Posted on 02.06.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන ලෙස අපේ අධ්‍යාපනය සකස් වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි
රැකියා වෙළඳපොළට ගැලපෙන උපාධිධාරියෙකු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත් අතපසු නොකළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබුණි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මොහාන් ලාල් ග්‍රේරු විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙඳපොළ අතර ඇති නොගැලපීම’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ රැකියා වෙළෙඳපොළට ගැළපෙන ලෙස අධ්‍යාපන පද්ධතියේ සැලසුම් සහ ප්‍රතිපත්ති වෙනස්විය යුතු බවට වන යෝජනාව දිගුකාලයක සිට නැගෙන්නක් වුවත් එම ගැටලුවට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැති බව සඳහන් කර තිබේ.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ” අපේ දරුවන්ගෙන විශ්ව විද්‍යාලයට යන අය තමන්ගේ අයිතීන් ඉල්ලලා හැමදාම පාරේ උද්ඝෝෂණය කරනවා. උපාධිධාරීන් රැකියා ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. රැකියාවලට අවශ්‍ය විදිහට අධ්‍යාපනය ලබා දී නැත්තම් වරද කාගේද? කගේ වරද වුනත් වැඩේ කෙරෙන්නේ නැහැ. නමුත් මේ රටේ මේ මහ පාරට ඇවිල්ලා කෑගහන රැකියා නැති උපාධිධාරීන් මේ ක්‍රමය වෙනස් කරන්න, අධ්‍යාපන පාඨමාලා වෙනස් කරන්න, විෂය නිර්දේශ වෙනස් කරන්න, කුසලතා නිපුණතා සඳහා සුදුසු වෘත්තීය අධ්‍යාපනයට රැකියා වෙළඳපොළට අවශ්‍ය දැනුම වෙළෙඳපොළට ජාතික හා අන්තර්ජාතික දැනුම වෙළෙඳපොළට අවශ්‍ය විදියට උපාධිය හදන්නයි කියලා කී දෙනෙක් පෙළපාලි ගිහින් තියෙනවද?”
මෛත්‍රීපාල සිරිසේන සිතනවා ඇත්තේ අධ්‍යාපනය යනු ශ්‍රමිකයන් පුහුණු කිරීම බවයි. නමුත් අධ්‍යාපනය සම්බන්ධ ලෝකය පිළිගත් මතය වන්නේ අධ්‍යාපනය හරහා පරිපූර්ණ මිනිසෙකු බිහිකළ යුතු බවයි. නමුත් මෛත්‍රීපාලලාට අවශ්‍යව ඇත්තේ සිතන පතන මිනිසෙකු බිහිකර ගැනීම නොව ඔවුන්ගේ විවිධ ආර්ථික ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් නිපදවා ගැනීම බවට සැක නැත.