Posted on 11.03.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අජිත් නිවාඩ් කබ්රාල්ව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයට පත්කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබුණු පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය.
සෝහිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මූලික විරෝධතා දක්වමින් සඳහන් කර තිබුණේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35 වන වගන්තිය ප්‍රකාරව එම පත්වීම අභියෝගයට ලක් කළ නොහැකි බවයි.
සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ මූලික විරෝධතා අධිකරණය පිළිගන්නා බවත් ඒ අනුව බැලූ බැල්මට නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති හෙයින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බවත් ය.
මෙම පෙත්සම ගොනුකර තිබුණේ හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.