Posted on 01.26.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ(25) නුගේගොඩ විජේරාම මන්සන්ධියේ සිට කොල්ලුපිටිය දක්වා ගමන්ගත් සයිටම් විරෝධි සිසුජන පෙළපාළියට ෙකාල්ලුපිටිය නගර මධ්‍යයේ විශාල ජල ප්‍රහාර මාලාවක් හා කදුලුගෑස් ප්‍රහාරයක් ඒල්ල කළේ විරෝධතාකරුවන් විසින් මාර්ගයට යොදා තිබුණු මාර්ග බාධක ඉවත්කිරීමට තැත් කළ නිසා බව පොලිසිය පවසයි.
මුදලට වෙෙද්‍ය උපාධිය පිරිනමන්නට පිහිටුවන ලද සයිටම් අායතනය සම්බන්ධ අාණ්ඩුව විසින් දෙසැම්බර් මසදී දුන් පොොන්දුව කඩකරමින් ඒය වෙනත් අායතනයක් බවට පත්කිරිමට ඒරෙහිව ෙමම විරෝධතාව සංවිධානය කළේ අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර්විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය, වෙෙද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ වෙෙද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය ඒ්කාබද්ධවය.
ෙපළපාළිය පිළිබද දැනගත් වහාම පොලිසිය විසින් ඒය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව හදුන්වමින් ෙකාළඹ කොටුව හා නුගේගොඩ අධිකරණවලින් වාරණ නියෝග ලබා ෙගන තිබිණි. ෙමම අධිකරණ නියෝග තමන්ට විරෝධය දැක්වීමට අැති අයිතිය උල්ලංඝනය කිරීමක් බව දක්වමින් ශිෂ්‍යයෝ ඒය භාරගැනීම ප්‍රතික්ෂේප කළ අතර අධිකරණය විසින් විරෝධතාවයේ යෙදෙන පිරිසගේ පාර්ශ්වය නොමැතිව පක්ෂපාතිව නියෝග නිකුත්කර අැති බවටද චෝදනා ඒල්ල විය. ඒ් අනුව මහජන විරෝධතා අධිකරණ නියෝග ඉදිරියට දමා තහනම් කිරීමට එනම් රාජපක්ෂ පාලන සමයේ ක්‍රමයට පල්ලම් බැසීමට ගත් අාණ්ඩුවේ උත්සාහයක් යළිත් අසාර්ථක විය.