Posted on 12.30.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලෙ ඊයේ(29) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර හෙට සිට පාසල් විදුහල්පතිවරුන් හරහා එම ප්‍රතිඵල විභාග අපේක්ෂක දරු දැරියන්ගේ දැනගැනීමට නිකුත් කෙරේ.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය අනුව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ පළමු , දෙවැනි, තෙවැනි ස්ථාන ලබාගත් ශිෂ්‍ය දරු දැරියන්ගේ තොරතුරු ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
එම ඉහළ මට්ටමේ ප්‍රතිඵල මෙසේය.
ජීව විද්‍යා
ප්‍රථම ස්ථානය – ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුද්‍රා රාජපක්ෂ
දෙවැනි ස්ථානය – කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ
තෙවැනි ස්ථානය – මාතලේසහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම්
භෞතික විද්‍යාව
ප්‍රථම ස්ථානය – කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන
දෙවැනි ස්ථානය – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ
තෙවැනි ස්ථානය – කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර
වාණිජ
ප්‍රථම ස්ථානය – කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න
දෙවැනි ස්ථානය – ගම්පහරත්නාවලි බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර
තෙවැනි ස්ථානය – කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න
කලා
ප්‍රථම ස්ථානය – පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස්
දෙවැනි ස්ථානය – කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ
තෙවැනි ස්ථානය – මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි පිටිගල
ඉංජිනේරු තාක්ෂණය
ප්‍රථම ස්ථානය – කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න
දෙවැනි ස්ථානය – කොළඹ ආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන්
තෙවැනි ස්ථානය – නිකවැරටියමහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන්
ජෛව පද්ධති තාක්ෂණවේදය
ප්‍රථම ස්ථානය – කඹුරුපිටියනාරන්දෙණිය විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි
දෙවැනි ස්ථානය – කල්මුණේ සමන්තුරෙයි විද්‍යාලයේ රිෂා මොහොමඩ්තෙ
වැනි ස්ථානය – හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ක ලක්මාල්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන http://www.doenets.lk/exam/ වෙබ් අඩවිය ඔස්සේ මේ වන විට ප්‍රතිඵල ලබා ගත හැකිය.