தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
දුම්රිය සේවකයන් මර්දනය කර වැඩ වර්ජනය පාගා දමන්නට ආණ්ඩුව සැරසෙයි ! « Lanka Views | Views of the truth

දුම්රිය සේවකයන් මර්දනය කර වැඩ වර්ජනය පාගා දමන්නට ආණ්ඩුව සැරසෙයි !



දුම්රිය රියදුරන් ඇතුලු කාර්ය මණ්ඩල විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනයට පිළිතුරු ලෙස දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇත.
දුම්රිය සේවා අත්‍යවශ්‍ය සේවාව බවට ප්‍රකාශයට පත්කර තිබියදී සේවයට නොපැමිණෙන දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා සේ සළකන බව ප්‍රවාහන අැමති නිමල් සිරිපාල ද සිල්වා පවසයි. කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ ද දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තිරණය කර තිබේ. දුම්රිය සේවය යටත්විජිත සමයේදී ඉංග්‍රිසි පාලකයන් පිහිටුවන ලද්දේම අත්‍යවශ්‍ය සේවයක් ලෙස බව ඔවුහු පෙන්වා දෙති. මේ අතර වැඩවර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවා නියෝජනය කරන වෘත්තිය සමිති රැසක නියෝජිතයන් එක්ව වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් පවත්වන ලදී. අද පෙරවරු 11.15ට පමණ මරදාන දුම්රිය පරිශ්‍රයේ ආරම්භ වූ මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛන්ඩව සිදුකිරීමට සේවකයින් තිරණය කර ඇති බවවාර්තා විය.

මේ අතර ඊයේ (08) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන විශේෂ පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් දුම්රිය ස්ථානවල ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. සේවකයන් පවසන්නේ පොලිසිය හා වෙනත් මර්දන ක්‍රියාමාර්ග ගෙනැවිත් හෝ වර්ජකයන් දොට්ට දමා දුම්රිය සේවකයන් මතුකරන සාධාරණ ප්‍රශ්නවලින් පළා යන්නට පාලකයන්ට ඉඩ දිය නොහැකි බවයි.