Posted on 01.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විපක්ෂයේ දේශපාලකයන් සම්බන්ධ මැතිවරණ සමයේ සිදු කරන්නට නියමිත අත්අඩංගුවට ගැනීම් හා නඩු පැවරීම්වලට අමතරව නීති සංශෝධන හරහා දඩයම උත්සන්න කිරීමට අාණ්ඩුවට අවශ්‍ය වී අැත.
මේ බව හෙළි වූයේ අල්ලස් හෝ දූෂණ චෝදනා පනත යටතේ ගැනෙන නඩු මහේස්ත්‍රාත් අධිකරණයට අමතරව මහාධිකරණයේදී විභාගයට ගත හැකි වන ලෙස නව නීති ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමගය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ් සඳහා ඊයේ(30) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සංදේශයට අනුමැතිය හිමිව තිබේ. මේ යෝජිත සංශෝධනය මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා පනත සංශෝධනය කිරීමට නියමිතය. ඉන්පසුව මහේස්ත්‍රාත් අධිකරණයට මෙන්ම මහාධිකරණයට ද අල්ලස්, දූෂණ සම්බන්ධ චූදිතයන් ගෙන යාමට අාණ්ඩුවට හැකි වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබද නඩු විභාග කඩිනම් කිරීම සදහා විනිශ්චකාරවරුන් 03 දෙනෙකුගෙන් යුත් විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලද්දේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට ය.