විභාග පැවැත්වීම අධ්‍යාපන ක්‍රියාවලියේ ඇගයීම් ක්‍රියාමාර්ගයක් බැවින් එය වෙනස් කිරීමට හෝ විශාල කාර්යමණ්ඩලයක් යටතේ සිදුවන ක්‍රියාදාමයක් එකවර වෙනස් කිරීම ඇමතිවරයාට හිතෙන ආකාරයට කළ නොහැකි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග විෂයන් 6කට අඩු කිරීමටත් එම විභාගය සමග උසස් පෙළ විභාග වසරේ දෙසැම්බර් මාසය දක්වා වෙනස් කිරීමටත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් විසින් ගන්නට යන වෑයම සම්බන්ධ අදහස් දක්වමිනි. අධ්‍යාපන ඇමතිවරයා ඔක්තෝබර් 13 වැනිදා තලාතුඔය මධ්‍ය මහ විදුහලේ පැවති 134 වැනි කන්නංගර ජන්ම දින උලෙලට සහභාගි වෙමින් පැවසුවේ ප්‍රධාන විභාග දෙකක් සදහා පාසල් යොදාගැනීමේදී සිසුන්ට සිදුවන අපහසුතා වළක්වන්නට මෙවැනි පියවරක් ගන්නා බවය.
මේ සම්බන්ධයෙන් ‘ලංකාවීව්ස්’ කළ විමසුමකදී ලංකා ගුරුසංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ අධ්‍යාපන ඇමතිවරයකු පත්වන්නේ වසර 5ක වැඩ කරන්නට වුවුද විභාග යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට හා ජීවිතයට වැදගත් අවස්ථාවකි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට වසරකට ශිෂ්‍ය අපේක්ෂක අපේකිෂිකාවන් ලක්ෂ 7ක් පමණ පෙනී සිටින බවත් උසස් පෙළ සදහා ලක්ෂ 3ක් පමණ පෙනී සිටින බවත් පැවසූ ඔහු ලක්ෂ 10ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකවර විභාග පැවැත්වීම සරල කාරණයක් නොවන බව පෙන්වා දෙයි. එසේම විභාග සදහා දැනට පවතින විෂයමාලා වෙනස් කිරීම හිතුමතයේ කළ නොහැකි බවද ඒ සදහා ඇමතිවරයා තනි තීරණ නොගෙන අධ්‍යාපනඥයන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් සමග කරන පුලුල් සංවාදයකින් එවැනි තීරණයකට එළඹිය යුතු බව අවධාරණය කරයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ කිසිදු විද්‍යාත්මක ඇගයීමකින් තොරව විභාග වෙනස් කරනවාට වඩා පවතින අධ්‍යාපන ක්‍රමය කාලීන වශයෙන් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සහ විශේෂයෙන් අධ්‍යාපනයට ප්‍රතිපාදන ඉහළ දැමීම සම්බන්ධ තීරණ ගැනීමට අධයාපන ඇමතිවරයා මැදිහත් වියයුතු බවය. එවැනි වගකීමකින් මැදිහත් නොවී වරින්වර කැමති කැමිතඅ ාකාරයට කරන වෙනස්කම් නිසා අවසානයේ පාසල්, ගුරුවරු, හිෂ්‍යයන් හා මව්පියන් ගැටලු රාශියකට මුහුණ දෙන බවද ඔහු චෝදනා කරයි.