தமிழ்
English
Contact
Monday 12th February 2018    
අද දහවල් 12ට පෙර සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයන් දඩයමට සැරසෙති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අද දහවල් 12ට පෙර සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකයන් දඩයමට සැරසෙති !



අද(11) මධ්‍යහ්න .00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් සියලුම දුම්රිය සේවකයන් සේවය හැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

දෙසැම්බර් 7 වැනිදා සිට ලොකොමොටිව් දුම්රිය රියෑදුරු වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩවර්ජනයට සහාය දක්‌වමින් පසුව දුම්රිය නියාමකවරු, දුම්රිය පාලකවරු සහ දුම්රිය ස්‌ථානාධිපතිවරු ද වර්ජනයට එක්‌ව සිටිති. දුම්රිය සේවක ඉල්ලීම සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යංශ ලෙක්ම් සමග කල සාකච්ඡා නිශ්ඵල වීෙමන් පසුව දුම්රිය වෘත්තීය සමිති 12 ක්‌ සමඟ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු දෙසැම්බර් 08 වැනිදා සාකච්ඡා පැවැත්වුවද එය අසාර්ථක විය.
මේ වනවිට දුම්රිය රියෑදුරන්, නියාමකවරුන්, පාලකයන් සහ ස්‌ථානාධිපතිවරුන් ඇතුළු 2600 ක්‌ පමණ වර්ජනයේ නිරතව සිටිති.