Posted on 11.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මහින්ද පාර්ශ්වය ලෙස කටයුතු කරන කණ්ඩායම සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවණයේදී එක්ව තරග කිරීමට එකගතා පළ වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ.
ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනමාධ්‍ය හමුවේ සඳහන් කර තිබිණි. වරින්වර ශ්‍රිලනිපය බෙදුනු නමුත් සැමවිට යළි එකතු වූ බව මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න සඳහන් කර තිබිණි. කෙසේවෙතත් වර්තමානයේදී ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේය.