தமிழ்
English
Contact
Sunday 17th December 2017    
SAITM ආයතනය රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

SAITM ආයතනය රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් කෙරේ



මාළඹේ SAITM ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය විදිවිධාන සකස් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද(25) දින SAITM අර්බුදය විසදීම සම්බන්දව යොජානා ඇතුලත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම. එම ගැසට් නිවේදනය මඟින් නිකුත් කරන කොන්දේසි සම්පූර්ණ කරන තෙක් SAITM ආයතනයට සිසුන් බඳවා ගැනීම සහ උපාධි පිරිනැමීම නතර කිරීම. සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සහ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම යන අනෙකුත් තීරණ ද මෙම නිවේදනය මගින් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් මෙම ආයතනය පූර්ණ වශයෙන් රජයට පවාරා ගැනීම හෝ සම්පූර්ණයෙන් අහෝසි කිරීම යන SAITM විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම තව දුරටත් වත්මන් ආණ්ඩුව මඟ හරිමින් සිටින බව පැහැදිලිව දක්නට ඇත.

 


ආශ්‍රිත පුවත්