Posted on 08.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිත්වයට එක් නොවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට තිරණය කර ඇතැයි දේශපාලන අංශවල සාකච්ඡාවට ලක්ව තිබේ.
පසුගිය කාලය පුරාම මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය ලෙස වෙන් වෙන්ව කටයුතු කළ තත්වය වෙනස් කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනිධිපතිවරයා තදබල තීන්දු ගන්නට සූසදානමින් සිටින බවයි. මෙසේ අවධානයට ලක්ව ඇත්තේ පවිත්‍රාදේවි වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ එම මන්ත්‍රීවරුය. පක්ෂ සභාපති ලෙස ජනාධපපතිවරයාගේ තීන්දු තීරණවලට අවනත නොවීමත් ඔහුගේ නායකත්වයෙන් සිදවන කටයුතු විවේචනය කිරීමත් නිසා විනය ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගන්නට තීන්දු කර තිබේ. දීර්ඝ කාලයක් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලට සහයෝගය දෙමින් පක්ෂ නායකත්වය නොතකා හැර සිටි මන්ත්‍රිවරුන්ට ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නට සූදානම්වල බව ශ්‍රීල.නි.ප.යේ ආරංචි මාර්ග හෙළිකරයි. පාර්ලිමේන්තු මැතිවරණයකදී යම් පක්ෂයක ලකුන යටතේ ඡන්දය ඉල්ලා තේරී පත්වූ මන්ත්‍රීවරයකු පක්ෂය විසින් සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබුවහොත් ඔහුගේ මන්ත්‍රීධුරයද අහෝසි වෙයි.