Posted on 11.21.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ අවශ්‍යතාව අනුව වැඩකරන බවට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර කළ ප්‍රකාශය නිසා අද(21) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් විපක්ෂයට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භයේදීම මෙසේ උණුසුම් තත්වයක් ඇතිවිය. කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමේදී එන්නතක් සම්බන්ධයෙන් පක්ෂය ප්‍රශ්න කළ අවස්ථාවේ ඒයට බාධා කරමින් ප්‍රශ්න 8ක් පමණක් ඇසීමට සීමා කර ඇති බව දැනුම් දෙන ලදී. විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම මේ සීඹාව සම්බන්ධයෙන් විරෝධය මතු කළ විට සභා නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ කථානායකවරයාගේ තීන්දුවට ගරු කළ යුතු බවකි.
ඒ අවස්ථාවේ නැගී සිටි රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිවරයා පැවසුවේ ඊට එකඟ විය නොහැකි බවය. “තමුන්නාන්සේට ඕන ආකාරයේ තීන්දු දෙන්න බෑ. කරුණාකරලා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරන්න. පාර්ලිමේන්තුවේ රීති තියෙනවා. ස්ථාවර නියෝග තියෙනවා. ඒ නිසා ඔබතුමාට ඕන විදියට කටයුතු කරන්න බෑ. දැන් ඔබතුමා නාමල් රාජපක්ෂ කියන විදියට වැඩකරන්නේ. ඒක ඔබතුමාගේ ප්‍රතිරූපයට හානියක්”
එහිදී වහාම පිළිතුරු දුන් කථානායකවරයා කියා සිටියේ තමන් දී ඇති තීන්දුව අවසන් තීන්දුව මෙන්ම එය වෙනස් කළ නොහැකි බවය.