Posted on 05.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හැටන්, කොටගල ප්‍රදේශයේදී අකුණුසැර වැදීම හේතුවෙන් වතු සේවකයන් 17 දෙනකු ඊයේ (23) රෝහල්ගත කර තිබේ.
අකුණු ගැසීමත් සමග ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම් සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනකු ඊයේ(23) දහවල් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා පවසා ඇත.
කොටගල ඩ්‍රෙටන් තේ වත්තේ වැඩ කරමින් සිටියදි ඊයේ උදැසන 10.30 ට පමණ එම වත්තේ සවි කර ඇති යකඩ කුළුණකට අකුණු සැර වැදී ඇත.
අකුණු සැර වැදිමත් සමග ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් එසේ තුවාල ලබා ඇතැයි දිස්ත්‍රික් වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා තිබේ.