අගුණකොලපැළැස්ස විශේෂිත බන්ධනාගාරයේ රැදවියන් 100ක් පමණ එහි කුළුණක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇත.
‘බන්ධනාගාර පාලනයට STF එපා! යන්න ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමකි. පසුගියදා බන්ධනාගාර බලධාරිහු සහ ආණ්ඩුව බන්ධනාගාර පාලනයට විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීන්දුවක් ගත් අතර අගුණකොලපැළැස්ස බන්ධනාගාරයේ නිලධාරින් හා භටයන් සිරකරුවන් පරික්ෂාවක් ආරම්භ කිරීම නිසා මෙම විරෝධතාව ආරම්භ කර ඇත. මෑතකදී වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් විරෝධතා ආරම්භ කළ පසුව ඔවුන් තදින් ප්‍රහාරයකට ලක් කොට පසුව අගුණකොළපැළැස්ස බන්ධනාගාරයට මාරුකරන ලදී.
අගුණකොලපැළැස්ස බන්ධනාගාරය චිවයිනේ ඇති ජාත්‍යන්තර ප්‍රමිතියට ආරම්භ කළ පළමුවැනි බන්ධනාගාරය බව ආණ්ඩුව පවසයි. කෙසේවෙතත් බන්ධනාගාර ආරක්ෂක සේවා වෙනුවට යුද බිම්වල විශේෂ ආරක්ෂක මෙහෙයුම් සදහා සන්නද්ධ පුහුණුව ලද භටයන් යෙදවීමෙන් එම අන්තර්ජාතාක ප්‍රමිතිය විනාශ නොවේද යන්න ඇතැම් නිලධාරින්ගේ විරෝධයට හේතු වි ඇත.