Posted on 12.06.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොළඹ ජාතික රෝහලේ පිටවීමේ ගේට්ටුවෙන් ජනාධිපතිවරයාගේ වාහනයක් ඇතුළු කිරීමට ගත් උත්සාහයට බාධාකළ ආරක්ෂක සේවයේ නිලධාරියකු හා ආරක්ෂක භටයන් සිව් දෙනකු වැඩ තහනමට ලක්කර ඇති බව ‘ලංකාවීව්ස්‘ වෙත අනාවරණය විය.
ඉඩම් ගොඩකිරීමේ හ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් LRDC Services ආරක්ෂක සේවයට අයත් ස්ථාන බාර නිලධාරියා ඇතුළු සමාජිකයකු හා සාමාජිකාවන් තිදෙනකි. සිය රාජකාරිය නිවැරදිව ඉටුකිරීමට ගත් උත්සාහයක් නිසා වීම නිසා ඔවුන් මෙසේ අසාධාරණ ලෙස සේවයෙන් පහ කොට ඇති බව රෝහල් සේවකයන්ගේ අදහසයි. ජාතික රෝහලේ ආරක්ෂක අංශයට අයත් මූලික වගකිමක් වන්නේ රෝහල් පරිශ්‍රයට ඇතුළුවීමේ හා පිටවීමේ ගේට්ටු පාලනය කිරීමයි. මෙම ආරක්ෂක නිලධාරින් සේවයෙන් පහකොට ඇත්තේ ජනාධිපතිවරයාගේ වාහන ජාතික රෝහලේ පිටවීමේ දොරටුවෙන් ඇතුළුකිරිමට ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරින් විසින් ගත් බලහත්කාරී වෑයමක් ව්‍යාර්ථ කිරීමේ හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීමට LRDC Services ආරක්ෂක සේවයෙන් කරුණු විමසූ අවස්ථාවේ එහි වගකිවයුතු නිලධාරියකු පවසා සිටියේ විවෘතව තිබුනු ගේට්ටුවෙන් රථවාහන පොලිස් යතුරුපැදියක් ඇතුලු කර ජනාධිපතිවරයාගේ වාහනය ඇතුලු කිරීමේදී ආරක්ෂකයන් ගේට්ටුව වසාදැමීමට උත්සාහ ගත් බවත් ඉන්පසුව රිය තුළ ජනාධිපතිවරයා සිටින බව පවසා ඇතුළුවීමට අවස්ථාව දෙන ලෙස ප්‍රකාශ කළද ආරක්ෂක නිලධාරින් ඊට ඉඩ නොදුන් බවත් වාර්තා වූ බවය. ජාතික රෝහල් ගේට්ටුවේ පිටවීම සටහන් කර නොතිබුනු තත්වයකදී ඕනෑම අයකු එයින් ඇතුලු විය හැකි බව පෙන්වා දුන් එම නිලධාරියා මේ නිසා සිය ආරක්ෂක සේවා සාමාජිකයන් ගෙන ඇති ක්‍රියාකාලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් ජනාධිපති ආරක්ෂක අංශයෙන් සහ LRDC Services ආරක්ෂක සේවය අයත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ සිදුවන බව ප්‍රකාශ කළ අතර මෙම විමර්ශනය කිරීමේ පහසුව සදහා ඔවුන් මේ වනවිට තාවකාලික වැඩ තහනමට ලක් කර ඇති බවද පැහැදිලි කළේය.