Posted on 10.22.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් පත්වීම් ලබන ගුරුවරුන් ජාතික පාසල් වලට අනුයුක්ත කිරීම ගැටළු සහගත බව ලංකා ගුරු සංගමය පවසයි.
දිවයිනේ පළාත් සභා පාසැල් විශාල සංඛ්‍යාවක අධික ගුරු හිඟයක් පවතින බවත් එම පාසල් වලට ගුරුවරුන් අනුයුක්ත නොකර ජාතික පාසල් සඳහා මෙලෙස ගුරුවරුන් ලබා දීමෙන් සිසුන්ට අසාධාරනයක් සිදු වන බවත් මෙලෙස ගුරුවරුන් අනුයුක්ත කිරීමේදී ගුරුවරුන් හිඟ පාසල් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවත් එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි.