தமிழ்
English
Contact
Saturday 4th May 2019    
2018 චක්‍ර ලේඛය අහෝසි කර ඇත්තේ නමට පමණයි - මුදල් අයකිරීම දිගටම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2018 චක්‍ර ලේඛය අහෝසි කර ඇත්තේ නමට පමණයි – මුදල් අයකිරීම දිගටම



පාසල් අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පටවන 26/2018 පාසල්වල මුදල් අයකිරීමේ චක්‍රලේඛය අහෝසි කරන ලද පැවසුවත් එම චක්‍රලේඛය යටතේ සැලසුම් කළ ආකාරයෙන් පාසල්වල මුදල් අයකිරීම සිදුවන බව වාර්තා වේ.

ආණ්ඩුව මේ වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ 26/2018 “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ චක්‍රලේඛය” අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුගියදා නියෝග කර තිබුණි.

නමුත් මේ වනවිටත් පාසල්වල පිහිටුවන ලද අධ්‍යාපන සංවර්ධන විධායක කමිටු හරහා පාසල් දරුවන්ගෙන් මුදල් අයකිරීම සිදුවන බව වාර්තා වේ. මාර්තු මස රැස්වූ පාසල් සංවර්ධන සමිතිවලදී මෙම චක්‍රලේඛය අහෝසි කර ඇති බව දෙමව්පියන්ට දැනුම් දී නොමැත.

ඒ අනුව ආණ්ඩුව 26/2018 චක්‍රලේඛය අහෝසි කරන බව පැවසුවද පාසල් දරුවන්ගෙන් මුදල් අයකිරීම සිදුවන බව දෙමව්පියන් චෝදනා කරති.

මෙම චක්‍රලේඛය මගින් මින් පෙර පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ සියලු චක්‍රලේඛ අවලංගු කරමින් පාසලට අවශ්‍ය වියදම් සපයාගැනීම හා පාසලේ අවශ්‍යතා සපුරාගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරින් කටයුතු සැලසුම් කර තිබුණි.

ආණ්ඩුවට මෙම චක්‍රලේඛය අහෝසි කිරීමට සිදුවූවේ මෙම චක්‍රලේඛයද ඇතුළුව පාසල්වල මුදල් අයකිරීමට එරෙහිව ශිෂ්‍ය සංවිධාන ගෙනගිය අඛණ්ඩ අරගලයක ප්‍රථිපලයක් වශයෙනි.