Posted on 01.25.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් විරෝධී ශිෂ්‍ය මව්පිය හා ජනතා බලවේග විසින් පවත්වන උද්ඝෝෂන පෙළපාළිය මේවන විට අාරම්භව අැති අතර ඒය නුගේෙගොඩ විජේරාම හන්දියේ සිට කොළඹ කොටුව දක්වා යන්නට අපේක්ෂිතය.
අාණ්ඩුව විසින් ශිෂ්‍යයන්ට හා මව්පියන්ට දුන් පොරොන්දුව කඩකර සයිටම් අායතනය ස්ලිට් අායතනයට සම්බන්ධ කර නව අායතනයක් පිහිටුවීමට සූදානමක් පවතී. මේ සම්බන්ධව උසස් අධයාපන අැමති ලක්මෂ්න් කිරිඅැල්ල, සෞඛ්‍ය අැමති රාජිත සේනාරත්න හා වෙනත් රජයේ නායකයන් අදහස් දක්වා අැත. ඒහෙත් හර්ස ද සිල්වා නියෝජ්‍ය අැමතිවරයා විසින් වෙෙද්‍ය ශිෂ්‍ය මව්පිය උපවාසය නවතන ලෙස ඉල්ලමින් දුන් පොරොන්දුව කඩ කිරීමටත් අාණ්ඩුවේ වංචනික උත්සාහයට ඒරෙහිවත් ශිෂ්‍ය ව්‍යාපාරය යළි සටන් මග තෝරාගෙන අැත.
මෙම පාගමන අතරමගදී අවුරා පහරදීමට පෙලාසිය හා කැරලි මර්දන ඒ්කක ඊයේ සිට සූදානම් කර තිබිණි. නීති විරෝධී යැයි නම්කර පොලිසිය විසින් නුගේගොඩ අධිකරණයෙන් හා ෙකාටුව අධිකරණයෙන් කල ඉල්ලීම් අනුව මෙම පාගමනට වාරණ නියෝග පනවා තිබිණි. ඒහෙත් විරෝධය දැක්විමට අැති මූලික අයිතිය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර අැත. ගංගොඩවිල, දෙල්කද හන්දියේ පොලිස් මාර්ග යොදා අධිකරණ නියෝගය පාගමනේ සංවිධායකයන්ට භාරදෙන්නට පෙලාසිය සූදානම්ව සිටී. ඒහෙත් කිසිදු බාධකයක් නිසා පාගමන නවත්වන්නේ නැති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අැතුළු සංවිධායක ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කරති.
