සයිටම් අහෝසි කිරීමට පොරොන්දුවක් දීමත් සමග සයිටම් විරෝධී උපවාසය අවසන් වේ !
Posted on 11.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වෛද්‍ය ශිෂ්‍ය මව්පිය උපවාසය පවතින ස්ථානයට පැමිණි හර්ෂ ද සිල්වා ඇමතිවරයා සිදුකළ සාකච්ඡාවේදී සයිටම් ආයතනය අවසන් කරන බවට පොරොන්දු වී ඇත.
ඇමතිවරයා විසින් ලිඛිතව මේ පොරොන්දුවට අදාළ කරුනු සනාථ කර ඇති බවද අපගේ ආරංචිමාර්ග පවසයි. මේ අතර මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි. සයිටම් ආයතනය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටත්, එම ආයතනයේ සිසුන් හට සාධාරණය ඉටු කිරීමට හා ඒ සඳහා නැවත කිසිදු උපාධි කඩයක් ආරම්භ නොකිරීමටත් එකඟවීමත් සමග දෙමව්පියන්ගේ මාරාන්තික උපවාසය අවසන් කර ඇත.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නැවත සිසුන් බඳවා නොගන්නා බවත් දැනට වෛද්‍ය සිසුන් ලෙස එම ආයතනයේ ලියාපදිංචි වී ඇති සිසුන් සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත. කෙසේවෙතත් හර්ෂ ද සිල්වා ඇමතිවරයා මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදුකර ඇත්තේ ඔක්තෝබර් 29 වැනිදා නිකුත් කළ සයිටම් විසදුමට අදාලව ජනාධිපතිවරයා පත්කළ දෙවැනි කමිටුවේ සභාපතිවරයා වශයෙන් බව අමතක කළ නොහැකිය. ඔහු වෙත වගකීම පැවරුනේ එම ආණ්ඩුවේ වංචනික තීරණය ක්‍රියාත්මක කිරීමේ පියවර නිර්දේශ කිරිමටය.
මේ අතර මව්පිය උපවාසය අවසන් කරන අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර ප්‍රකාශ කළේ සයිටම් අරගලය වසර ගණනාවක් ජනතාව සමග එක්ව කළ අරගලයක් බව සහ එය අවසන් වන්නේ නිශ්චිතව නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන වටපිටාවක බවයි. මෙම පොරොන්දුව කඩ කළහොත් නැවත සටන් බිමට එන්නට කිසිදු පැකිලිමක් නැති බවද ඔහු පවසයි උපවාසය පැවති ස්ථානයේ සිට සජිවි විකශයකින් අදහස් දක්වමින් ඔහු කළ ප්‍රකාශය මේ සබැදියෙන් නරඹන්න.
https://www.facebook.com/iusfsrilanka/videos/1260670514038179
https://www.facebook.com/iusfsrilanka/videos/1260689087369655