අගමැති ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ නම් කර ඇතැයි එම පක්ෂ සභාපති කබීර් හෂිම් විසින් ද්‍රවිඩ ජාතික සංවිධානයට ලිඛිතව දැනුම් දී තිබේ.
අගමැති පත් කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සංවිධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළ කරමින් එහි මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සන් සහිතව නොවැම්බර් 29 වැනිදා ජනාධිපතිවරයාට යැවු ලිපියට ප්‍රතිචාර ලෙස කබීර් හෂිම් ඉහත ලිපිය යැවීමට තීරණය කර තිබේ.
එ.ජා.ප. සභාපතිවරයා මෙසේ දැනුම් දීමක් කර ඇත්තේ ද්‍රවිඩ ජාතික සංවිධානයේ නායක ආර්.සම්බන්ධන් වෙත ලිපියක් යවමිනි. ලිපියේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන වෙතද යොමු කර ඇත.