தமிழ்
English
Contact
Saturday 29th May 2021    
අත්‍යවශ්‍ය සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන්ට එන්නත් දීමේ සැලසුමක් සකස් කරනවා - නාමල් රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අත්‍යවශ්‍ය සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන්ට එන්නත් දීමේ සැලසුමක් සකස් කරනවා – නාමල් රාජපක්ෂ



දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාව අනුව රට පුරා විසිරී සිටින ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට එන්නත් දීමේ සැලැස්ම සතියක කාලයක් තුළ දැනුම් දීමට බලාපොරොත්තු වන බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.

ක්ෂේත්‍ර නිලධාරීන් හා අත්‍යවශ්‍ය සේවා නියෝජනය වන නිලධාරීන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ කොවිඩ් කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු එන්නත්කරණ රාජ්‍ය ව්‍යුහයේ නියෝජිතයන් සමඟ පෙරේදා (27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව පවසා ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, අගමැති ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනකුගේ සහයෝගය ඇතිව අදාළ සැලැස්ම සකස් කර දිය හැකි බවද ඇමැති නාමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කර ඇත.

එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් තීන්දු තීරණ ගැනීම දිගින් දිගටම දක්නට ලැබෙන තත්ත්වයක් වී තිබේ. එන්නත ලබාදෙන්නා වූ දින වකවානු වල සිට එන්නත හිමිවිය යුත්තේ කාටද යන්න තීරණය කරමින් සිටින්නේ දේශපාලනඥයන් විසිනි. පසුගියදා ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් එන්නත් ලබාදීම සඳහා ටෝකන් ලබාදීමින් ඔවුන්ට පමණක් එන්නත ලබාදිය යුතු බවට වෛද්‍යවරුන්ට තර්ජනය කිරීමේ සිද්ධියක්ද වාර්තා වීම මෙයට හොඳම උදාහරණයකි.