தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
මියන්මාර ජාතිකයන් රැදී සිටින බව කියමින් භික්ෂුන් පිරිසක් නිවසක් ඉදිරිපිට මෙත් වඩති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මියන්මාර ජාතිකයන් රැදී සිටින බව කියමින් භික්ෂුන් පිරිසක් නිවසක් ඉදිරිපිට මෙත් වඩති !



අද (26) උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් ඉදිරිපස භික්ෂූන් පිරිසක් උද්ඝෝෂණයක් සිදුකරන්නට  යන අවස්ථාවේදී එම නිවසේ රැදී සිටි පිරිසක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙසේ පොලිසිය විසින් කැදවාගෙන ගොස් තිබෙන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මියන්මාර රොහින්ග්‍යා සරණාගතයන් ලෙස සැලකෙන 30 දෙනකුගෙන් යුතු පිරිසකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන ආකාරයට මොවුන් වීසා නොමැතිව කන්කසන්තුරේ ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන කොළඹ පිහිටි සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාල ශාඛාව වෙත භාර දී තිබේ. අනතුරුව ඔවුන්ට කල්ගෙවන්නට සිදු වූ මිරිහාන රැඳවුම් කදවුරේ දුෂ්කර තත්වයන් නිසා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම පිරිස ගල්කිස්සේ පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක රදවා සිට ඇත.
ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භාරයට ගත් මෙම පිරිස රොහින්ග්‍යා වැසියන් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවද පොලිස් මාධය ප්‍රකාශක වැඩිදුරටත් හෙළිකර තිබේ.