தமிழ்
English
Contact
Tuesday 1st May 2018    
ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන රුසියානු තානාපති කාර්යාලය වෙත යාම නිසා රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් « Lanka Views | Views of the truth

ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන රුසියානු තානාපති කාර්යාලය වෙත යාම නිසා රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක්



රුසියාවේ සිදුවූ අාපදාවකින් සිදුවූ ජිවිත හානි සම්බන්ධ කණගාටුව පළ කිරීමට ජනාධිපති ෙමෙත්‍රීපාල සිරිසේන පසුගිය 28 වැනිදා රුසියානු තානාපති කාර්යාලය වෙත යාම රාජ්‍යතාන්ත්‍රික වශෙයන් නුසුදුසු ක්‍රියාවක් බවට දේශපාලන අංශවල කතාබහට ලක්ව අැත.

රුසියාවේ, කෙමෙරෝවොහි විනෝද හා වෙළෙඳ සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් රැසකගේ ජීවිත අහිමිවීමේ පිළිබඳ සිය ශෝකය පළ කරන්නට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන රුසියානු තානාපති කාර්යාලයට ගොස් තිබේ. රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා එහි ෙශා්කය පළ කිරීමට තබා අැති ග‍්‍රන්ථයේ විශේෂ  සටහනක් තබමින් රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් වෙත සිය ශෝකය පළ කළේය.

රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. කෙසේවෙතත් රුසියානු මැතිවරණය ජයගත් ව්ලැදිමීර් පුටින් වෙත සුභ පැතුම් ලබා ගැනීමට රුසියානු තානාපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට ගොස් තිබුනු අතර ජනාධිපතිවරයා ෙශා්කය පළ කිරීම රාජ්‍ය නායක මට්ටමෙන් සිදු නොකොට තානාපති කාර්යාලය වෙත යාම රාජ්‍ය නායකයාගේ නිල ෙගෟරවය අත්හැරීමක් යැයි අැතැම් විවේචකයන් කරුනු දක්වා අැත.