Posted on 01.15.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ අාර්ථිකයට මැදිහත්වන්නට තරගකාරීව ඉව අල්ලමින් සිටින ඉන්දියාව, චීනය හා ඒක්සත් ජනපදය සතුටු කරන්නට දුම්රිය අායෝජන ගනුදෙනුවක් ඒම බලවතුන් අතර ෙබදන්නට අාණ්ඩුව කටයුතු කර අැත.
හෙළිව අැති අාකාරයට දුම්රිය සේවා සංවර්ධනය වෙනුවෙන් අානයනය කරන දුම්රිය ඒන්ජින් හා බලවේග කට්ටල ෙමම රටවල් තුන අතර ෙබදී යන ගනුදෙනු ෙලස සිදුකරන්නට සැලසුම් සකස් කර අැත. ඒ් අනුව අමෙරිකන් ඩොලර් මිලියන 80ක් වටිනා දුම්රිය ඒන්ජින් හා මැදිරි 8-9 දක්වා සහිත ඒ්කක 9ක් සපයන්නට ටෙන්ඩරය චින සමාගමකට ලබාදි අැත. ඒෙස්ම ෙඩාලර් මිලියන 48ක් වටිනා ඒන්ජින් 12ක් සපයන්නට ඒක්සත් ජනපද සමාගමකට ටෙන්ඩරය ලබා දී අැත. මිට අමතරව ඉන්දියානු සමාගමකට ෙඩාලර් මිලියන 105ක් වටිනා සැපයුම් ෙටන්ඩරයක් පිරි නමා අැත්තේ ඒන්ජින් 10ක්, මැදිරි 160ක්, තෙල් ටැංකි සහිත ඒ්කක 30ක් සහ බහලුම් ඒ්කක 20ක් සැපයිමටය.
මහින්ද රාජපක්ෂ සමයේ චීන ගැති අාර්ථික පිලිවෙත තදින් විවෙච්නය කළද දැන් වත්මන් හවුල් අාණ්ඩුව ඉන්දියාව, චීනය සහ ඒක්සත් ජනපදය සමග රාජ්‍ය තාන්ත්‍රික හා අාර්ථික වශයෙන් යටහත් ගනුදෙනුවකට අැදවැටී අැත. ඒම හේතුව නිසාම අාකාරයට ලංකාවේ අවශ්‍යතා සපුරන්නට ප්‍රමුඛතා දෙමින් වඩා ස්වාධීන ෙවළද ගනුදෙනු කරගෙන යනවාට වඩා ලෝක බලවතුන් වෙත ගනුදෙනු අවස්ථාද පිරිනමමින් සිය පක්ෂපාති බව සලකුනු කරමින් සිටී.