු පවරන ලදී. බරපතල සංචා සහ දුෂණ විමර්ශණ කොමිසම හමුවේ 2015දී මුලින්ම මේ පිළිබඳ තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නිතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.
පළාත්පාලන මැතිවරණය අාසන්න වනවිට මෙසේ නඩු පැවරීම් හා අත්අඩංගුවට ගැනීම් මාලාවක් යළිත් පැමිණෙන්නට නියමිත බව අාණ්ඩුවේ දේශපාලන නායකයන් කරන ප්ර්කාශ අනුව පෙනී යයි. වසර තුනක් තිස්ෙස් චෝදනා එල්ල කරමින් සිටියද එ්වා විධිමත් ලෙස අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා ගෙන යාමට උනන්දුවක් නැතිව දැන් එ් දෙස අාණ්ඩුවේ අවධානය යොමුව අැත්තේ මැතිවරණය තුළ විපක්ෂය අප්‍රසාදයට පත්කිරීමේ අරමුණ නිසාය.