වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයේදී ඡන්දය දීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් 14 දෙනකුගෙන් නිදහසට කරුණු විමසීම සිදුවන බව වාර්තා වේ.
ඇමැතිවරුන් වන රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සහ සිරිනාල් ද මැල්, අබ්දුල්ලා මහරුෆ්, රන්ජන් රාමනායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න, චන්දිම ගමගේ, පියසේන ගමගේ, එස්.සී. රාධක්‍රිෂ්ණන් සහ ඉන්දික බණ්ඩාරනායක අයගෙන් මෙසේ නිදහසට කරුණු විමසීමට කටයුතු කරන බව පැවසේ.
එක්සත් ජාතික පෙරමුණ නව ආණ්ඩුව පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ වගකිවයුතු අමාත්‍යවරුන් ඇතුළු 14 දෙනකු නොපැමිණීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහගේ දැඩි අවධානය යොමු වී තිබේ. ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාට අනිවාර්යයෙන්ම එදින පැමිණෙන ලෙස දැනුම් දී තිබී ඇත.