Posted on 12.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වැඩ වර්ජනයේ නිරතව සිටින දුම්රිය සේවකයන්ගේ අයිතිවාසිකම් ලබා දෙනු වෙනුවට ඔවුන් මර්දනය කිරීමේ උත්සාහය සම්බන්ධව ශිෂ්‍ය ව්‍යාපාර වෙනුවෙන් දැඩි ලෙස විරෝධය පළ කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
සේවක ඉල්ලීම් සම්බන්ධව විසදුම් ලබා දෙන්නට සාකච්චා කරන බව අාණ්ඩුව පවසන අතරම සාකච්ඡා අසාර්ථකවීම නිසා වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන්නට දුම්රිය සේවකයන්ට සිදුව අැත. මේ තත්වය නිසා අාණ්ඩුව අත්‍යවශ්‍ය සේවා කොන්දෙසි පනවමින් සිය සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනයේ යෙදන සේවකයන් දඩයමට සූදානම්වන බව අ.වි.ශි.බ.ම. පවසයි. අන්තරයේ කැදවුම්කරු ළහිරු වීරසේකරගේ අත්සනින් අද (11) නිකුත් කර අැති ඒම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
“මර්දනය නවතනු ! දුම්රිය සේවක ගැටලූවලට වහා විසදුම් ලබාදෙනු !
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජන
ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී. ආණ්ඩුවේ බලධාරින් සම`ග සිදුකළ සාකච්ජා කිහිපයක් අසාර්ථක වීම
හේතුවෙන් මේ වන විටත් දුම්රිය වර්ජනය ක‍්‍රියාත්මක වේ. නමුත් අදාල ගැටලූ වලට විසදුම් ලබා දීම
වෙනුවට ආණ්ඩුව මේ වන විට වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට මර්දනය කැදවීමට කටයුතු කර
ඇත. ඒ අනුව දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කොට සේවයට නොපැමිණෙන සේවකයින්
සේවය හැර ගිය සේ සලකන බවට ද ආණ්ඩුව නිවේදන නිකුත් කොට ඇත.
රනිල්-මෛත‍්‍රි හවුල් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබ`ද කතිකාව මුලාවක් බව තවදුරටත් පැහැදිලි කරමින්
පසුගිය කාලයේ පැන නැගී වෘත්තීය ක‍්‍රියාමාර්ග මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව තෙල්
ටැංකි විකිණීමට එරෙහිව සටන් කළ තෙල් සංස්ථා සේවකයින්ටද ආණ්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ මර්දනය
කැ`දවමිනි. එහි බරපතලම කාරණය වන්නේ අද වන විට තෙල් ටැංකි හා වරාය විකුණා දැමීමට ආණ්ඩුව
කටයුතු කර තිබීමයි. 1980 ජූලි වැඩවර්ජනය මැඩලීමටද එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව
කටයුතු කළේ මර්දනය කැදවමිනි. දහස් ගණනකට රැුකියා අහිමි කරමින් එම සටනට පිළිතුරු දීම
ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙත විය. වත්මන් රනිල්-මෛත‍්‍රි ආණ්ඩුවද අරගල සටන් වලට ප‍්‍රතිචාර දක්වනුයේද
මර්දනය ක‍්‍රියාත්මක කරමිනි. එය පසුගිය කාලය පුරා අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීමට එරෙහිව ශිෂ්‍ය
ව්‍යාපාරය ඇතුලූ බලවේග ගෙන ගිය අරගලයට ආණ්ඩුව දැක්වූ ප‍්‍රතිචාරයෙන්ද, රාජ්‍ය ආයතන විකිණිම,
විශ‍්‍රාම වැටුප් කප්පාදුව, ෑඔක්‍් වැනි ගිවිසුම් වලට විරෝධය පල කරමින් පැන නැගුණු විවිධ වෘත්තීය
අරගල මැඩපැවැත්වීමටද ආණ්ඩුවේ මර්දන යාන්ත‍්‍රනයන් නින්දිත ලෙස පාවිච්චි කරන අයුරු දක්නට
ලැබිණ.එම නිසා දුම්රිය සේවකයින්ගේ ගැටලූ වලට විස`දුම් දීම වෙනුවට මෙයාකාරයෙන් සිදුකරන
මර්දනය අප ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස තරයේ හෙලා දකින්නෙමු. එසේම එම මර්දනය හමුවේ වුවද නොසැලී
සටන් ක‍්‍රියාමාර්ගවල නිරත වන සියලූ දුම්රිය කාර්්‍යය මණ්ඩල වලට අපගේ පූර්ණ සහයෝගය
පළකරන්නෙමු.
එසේම මෙරට වැඩ කරන ජනතාව ඇතුලූ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙකී මර්දනයට එරෙහිව
හා අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් එක්ව සටන් කිරීමට පෙළ ගැසෙන ලෙසයි.
ළහිරු වීරසේකර,
කැදවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.