தமிழ்
English
Contact
Monday 11th December 2017    
සයිටම් වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රචාරය පිළිකුල් සහගතයි – වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය « Lanka Views | Views of the truth

සයිටම් වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රචාරය පිළිකුල් සහගතයි – වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය



සයිටම් විරෝධී සමාජ බලවේග බෙදා වෙන්කිරීමේ අරමුනින් ආණ්ඩුව විසින් දැවැන්ත මුදල් කන්දරාවක් වැය කරමින් ගෙනයන ප්‍රචාරක ව්‍යාපාරය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසයි.

සයිටම් ආයතනයට පක්ෂග්‍රාහී අදහස් සදහා වෙළෙද දැන්වීම්වල වෛද්‍යපීඨ මව්පියන් වෙත ප්‍රකාශිත කරුණාව පසුගියදා ඔවුන් ජනාධිපතිවරයාට ලිපියක් බාරදෙන්නට පැමිනි දිනයේ දක්නට නොලැබුනු බවද ඔවුන් ජනමාධ්‍ය නිවේදනයකින් පවසයි. පසුගිය ආපදා සමයේ ජනතාව අතර සහන කටයුතුවලට සම්බන්ධවීම නිසා විරෝධතා ව්‍යාපාරයට විරාමයක් ලැබුණද අධයාපන අයිතිය වෙනුවෙන් ගෙන යන අරගලය දැන්වීම්වලින් අඩපණ කළ නොහැකි බව එම සංගමය විසින් එවන ලද එම නිවේදනයෙන් ප්‍රකාශ කරයි.

පහත පළ වන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද(17) නිකුත් කළ එම නිවේදනයයි.


සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ ඉදිරි වැඩපිලිවෙල දැනුවත් කිරීම

සයිටම් විරෝධී සටන මේ වනවිට ඉතා තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇත. සටන් කරන බලවේග මර්දනය කිරීමටත් ඔවුන් අතර ප‍්‍රශ්න ඇතිකරමින් බෙදාවෙන්කිරීමේ වැඩපිලිවෙලකට වර්තමාන ආණ්ඩුව ගෙනයන වැඩපිලිවෙල නිර්ලජ්ජිතය.

පසුගිය මාසය පුරාවට සයිටම් විරෝධී බලවේග සයිටම් විරෝධී සටන තීරණාත්මක තැනකට ගෙන එන ලදී. නමුත් දිවයිනේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් එම බලවේග සියල්ල අන් සෑම අවස්ථාවකදීම මෙන් විපතට පත් ජනතාවට සේවය සදහා යොමුවන ලදී. නමුත් ඒ අවස්ථාවේ සක‍්‍රීය වූ සයිටම් බලවේග නිර්ලජ්ජිතව එම වංචනික ආයතනය නීතිගත කිරීමට උත්සහ දැරීම පිලිකුල් සහගතය.

මෙහි අලුත්ම වැඩසටහන වන්නේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන් ඉලක්ක කරගනිමින් රජය මගින් ප‍්‍රදර්ශනය කරනා වෙළෙද දැන්වීම් සහ පුවත්පත් දැන්වීම් වේ. දෙමාපියන් ගැන රජය දක්වන මේ කරුණාව මැයි මස 24 වැනි දින අප ජනාධිපතිතුමා හමුවීමට පැමිණි විට දැක්වූයේ නැත. නිරායුද දෙමාපියන්ට ලැබුණේ කදුළුගෑස් සහ ජල ප‍්‍රහාර පමණි. එවැනි රූපවාහිනි දැන්වීම සහ පුවත්පත් දැන්වීම් ප‍්‍රයෝහ උපයෝගි කරගනිමින් දෙමාපියන් අඩපණ කිරීමට නොහැකි බව අවධාරණය කරන්නෙමු.

‘සයිටම් විරෝධය‘ හෙළාදකිමින් ආණඩුව විසින් පුවත්පත්වල පළ කළ දැන්වීම්