Posted on 10.26.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) අගෝස්තු 3 විරෝධතාවට සහභාගි වීම නිසා අත්අඩංගුවට ගත් පස්දෙනා යළි නොවැම්බර් 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගකර ඇත.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා මෙසේ යලි රිමාන්ඩ් භාරයට පත් කළවුන් අතර අගොස්තු 3 වැනිදා පොදු දේපළ වලට හානිකළ බවට චෝදනා ලැබු චමීර කොස්වත්ත, කෝෂිලා හංසමාලි, වසන්ත මුදලිගේ, හේෂාන් හර්ෂණ, අමිල සන්දීප යන අයයි.
මෙයින් පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත සහ සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි පොලිසිය නගන චෝදනා වලට සාක්ෂි නොමැතිව අත්අඩංගුවේ තබා ගෙන සිටී. කෝෂිලා හංසමාලිගේ නම පොලිසිය විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් නොවීමේ තත්වයක්ද තිබේ. ඒ සියලු කාරණා සලකා බලමින් පොලිසියේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරමින් නීතිඥවරු කරුණු දක්වා තිබුණු අතර ඔවුන් අප මත මුදාහැරීමට සලකා බැලීමද මහෙස්ත්‍රාත් මංජුල රත්නායක විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මීට අමතරව අදාළ විරෝධතාව සංවිධානය කළ ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ ශිෂ්‍ය නායකයන් ලෙස අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ සිදුකළ බව කියන පොදු දේපල අලාභය රු. 179,000ක් බව පොලිසිය පවසා ඇති නමුත් ඒ මුදලට අදාළ අලාභය ගණනය කළ ආකාරය ඔප්පු කිරීමට පොලිසියට නොහැකි තත්වයක් පවතී.
මේ අන්දමට මෙම අත්අඩංගුවේ තබා ගැනීම දේශපාලන පලිගැනීමක් බවට කරුනු තහවුරු වෙමින් තිබේ. විශේෂයෙන්ම තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ දුරකතනයෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අමතා තර්ජනය කළ බවද අනාවරණය වී ඇත.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා මේ සම්බන්ධ අනුගමනය කරණ පිළිවෙතද නීති ක්ෂේත්රයේ අවධානයට ලක්ව ඇත. අවස්ථා දෙකකදී මෙම නඩුවේ කැඳවීම් දිනවල මහෙස්ත්‍රාත්වරයා නිවාඩ් දමා තිබීම නිසා අත්අඩංගුවට ගෙන සිටින පස්දෙනාට අමතර කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන්නට සිදුව ඇත.
මෙම කාලය තුළ කොරෝනා වසංගතයට ගොදුරු කරවීම සඳහා අධික රැඳවියන් ඒකරාශිකර තැබීම හා ප්‍රතිකාර ප්‍රමාද කිරීම ආදි තත්වයන් නීතිඥයන්ගේ ප්‍රශ්න කිරීමට ලක් විය.