தமிழ்
English
Contact
Sunday 31st January 2021    
අගමැති මිය ගිය බවට ව්‍යාජ පුවත් ප්‍රචාරය කර ඇත්තේ කවුරුන්දැයි ඔත්තු සේවා අනාවරණය කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අගමැති මිය ගිය බවට ව්‍යාජ පුවත් ප්‍රචාරය කර ඇත්තේ කවුරුන්දැයි ඔත්තු සේවා අනාවරණය කරයි!



සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ අසත්‍ය පුවතක් අනුව, අගමැති මහින්ද රාජපක්ෂ මිය ගිය බවට ප්‍රචාරයක් ගෙනයාමට සම්බන්ධ වී ඇත්තේ ආණ්ඩුවේම ප්‍රබලයකුගේ සහායකයන් පිරිසක් බව Leader වෙබ් අඩවිය වාර්තා කරයි.

රජයේ ඔත්තු සේවා විසින් මේ සම්බන්ධ අනාවරණයකර ගෙන ඇතත් ජනාධිපතිවරයාට මේ සම්බන්ධ වාර්තාකර නැති බව එම වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ ම කණ්ඩායමක් විසින් සිදුකර ඇති මෙම ප්‍රචාරය සඳහා විදේශයක සිටින පිරිසක් හා දුරකථන අංක 4ක් යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙන බවද පැවසේ. එම වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට මෙම සිදුවීමට අදාළව අනාවරණය කරගත් තොරතුරු සහිත වාර්තාව ජනාධිපතිවරයාට යොමුකිරීමට විමර්ශනය සිදු කළ ඔත්තු සේවා අංශ ප්‍රධානින් මැලිවන්නේ එම පුද්ගලයන් ඉහළම දේශපාලනඥයකුගේ ගෝලයින් වීම නිසා යයි Leader වෙබ් අඩවිය විසින් තම ආරංචිමාර්ග උපුටා දක්වමින් පවසයි.

තරාතිරම කුමක් වුවද, පක්ෂපාතිත්වය කුමක් වුවද විවිධ පුද්ගලයන් සමග දේශපාලන විරුද්ධවාදිත්වයක් තිබියදී වුවද පදනම් සහගත කරුණු අනුව කෙරෙන විවේචනයන් තුළින් මිස මෙවැනි පහත් කටයුතු අනුමත කිිරීමට කිසිසේත්ම නොහැකිය.