Posted on 03.04.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ෙමෙත්‍රිපාල සිරිසේන විසින් කැදවන ලද කමිටුවකින් සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලෙස ගෙන අා තීරණය සම්බන්ධ ප්‍රශ්න කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද(4) ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා අැත.
අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකරගේ අත්සනින් යවන ලද ඒම ලිපියෙන් සයිටම් විරෝධී අරගලයේ ප‍්‍රධාන පාර්ශවයක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයේ අදහස් හා යෝජනා සාකච්ජා කිරීම සදහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර අැත. ඒහිදී අාණ්ඩුව විසින් පසුගිය කාලය පුරාම වරින්වර ඉදිරිපත් කරන ලද විවිධ විසදුම් යෝජනාවලින් කිසිවක් ක‍්‍රියාත්මක කර නොමැති බවද කොතලාවල විශ්වවිද්‍යාල විසදුමද ක‍්‍රියාත්මක කරන ආකාරය ද නිශ්චිත කර නොමැති බව සදහන් කර අැත.
අ.වි.ශි.බ.ම. ජනාධිපතිවරයා වෙත යැවු ඒම ලිපිය පහත පළ වේ.
ජනාධිපතිතුමනි,
සයිටම් අර්බුදයේ අවසන් විසදුම සම්බන්ධව සාකච්ජාවක් ලබාගැනීම සදහා.
වසර ගණනාවක් තිස්සේ රට තුළ බරපතල ගැටලූවක්ව සාකච්ජාවට බඳුන් වූ මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට ආණ්ඩුව විවිධ අවස්ථාවන්වල විවිධ විසදුම් යෝජනා ගෙන ආ අතර බොහෝ යෝජනා පිළිගත හැකි ඒවා නොවීය. නොවැම්බර් 08 වෙනි දින ඇතිකරගත් එකගතාවන්ද තවම ක‍්‍රියාත්මක වී නොමැත. කෙසේ නමුත් සයිටම් ආයතනයේ අධ්‍යයන කටයුතු හැදෑරූ සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළින් උපාධි ප‍්‍රදානය කිරීම සඳහා ඔබතුමා සමග කොතලාවල විශ්වවිද්‍යාල පරිපාලනය සහ තවත් පාර්ශව සමග 2018.02.21 දින සාකච්ජාවකදී තීරණය වූ බව මාධ්‍ය වාර්තා පළ විය.
සයිටම් අර්බුදයට අවසන් විසඳුම් ලෙස අවස්ථා ගණනාවකදී ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනාවලි ඉදිරිපත් වූ අතර අප මෙන්ම මෙම අරගලයේ සිටි බොහෝ අය එ්වා ප‍්‍රතික්ෂේප කරන්නේ සයිටම් ආයතනය අහෝසි කිරීමේ පදනමෙන් නොව සයිටම් ආයතනය ආරක්ෂා කිරීමේ පදනමක සිට මෙම යෝජනා ඉදිරිපත් වූ නිසාය. 2018 ඔක්තෝබර් මස 29 වන දින රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රජයේ යෝජනා ලෙස ඉදිරිපත් කරන ලද විසඳුම්වල ද අරමුණ සයිටම් ආයතනයේ නම වෙනස් කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වා ගැනීමයි. එම නිසා එය ද ප‍්‍රතික්ෂේප කිරීමට අපට සිදු විය. එම නිසා අපගේ විරෝධතා අප නොනවත්වා ක‍්‍රියාත්මක කළ අතර වෛද්‍ය පීඨ දෙමාපියන් 2017-11-06 වැනි දින මාරාන්තික උපවාසයට ඉදගන්නා ලදී.
ජනාධිපති කමිටුවේ ප‍්‍රධානියා වන ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමතිවරයාගේ අත්සනින් සයිටම් ආයතනය අහෝසි කර සයිටම් ආයතනයට ළමුන් බඳවාගැනීම ස්ථීරවම නතර කරන බවත්, ලිඛිතව ලබා දුන් අතර සයිටම් සිසුන් සම්බන්ධ තීරණය හර්ෂ ද සිල්වා කමිටුව තුළ සාකච්ඡුා කරන බවත්, සිසුන් භාවිතා කර නව වෛද්‍ය පීඨයක් ආරම්භ නොකරන බවත් නොවැම්බර් 08 වන දින වාචිකව පොරොන්දු විය. සයිටම් ආයතනය නිත්‍යානුකූල ලෙසම අහෝසි කිරීම කඩිනමින් කළ නොහැකි බවද, 2018 දෙසැම්බර් 31 වන විට එය සිදුකළ හැකි බවත් ප‍්‍රකාශ කරන ලදී. ඔක්තෝම්බර් 29 ඉදිරිපත් කළ යෝජනාවලිය එම සටනේ සිටි බලවේග ප‍්‍රතික්ෂේප කළ නමුත් නීතිපතිවරයා විසින් අධිකරණයට ඔක්තෝම්බර් 29 හා නොවැම්බර් 08 යන යෝජනාවලි දෙකම ඉදිරිපත් කරන ලද අතර එය නොවැම්බර් 08 වන දින එකඟතාවන් වලට පටහැනිව ක‍්‍රියාකිරීමකි. තවද ජනාධිපති කමිටුව තුළ සාකච්ඡුා, සයිටම් සිසුන් භාවිතා කරමින් නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමේ දිශාවට තල්ලූ විය.
මෙම සිසුන් ‘ස්ලිට්’ ආයතනයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කර එමගින් උපාධිය ලබා දෙමින් නවක සිසුන් බ`දවාගැනීමට සාකච්ඡුා වූ අතර එය අප අතර වූ එකගතා කඩකිරීමකි. එම නිසා නැවතත් අප විරෝධතා ආරම්භ කිරීමට තීරණය කළෙමු.
නමුත් පසුගියදා ඔබතුමන් මැදිහත්ව ගත් සාකච්ජාවකදී සයිටම් සිසුන් සදහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළින් උපාධි ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පළවිය. මෙවැනි ආකාරයට පසුගිය කාලය පුරාවටම විවිධ විසදුම් යෝජනා ඉදිරිපත් කරන ලදී. එම කිසිදු යෝජනාවක් ක‍්‍රියාත්මක කර නොමැති අතර කොතලාවල විශ්වවිද්‍යාල විසදුමද ක‍්‍රියාත්මක කරන ආකාරයක් පිළිබඳව නිශ්චිතව ඉදිරිපත් කර නොමැත. එන නිසා මෙම සටනේ ප‍්‍රධාන පාර්ශවයක් ලෙස අපගේ අදහස් හා යෝජනා ඔබතුමා සමග සාකච්ජා කළ යුතුයැයි සිතන අතර ඒ සදහා අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට,
ළහිරු වීරසේකර,
කැදවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.
4-3-2018